Showing posts with label Press. Show all posts
Showing posts with label Press. Show all posts

සිංහල හින්දු අලුත් අවුරුද්ද සමය තුළ සටන අඛණ්ඩව... -2017.04.12 දින පැවැති මාධ්‍ය හමුවේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැ`දවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්


මේ රටේ අවුරුදු සමරන දවස් දෙකක් තමයි අපේ‍්‍රල් 13-14 කියන්නෙ. මේ කාලයේ රැුකියාවල  නිරතවෙලා ඉන්න බොහෝ දෙනා නිවෙස් බලා යන දවස් අවුරුදු සමරන්න. ඒ වගේම මේ රටේ පාලකයෝ උත්සවශ‍්‍රීයෙන් අවුරුදු සමරන්න කාලය වෙන්කරනවා මේ දවස් වලදී. හෙට අනිද්දා ඉ`දන් සතියක් විතර යනකම් මේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා එන අවුරුදු උත්සව තමයි අපිට මාධ්‍ය හරහා දකින්න ලැබෙන්නෙ.

අවුරුදු දවසේ ජනාධිපතිවරයා තමන්ගෙ ත්‍ගදරට ගිහින් අවුරුදු කනවා.

හැබැයි මේ රටේ විශ‍්‍රාම වැටුප් කපලා තියෙන්නෙ. අපි දැක්කා මෑන් පවර් සේවයට එරෙහිව කම්කරුවෝ අරගල කරනවා. ශිෂ්‍යයෝ අද මහපාරේ. පාලකයෝ මේ ගැන කිසි වගක් නැතිව අවුරුදු සමරනවා.
මේ රටේ මිනිස්සුන්ට, සටන් කරන බලවේගවලට මේ පාලකයන් කියන අවුරුදු තියනවද?
මේ ආණ්ඩුව එදා ජනවාරි අට පත්වෙද්දී කිව්වා මේ රටේ මිනිස්සුන්ට සෞභාග්‍යය උදාකරනවා ප‍්‍රජාතන්ථ‍්‍රවාදය දෙනවා කියලා.

අද මොකද වෙලා තියෙන්නෙ. 2017 ජනවාරි ඉ`දන් අපේ‍්‍රල් වෙනකම් මේ රටේ උද්ඝෝෂණ කීයක් වුණාද? ඒවායින් කීයකට ආණ්ඩුව පහර දුන්නාද? මේ හරහා ඉස්මතු වුණු ප‍්‍රශ්න එකක්වත් මේ රටේ පාලකයෝ විස`දුවද?මේ රටේ මිනිස්සුන්ගෙන් බලය ගත්තු ආණ්ඩුව මේ එක ප‍්‍රශ්නයක්වත් විස`දුවද?

මාලඹේ සයිටම් හොර උපාධි කඩය කියල කියන්නෙ මේ වෙද්දි බොහෝ දෙනා මත පළකරන, තමන්ගෙ ස්ථාවරයන් කියන, ඒ වගේම බොහෝ දෙනෙක් මාලඹේ සයිටම් ආයතනයට විරුද්ධව අධ්‍යාපනය සෞඛ්‍යය විකිණීමට එරෙහිව පාරට බැහැල ඉන්න වෙලාවක්.

මේ ප‍්‍රශ්නය අදාළ කර නොගනිමින් සටන් කරපු බලවේග කිසිවෙක් නොකියපු යෝජනා 4ක් එළියට දාල ආණ්ඩුව කියනවා මේවා පිළිගන්න කියලා.අපි දැක්කා රාජිත සේනාාරත්න ඇමතිවරයා, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා නැවතත් තමන්ගේ සුපුරුදු භූමිකාවට ඇවිල්ලා තියෙනවා.  ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතයි කියන යෝජනා 4ක් ඉදිරිපත් කළා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරියගේ අත්සනින් යුතු මේ යෝජනා නිකුත් කළා. ඊට පහුවෙනිදා රාජිත ඇමතිවරයා කියනවා මේවා කිිරිඇල්ල ඇමතිවරයා ඉදිරිපත් කළාට ජනාධිපතිත් අනුමත කරපු යෝජනා, එනිසා මේවා තමයි රජයේ ස්ථාවරයන් කියලා.
ප‍්‍රශ්නය තියෙන්නේ මේ ලියුමට අනුව පළමු කාරණය සලකලා බැලූවම වෛද්‍ය උපාධිය පිරිනමල තියෙන්නෙ සායනික පුහුණුව නොමැති පිරිසකට කියල ආණ්ඩුවෙන් යවන ලියුමෙම තියනවා. මේකෙ තියෙන්නෙ එම්.බී.බී.එස්. උපාධිය අවසන් වසර සමත්වෙච්ච අයට මාසෙක සායනික පුහුණුවක් දෙන්න කියලයි.
ඊළ`ගට හතරවෙනි යෝජනාව තියෙන්නෙ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරගන්නයි. ඒක දිගටම ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා කියලයි.
දැන් කාගෙද මේ ඉල්ලීම? පහුගිය කාලයක් තිස්සේ කෑ ගහපු සටන් කරපු හිරේ ගියපු මර්දනයට ලක්වෙච්ච මොන බලවේගයද කිව්වෙ මේවා කරන්න කියලා?
ප‍්‍රශ්නය තිබුණේ මේක ශික්ෂණ රෝහලක් නොවෙයි. ජනාධිපතිවරයා හිටපු සෞඛ්‍යය ඇමති විදියට මේ කාරණය හො`දින්ම දන්නවා. ආණ්ඩුව මෙයට ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන්න අවසර දුන්නෙ නෑ රජයෙන්.
එහෙනම් මේ කාගෙ ඉල්ලීම් ද ඉටු කරන්නෙ?

ජනාධිපතිවරයා අපිට දුන් සාකච්ඡුාවේ දී කිව්වේ සියලූ පාර්ශව එක්ක සාකච්ඡුා කරලා මේකට විසදුම් දෙනවා කියලයි. දැන් මේ යෝජනාවල කාගෙ ඉල්ලීම් ද ඉටු කරන්න යන්නෙ. මෙතන යෝජනාවල තියෙන්නේ සයිටම් ආයතනයේ ඉල්ලීම් පමණයි. සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න රාජිත සේනාරත්න ඇමතිවරයා කරපු යෝජනා, ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයා පෙනී ඉන්න පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්ෂපාතී යෝජනා තමයි මේ තියෙන්නෙ.
අපිට කියනවා මේවා පිළිගන්න කියලා.
මේවා පිළිගන්නෙ නැති නිසා අපිට තර්ජනය කරන්න කරන්න පටන් අරන් තියනවා. නැවත වතාවක් මේ අය වියරු වැටිලා ඉන්නෙ.
අපි දන්නවා මේ අයට දැන් ගොඩාක් රිදිල තියෙන්නෙ. මොකද මෙයාල හිතන් ඉන්නෙ එයාල කියන කියන එක මේ රටේ මිනිස්සු අහන්න  ඕනෑ කියල.

සටන් කරන බලවේග සටන් කරන්න  ඕනෑ මේ අය කියන වෙලාවට. එනිසා තමයි රනිල් වික‍්‍රමසිංහ එක වෙලාවක මිනිස්සු ගෙනත් ලිප්ටන් වටරවුම වහන්නෙ. එයාලට  ඕනෑ වෙලාවට මිනිස්සු එන්න  ඕනෑ.
දැන් අපිට කියනවා සටන් කරන්න එපා එයාලගේ යෝජනාවලට එක`ගවෙන්න කියලා. ඒකට බලවේග එක`ග නොවුණාම මේ අයට වියරු වැටුණා. ඒක අපිට තේරුම් ගන්න පු`එවන්. මෙතුමන්ලගෙ ප‍්‍රතිපත්තිය බැලූවම මේක පුදුම වෙන්න කාරණයක් නොවෙයි.

දැන් එකපාරට කියවන්න පටන් අරන් තියනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බනිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේක කරන්නේ, මේක දේශපාලන වුවමනාවක්. ඔව් නිශ්චිතවම මේක දේශපාලන වුවමනාවක්. මේක ජනතාවගේ දේශපාලන වුවමනාවක්. අපි පැහැදිලිව කියනවා මෙතන දේශපාලන ප‍්‍රශ්නයක් තියෙන්නෙ. කිරිඇල්ල මහත්තයා දැන් හැම එකටම කියනවා අධිකරණය අධිකරණය අධිකරණය කියලා. එතුමාගේ ගෙදර ප‍්‍රශ්න වලටත් දැන් අධිකරණ තීන්දු දෙනවා. එතුමගෙන් ඇහුවොත් ඔබතුමාගෙ ගෙදර ප‍්‍රශ්නයක් ද කියලා ‘අධිකරණ තීන්දුවක් තියනවා’ එහෙම තමයි එතුමා කියන්නෙ.  ඕනෑ එකකට කියන්නෙ අධිකරණ තීන්දුවක් තියෙනවා කියලා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේ අධිකරණ තීන්දුව දුන්නෙ නැ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දුන්නෙ නෑ සෞඛ්‍යය අමාත්‍යාංශයට. මේකෙ තියෙන්නෙ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට දීපු තීන්දුවක්. ඒ තීන්දුවට එරෙහිව දැන් වෛද්‍ය සභාව ශ්‍රේෂඨාධිකරණයට ගිහින් තියෙනවා තීන්දුව අභියෝගයට ලක්කරමින්. වෛද්‍ය සභාවට ගන්න පු`එවන් නීතිමය පියවර අරන් තියෙනවා. දැන් මේකට ඇයි මේ රාජිත සේනාරත්න මහත්මයා කලබල වෙලා තියෙන්නේ? දැන් තර්ජනය කරනවා වෛද්‍ය සභාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඬේ කරන්නේ කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පහුගිය 7 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනය කරපු එකත් එක්ක තමයි දැන් මේ සයිටම් ප‍්‍රශ්නය වෙනුවට මෙයාල වෛද්‍යවරුන්ට බනිනවා ඇති වෙනකම්. එතකොට සයිටම් ප‍්‍රශ්නෙට මොකද වෙලා තියෙන්නෙ.

අපි කියනවා මේ ආණ්ඩුවට මේ ආණ්ඩුව හදන්න දායකවෙච්ච ආණ්ඩුවේ නියෝජිතයන්ට ඉස්සරහට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විතරක් නොවෙයි අනෙකුත් වෘත්තීය සමිති එකතුවෙලා වැඩ වර්ජන කි‍්‍රයාවලියට ගියාට පස්සේ එයාලට වෙන මුකුත් කරන්න වෙන්නෙ නෑ. මේ එක එක සංගමය අරගෙන ඒ සංගමය මේ දේශපාලනය කරන්නේ, ඒ සංගමය ඉතිහාසයේ හිටියෙ මෙහෙම, පටන්ගන්න කාලෙ මෙයා හිටියෙ එතන, දැන් එයා ඉන්නෙ මෙතන, අරගොල්ලො මෙහෙමයි කරන්නෙ, මේගොල්ලො මෙහෙමයි කරන්නෙ මේක කියව කියව තමයි ඉන්න වෙන්නෙ. වැඩක් කරන්න වෙන්නෙ නෑ මේ ඇමතිලාට. මොකද මේ වෘත්තීය සමිති තීරණය කරලා ඉවරයි මේ අවුරුද්දෙන් පස්සෙ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට යන්න. එහෙනම් දැන් වෛද්‍යවරුන්ගේ හෝ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රශ්නයක් විතරක් නොවෙයි. මේක දැන් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නයක්. එනිසා ආණ්ඩුව දැන් මේ බොරු ගෙනල්ලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බැන බැන මේ ප‍්‍රශ්නෙ වෙන පැත්තකට ගෙනියන්න හදන්න එපා. ඒක තේරුමක් ඇති වැඩක් නොවෙයි. මිනිස්සු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හරි සටන් කරන බලවේගවගට හරි විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ නෑ. මොකද මිනිස්සු දැන් මේ ඇත්ත අවබෝධ කරන් ඉන්නෙ. මිනිස්සු ගම් 120ක උද්ඝෝෂණය කළා මේක එපා කියලා.
හැබැයි ආණ්ඩුව තාමත් නෙවිල් ප‍්‍රනාන්දුගෙ ඉල්ලීමට කන් දෙන්නෙ. නෙවිල් ප‍්‍රනාන්දුගෙ සල්ලි කුට්ටි තමයි මේ කෑගහන්නේ. අපි බොහොම නිශ්චිතව කියනවා මේ රාජිත සේනාරත්න පිටිපස්සෙ කෑගහන්නෙ තමන්ගෙ ලේලිට වෛද්‍ය උපාධිය අරන්දෙන්න තියෙන වුවමනාවටත් වඩා අර සමීර සේනාරත්නලගෙන් එන සල්ලි කුට්ටි.

 දැන් අපි අහනවා රාජිත සේනාරතනට ප‍්‍රශ්නයක් නැද්ද, ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයට ප‍්‍රශ්නයක් නැද්ද එතුමන්ලා බොහොම වැ`ද පුදාගෙන සලකන මේ උත්තරීතරයි කියපු නීතිය ඉතාම ලැජ්ජා සහගත තත්ත්වෙකට පත්කරානෙ අර සමීර සේනාරත්න මහත්මයා. වෙඩි තියාගත්තා. ඒක රංගනයක් කියලා පොලිසිය ගිහින් උසාවියට කිව්වා. දැන් උසාවියට මුකුත් කරගන්න බැරුව ඉන්නෙ. මේ රටේ නීතියට මුකුත් කරගන්න බැරුව ඉන්නෙ. අපි අහනවා අනේ දෙයියනේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයාට කණගාටුවක් හිතේ දුකක් නැද්ද අර එතුමා ඉතාම උත්තරීතරයි කියල සලකන අධිකරණය, එතුමගේ ගෙදර ප‍්‍රශ්නවලටත් කියන අධිකරණ තීන්දුව පිළිබ`ද ප‍්‍රශ්නය දැන් මේ අධිකරණය හෑල්ලූවට ලක්වෙද්දී පේන්නේ නැද්ද? නෑ ඒක පිටිපස්සේ අධිනකරණය හෑල්ලූවට ලක් වුණත් කමක් නෑ සමීර සේනාරත්නගෙන එන කුට්ටිය එනවනෙ මෙතුමන්ලට. ලක්ෂ්මන් කිරිඇල්ලලට මේ කුට්ටිය එනවා.

වෙන බලයක් නොවෙයි මේ කෑගහන්නෙ. සල්ලි බලය තමයි මේ කෑගහන්නෙ. මෛතී‍්‍රපාල සිරිසේනලා ඇයි සද්ද නැතිව ඉන්නෙ? රනිල් වික‍්‍රමසිංහලා ඇයි සද්ද නැතිව ඉන්නෙ? මේ වගේ මහා පරිමාණ ව්‍යාපාරිකයො තමයි මෙතුමන්ලගේ දේශපාලන ව්‍යාපාරවලට බලය පවට පත්වෙලා තියෙන්නේ පිටිපස්සෙන්. එනිසා නටන්න වෙනවා මේ පදේට. අරෙහෙන් අයි.එම්.එෆ්. එකෙන් ගේන කොන්දේසි වගේ තමයි මේ රටේ ඉන්න ව්‍යාපාරිකයොත් එවැනි කොන්දේසි යටතේ තමයි මේගොල්ලන්ට උදව් කරන්නෙ. ඒ කොන්දේසි තමයි ඔය රකින්නෙ.

ජනවාරි 8 වෙනිදාට කලින් මේ රටේ ජනාධිපතිවරයා ගත්ත පළවෙනි මාධ්‍ය සාකච්ඡුාවෙදී මොනවද මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා කියලා ඔබට මතක ඇති. මේ රටේ මිනිස්සුන්ට මට සේවය කරන්න තිබුණ අවස්ථා මට නැති කරා. අ`ඩ අ`ඩ කිව්වේ. නැවත නැවත මතක් කරලා බලන්න. මහවැලි ඇමතිකම නැතිවෙච්ච එක ගැන අ`ඩ අ`ඩා කිව්වේ. එතුමා ගෙනාපු ඖෂධ පනත හැංගුවා කියලා අ`ඩ අ`ඩා කිව්වෙ.

අපි අහනවා දැන් ඇෙ`ඩන්නැද්ද? අර කිංස්වුඞ් විද්‍යාලයේ ශිෂ්‍යයන්ට වෙච්ච අසාධාරණය දැක්කට පස්සේ ඇෙ`ඩන්නැද්ද? සිරිමල්වත්ත ඉස්කෝලෙ වහලෙ කඩන් වැටුණට පස්සෙ ඇෙ`ඩන්නෙ නැද්ද? වෛද්‍ය පීඨ හයක ශිෂ්‍යයො ඉන්නෙ දේශනවලින් ඉවත්වෙලා දින සියයකට වැඩියි ඇෙ`ඩන්නෙ නැද්ද? අට්ටාල හයක දින හාරසිය පණහ ඉක්මවන්න ළ`ග සත්‍යග‍්‍රහවල ශිෂ්‍යයෝ ඉන්නෙ. අවුරුදු සමයේ ගෙදර යන්නෙ නෑ. අම්ම තාත්තා බලන් ඉන්නවා දරුවො ගෙදර එනකන්. අම්මට තාත්තට සිද්ධ වෙලා තියෙනවා මාස ගාණකින් ගෙදර ආපු නැති තමන්ගෙ දරුව බලන්න අට්ටාලවලට එන්න. අපි අහනවා මේ රටේ ජනධිපතිවරයාගෙන් දැන් මේවට ඇෙ`ඩන්නෙ නැද්ද? මේවට ක`දු`එ එන්නැද්ද? මේවට හිත් උණු වෙන්නැද්ද?

අර ලක්ෂ්මන් කිරිඇල්ලලා රාජිත සේනාරත්නලා දැන් තර්ජනය කරනවා. බලාගමු කියලා. මේ වෙන මොකක්වත් නොවෙයි කියන්නෙ. අපි දන්නවා ධවල පති‍්‍රකාව ගෙනාපු වෙලාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න ඉතාම අමානුෂික මර්දනයක් ගෙනාපු රනිල් වික‍්‍රමසිංහගෙ ආණ්ඩුවක් මේ තියෙන්නේ. අර බටලන්දේ වධකාගාර පවත්වාගෙන ගිය යූ.එන්.පී. ආණ්ඩුවේ හිටපු රනිල් වික‍්‍රමසිංහලගේ ආණ්ඩුව තමයි මේ තියෙන්නේ.

මෛත‍්‍රීපාල සිරිසේනත් රූකඩයක් බවට පත්වෙලා දැන් ඉන්නෙ. මෛතී‍්‍රපාල සිරිසේනත් කරන දෙයක් නෑ. විධායක ජනාධිපතිකම අමුම අමු බොරුවක් වෙලානෙ තියෙන්නෙ දැන්. බලය පාවිච්චි කරන්නෙ මොකටද? එයා කියනවා අපට කිසිම බලයක් නෑ මේකට මුකුත් කරන්න. මට බලයක් නෑ කියලා කියනවා. බලය තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහ අතේ. අපි ඒක දන්නවා. එනිසා බොහොම නිශ්චිතයි මේ ප‍්‍රශ්නෙදි අපි කියනවා දැන් කිසිම නඩු තීන්දුවක් නැතිව තිබියදී රටට තවදුරටත් අමූලික බොරු කියමින් ඉන්නවා.

 ආණ්ඩුවට තව පණිවිඩයක් දෙනවා. දැන් ඔන්න ආයෙ බුද්ධි අංශ මහත්තුරු යනවා අපි ගෙවල්වල ගිහිල්ලද කියලා හොයලා බලන්න. අපි කවුරුත් ගෙවල්වල ගිහිල්ල නෑ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉස්සරහ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් තියනවා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය ඉස්සරහා අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් තියෙනවා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගලහ හන්දිය ඉස්සරහා අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් තියෙනවා, රාගම ශික්ෂණ රෝහල ඉදරිපිට අඛණඩ සත්‍යග‍්‍රහයක් ක‍්‍රියාත්මක වෙනවා, රජරට වෛද්‍ය පීඨය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කි‍්‍රයාත්මක වෙනවා, කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කි‍්‍රයාත්මක වෙනවා. මෙන්න මේ සත්‍යග‍්‍රහවල මේ ඉන්න සියලූ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් මේ අවුරුදු දවස් දෙක තුන ඇතුළත ඉන්නවා. එනසා බුද්ධි අංශ මහත්තුරු ගෙවල්වල යවන්න එපා. අට්ටාලවලට එවන්න අපි අවුරුදු කෑම දෙන්නම්. ඇමතිවරුන්ටත්  ඕන්නම් අපි කියනවා ඔය බලධාරීන්ටත්  ඕන්නම් එන්න මිනිස්සු ඉන්නෙ පාරෙ. අපි නිශ්චිතව කියනවා මේ අට්ටාල හයම, අඛණ්ඩ සත්‍යග‍්‍රහ හයම මේ අවුරුදු දවස්වලත් කිසි`දු වෙනසකින් තොරව මේ අවුරුදු සමයේත් අඛණ්ඩව කි‍්‍රයාත්මක වෙනවා.

ඒ වගේම තමයි  අපි 14 වෙනිදා අවුරුදු සමරන මේ රටේ නායකයො, මේ රටේ පාලකයෝ  ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා අය තමන්ගේ දරුවො එක්ක අවුරුදු සමරද්දී අපි එනවා කොළඹ විරෝධතාවක් ස`දහා. අවුරුදු කාලෙ මේ කාලකණ්ණි ඇවිල්ල මෙහෙම වැඩ කරනවා කියලා කියන්න ලෑස්ති වෙන්න  එපා. අපි කියනවා මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත කාලකණ්ණි කරන එකට එරෙහිව තමයි මේ සියලූ දේවල් කරන්නෙ.

එනිසා දැන් ආණ්ඩුව තීරණයක් ගත යුතු මොහොත ඇවිල්ලා තියෙන්නෙ. මේ ව්‍යාජ විස`දුම් ගේන්න එපා. වැඩක් වෙන්නෙ නෑ. නිකන් කාලෙ නාස්තිවෙන එක විතරයි වෙන්නෙ. නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල ගැන අපිට කතාවක් තිබ්බෙ නෑ. ඒක හොර රෝහලක්. ඒ ගැන නීතිමය කටයුතු කරන්න. ඔබතුමන්ලගේ උත්තරීතතර නීතිය යටතේ කටයුතු කරන්න. ඇයි බැරි? එනිසා බොහොම නිශ්චිතයි මේ අවුරුදු කාලසීමාව ඇතුළත කිසිම වෙනසක් මේ අට්ටාලවල වෙන්නෙ නැ. සටන් ක‍්‍රියාමාර්ගවල වෙනසක් සිදු වෙන්නෙ නෑ. ආණ්ඩුවට අපි නැවතත් කියනවා. අපි එදත් කිව්වා ආණ්ඩුව හො`දට මේ පාර අවුරුදු කන්න. හො`දට කැවුම් කොකිස් කන්න. හො`දට කිරි දාලා හදලා කට්ට සම්බල් එක්ක කිරිබත් කන්න. හැබැයි අවුරුද්දෙන් පස්සේ සෑහෙන දේවල් සිද්ධ වෙයි. එදාට අපි කියනවා මේ රටේ ජනාධිපතිවරයාට අපි ගැන, මේ රටේ මිනිස්සු ගැන ක`ද`එ ආවෙ නැතිවුණාට එදාට ක`දු`එ එන වැඩ වෙයි. මේ රටේ ඇමතිවරුන්ට, ලක්ෂ්මන් කිරිඇල්ලලට රාජිත සේනාරත්නලාට දැන් අපිට තර්ජනය කරමින් ඉන්නවානේ, අපිට ඔබතතුමන්ලට තර්ජනය කරන්න  ඕනෑ නෑ.  අපි  එහෙම වැඩ කරන්නෙ නෑ. හැබැයි අපි අභියෝග ඛරනවා පු`එවන්නම් ඔය අතරමැදි විස`දුම් ගෙනල්ල මේ සටන නවත්තලා පෙන්නන්න. මේ සටන එක දශමයක් ආපස්සට යන්නෙ නෑ ඔය කියන අතරමැද විස`දුම්වලින්.

 දැන් අවම ප‍්‍රමිතිය ගෙනල්ලා. ලක්ෂ්මන් කිරිඇල්ලගේ අවම ප‍්‍රමිතිය කවුරුත් ඉල්ලූවේ නෑ. රාජිත සේනාරත්නට සයිටම් පවත්වාගෙන යන්න අවම ප‍්‍රමිතිය කවුරුත් ඉල්ලූවේ නෑ. අපි ඉල්ලූවේ මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා. මොන බලවේගය ද අපේ වේදිකාවලදී කිව්වේ ප‍්‍රමිතිගත කරපු සයිටම් එකක්  ඕනෑ කියලා. කවුරුත් එහෙම කිව්වේ නෑ. ප‍්‍රතිවිරෝධතා තිබුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බනධයෙන් ප‍්‍රතිවිරෝධතා තිබුණා. සයිටම් එක සම්බන්ධයෙන් එවැනි කිසිම ගැටලූවක් තිබුණේ නෑ. සයිටම් අහෝසි කරනු කියල සියලූ දෙනා කිව්වා.

එනිසා ආණ්ඩුවේ ස්ථාවරය බොහොම පැහැදිලියි. දැන් ආණ්ඩුව නැවත වතාවක් අපි දැක්කා පහුගිය කාලෙ ප‍්‍රතිපාදන කප්පාදුකරගෙන කප්පාදුකරගෙන ඇවිල්ලා දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ස`දහා වෙච්ච වැඩපිළිවෙලට ආණ්ඩුව බැහැලා ඉන්නවා. 1300ක් විශ්වවිද්‍යාලවල බ`දවාගැනීම් පුරප්පාඩු තියෙනවා. ශාස්තී‍්‍රය විෂයයන් කප්පාදු කරලා තියෙන්නේ. ශාස්තී‍්‍රය විෂයයන් විශ්වවිද්‍යාලවලින් ඉවත්කරලා තියෙන්නේ. විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා හා ඉංජිනේරු පාඨමාලාවල පදනම් පාඨමාලා ස`දහා 2016 වර්ෂය ස`දහා බ`දවාගැනීම් මේ වෙනතුරු සිද්ධ කරලා නෑ. මෙන්න 2020 දී විශ්වවිද්‍යාල ප‍්‍රවේශය 50000ක් දක්වා වැඩිකරනවා කියපු ආණ්ඩුව කරල තියෙන වැඩ.

නැවත ආණ්ඩුවට කියනවා අපි ඉන්නෙ අට්ටාල ළග තොරතුරු දැනගන්න එවන්න අට්ටාලවලට බුද්ධි අංශ නිලධාරීන්වග බොරුවට ගෙවල්ගානෙ යවන්න එපා තව පොඞ්ඩක් ආරක්ෂක වියදම් වැඩිවෙන්න. ඒ මහත්තුරුන්ටත් අවුරුදු කන්න ගෙවල්වල යන්න දෙන්න. අපි දිහා බලන් ඉ`දලා බලන් ඉ`දලා දැන් එපා වෙලා ඇතිනේ. මේ එකක්වත් නතර වෙන්නේ නෑ. අපි මේ ප‍්‍රසිද්ධියේ ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡුාවල මේවා කියනවා.

ඔය බුද්ධි අංශෙන් පස්සෙන් එවන්න  ඕනෙ නෑ. නිශ්චිතවම මේ සටන් කි‍්‍රයාමාර්ග එකක්වත් නතර වෙන්නෙ නෑ මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන තුරු, ඒ වගේම තමයි අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරලා, සරසවි බ`දවාගැනීම් වැඩිකරලා, පාසල්වල මුදල් අයකිරීම නතරකරන්න කියන සටන් පාඨ එක්ක මේ සටන අඛණ්ඩව අපි ඉදිරියට අරන් යනවා.

එනිසා අධිකරණ නියෝග ගැන බොරු කථා කියන්න එන්න එපා. අධිකරණ නියෝග ගැන බොරු කිව්වෙ මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා. සෞඛ්‍ය ඇමතිවරයා අධිකරණයට පට්ටපල් බොරු කිව්වේ. එතුමන්ලම උත්තරීතරයි කියපු අධිකරණෙට එතුමන්ලම බොරු කිව්වා. වංචා කළා. රැුවැට්ටුවා. දැන් කියනවා බබාලා වගේ. මේ කවුරුත් බබාල නෙවෙයි. අධිකරණෙත් ඉන්නෙ බබාල නොවෙයි මේ ඇමතිවරුත් බබාල නොවෙයි. දෙගොල්ලො එකතුවෙලා වැඩකරලා අපිට කියනවා ඒවා පිළිගන්න කියලා. එනිසා අපි එහෙම කරන්න ලෑස්ති නෑ. නිශ්චිතයි මේ අරගලය දිගටම කි‍්‍රයාත්මක කරනවා. මේකට විස`දුම් ගැනීම ප‍්‍රමාද කිරීමට එරෙහිව විරෝධතාවය උත්සන්න කරනවා කියලා ආණ්ඩුවට කියනවා.

ඒ වගේම තමයි මේ රටේ අම්ම තාත්තට, ජනතාවට ප‍්‍රගතිශීලී සියලූ දෙනාට ආරාධනා කරනවා අපි අවුරුදු දවස්වල ඉන්නෙ අට්ටාලවල ඉන්නෙ, අරගල බිමේ ඉන්නෙ අපිත් එක්ක එකතුවෙන්න කියල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විදියට කියනවා.

මාධ්‍ය සාකච්චාව 19-01-2016






















මාලඹේ SAITM හොර උපාධි කඩයයට සායනික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් 18 වනදා පවතී නඩු විභාගයෙන් අනතුරුව පලවන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සහ මාලඹේ SAITM හොර උපාධි කඩය සම්බන්ධයෙන් පවතින අර්බුදය සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් අදහස් පලකිරීමට අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැතවු මාධ්‍ය සාකච්චාවේදී කැඳවුම්කරු

ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්.

වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහෝදරයා දැක්වූ අදහස්

2016-01-08 දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව







HNDA උද්ඝෝෂණයට සම්බන්ධ සිසු නායකයින් සහ පහරදීම හේතුවෙන් රෝහල්ගතකල සිසුන් ඇතුළු 16 දෙනෙකු කටඋත්තර ලබාගැනීම සඳහා නැවතත් පොලිසියට කැඳවීම සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් 2016-01-08 දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව.
එහිදී,
ඇඹිලිපිටියේදී පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය යාම
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්රිවරියට අදාලව නිතිය ක්‍රියාත්මක නොවීම
මීතොටමුල්ල කුණුකන්දට එරෙහිව සත්‍යග්‍රහයේ නිරත වූ ජනතාවට එල්ල කල ප්‍රහාරය
සම්බන්ධවද අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා අදහස් දැක්වීය.

එහිදී ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස් 

ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙලා දකිමු!














ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,සංස්කාරක.

මාධ්‍ය නිවේදනයයි
ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙලා දකිමු!
2016 අය වැය යෝජනා සම්බනධව විරෝධය පෑම සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබුනේ අද(15) දවසෙයි. නමුත් ඊයේ දිනය වන විට වෘත්තීය සමිති ගණනාවක් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට තීරණය කර තිබුනද ලංකා බැංකු සේවක සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත් නොහරින බව ප‍්‍රකාශයට පත් කෙරිණ.
නමුත් ආණ්ඩුව අධිකරණය යොදා ගනිමින් ඊට එරෙහිව වාරණ නියෝගයක ලබා ගැනීමට කටයුතු කර තිබුනේ අද දින සේවයට පැමිණෙන සේවකයින්ට බාධා නොකරන ලෙස නියෝගයක් නිකුත් කරමිනි.  2016 අය වැය යෝජනා හමුවේ ශිෂ්‍යයින්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් ඇතුළු සමස්ත ජනතාවගේ ජිවිත වලට බාධා එල්ල වී ඇති මොහොතක, ජනතාව පීඩාවට පත් කර ඇති මොහොතක ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන පාර්ශව මර්දනය කිරීමට උත්සහ කිරීම අප තරයේ හෙලා දකින්නෙමු!
මන්ද තමන්ට අවනත කර ගැනීමට නොහැකි වූ විට කුමන හෝ ක‍්‍රමයකට එම බලවේග මර්දනය කිරීමට පසුගිය සෑම ආණ්ඩුවක්ම කටයුතු කර ඇති අයුරු දක්නට ලැබේ.
යහපාලන, හවුල් ආණ්ඩුව නිර්මාණය කිරීමේදී රටට ජනතාවට ඒත්තු ගැන්වුයේ තම පාලනය එවැනි පාලනයක් නොවන බවයි. නමුත් මිනිසෙකුගේ මුලික අයිතිවාසිකමක් වන විරෝධය පෑමට ඇති අයිතිය අහෝසි කරමින් සිදු කරන මෙවැනි මර්දනකාරී ක‍්‍රියා පිළිවෙත් වලට අප අපගේ දැඩි විරෝධය පල කර සිටින්නෙමු!
පසුගිය කාල සීමාව තුල අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ, පාගමන් සිදු කරන විට බොහෝ අවස්ථාවල අපටද අධිකරණ නියෝග ලබා ගනිමින් ආණ්ඩුව මර්දනය දියත් කරනු ලැබුවේ අපට ඇති ගැටලූව පිළිබඳව කිසිඳු සැලකිල්ලක් නොදක්වමිනි. ආණ්ඩුව  ජනතාව පීඩාවට පත් කර එම නිසා ජනතාව වීදි බසින විට යලි ජනතාව පීඩාවට පත් කරන බව පවසමින් අධිකරණ නියෝග නිකුත් කරනු ලබයි.
ප‍්‍රශ්න වලට විසඳුම් දෙනවා වෙනුවට මර්දනය කැඳවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් සටන් කරන බලවේග සමඟ එක්ව ඊට එරෙහිව සටන් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සුදානම් බවද අවධාරණය කරන්නෙමු!

HNDA සිසුන්ට පහරදීම සම්බන්ධව පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධවයි.



පසුගිය ඔක්තෝබර් මස 29 වනදා අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල විරෝධතා පා ගමනට මෙරට ආණ්ඩුව පොලිසිය යොදා ගනිමින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට හා මානව හිමිකම් කොමිසම පරීක්ෂණ දෙකක් පැවැත්වුයේ අප හා වෙනත් පාර්ශව ඉදිරිපත් කල පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව පොලිස් කොමිසමේ වාර්තාවට අනුව පහරදීමට සම්බන්ධ කිරුලපන පොලිසියේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂක වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ප්‍රථමයෙන් මෙම තීරණය සමබන්ධයෙන් අප දැඩි අප්‍රසාදය පල කරන්නෙමු. මෙම පහරදීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම මතු කල කාරණය වුයේ මෙය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ හිතුමතයට සිදු වුවක් නොව දේශපාලන තීන්දුවක් මත උද්ඝෝෂණය පහරදී  විසුරුවා හැරීමට අණ ලැබුණු බවයි. පොලිසිය හෝ හමුදාව වැනි ව්‍යූහයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වනුයේ තමන්ට ඉහලින් ලැබෙන අණ අනුවය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව එක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීම අපට සාධාරණය ඉටු කිරීමක් නොවන්නේය.
පොලිස් කොමිසම පවසා සිටින්නේ, ඉහල නිලධාරීනට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබූ බවයි. නමුත් පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය ඕනෑම පුද්ගලයෙකුට රහසක් නොවේ. පොලිසිය අණක් නොලබා ක්‍රියාත්මක වන්නේ නැත. එසේම මානව හිමිකම් කොමිසම මඟින් ලබා දුන් නිර්දේශය මඟින්ද පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ මෙම පහරදීමට අණ ලබා දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මානව හිමිකම් කොමිසමට තිබු සාක්ෂි  පොලිස් කොමිසමට නොලැබීම පුදුමයකි. අනෙක් කාරණය නම් මෙම පහරදීමෙන් පසු කිසිඳු ශිෂ්‍යාවකට පහර නොදුන් බව කියමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කල ඉහල පොලිස් නිලධාරීන්ම පහරදීම සම්බන්ධ පහල පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග ලබා දී ඇත. විශේෂයෙන්ම මෙම නියෝගය නිකුත් කොට ඇත්තේ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසිනි. ඔහුද ඉහත මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වී කරුණු ඉදිරිපත් කල අයෙකි.
එසේම HNDA සිසු ගැටලුව මෙවැනි තීරණයක් හරහා හුදු පහරදීමකට ලඝු කිරීමට ලක් කර ඇත. ඒ ඔස්සේ මෙම ගැටලුව පිටුපස ඇති දේශපාලන ප්‍රතිපත්ති පිලිබඳ අදහස යටපත් කොට ඇත.
එම නිසා මෙම තීන්දුව සම්බන්ධයෙන් අප දැඩි අප්‍රසාදය පල කරන අතරම , පහර දීමට අණ දුන් සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව දැඩිව අවධාරණය කරන්නෙමු.

HNDA සිසුන්ට පහරදීමට එරෙහිව 2015/10/30 වන දින අ.වි.ශි.බ.ම. මඟින් පැවැත් වූ මාධ්‍ය සාකච්චාව

 HNDA සිසුන්ට පහරදීමට එරෙහිව 2015/10/30 වන දින අ.වි.ශි.බ.ම. මඟින්  මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලදී.

එහිදී ළහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්

ජ.වි.පෙ. නිහඩතාව සම්බන්දව අන්තරෙන් ජ.වි.පෙ.ට ලිපියක්

IUSF Logo
ටිල්වින් සිල්වා, ප‍්‍රධාන ලේකම්,
ජනතා විමුක්ති පෙරමුණ.
464/20,
පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල.
04-09-2015

සහෝදරය,

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට හා මා වෙත එල්ල කර ඇති ව්‍යාජ චෝදනාව හා ඒ පිළිබඳ ඔබගේ නිහඬතාවය සම්බන්දවයි.

පසුගිය අගෝස්තු 12 වැනිදා ඔබ පක්ෂයේ ශිෂ්‍ය අංශය වන ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ මඟින් අප වෙත ඉතාමත් බරපතල චෝදනාවක් එල්ල කර තිබේ. ඔබ විසින් ‘නජිත් ඉන්දික මහතා විසින් හෘදසාක්ෂියේ සම්මුතියේ ව්‍යාජ මුද්‍රණයක් බෙදාහැරීම සම්බන්දවයි’ යන සිරස්තලය යටතේ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් මඟින් මෙම චෝදනාව එල්ල කර තිබිණී. එම නිවේදනයේ වගකීම ලෙස එහි ජාතික කමිටු සාමාජික රංගන දේවප‍්‍රිය මෙන්ම ඔබගේ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සහෝදරයාගේ නමද දක්වා තිබිණී. මෙම නිවේදනයෙන් චෝදනා කර තිබුණේ අප විසින් ඔබ පක්ෂය මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතාවට බෙදා හරින ලද මැතිවරණ ප‍්‍රකාශනයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තුළ බෙදා හැර ඇති බවටයි. එමෙන්ම මීට පෙරද අප විසින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ එවැනි ‘නොපනත්කම්’ සිදුකර ඇති බවටද එම නිවේදනය මඟින් දක්වා ඇත. මෙය අතිශයින් බරපතල චෝදනාවකි.

මෙයට පසුබිම් වූ සිදුවීම වූයේ ඊට පෙර සතියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සැසිවාරය තුළදී අප විසින් සිදුකළ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල මැතිවරණ ප‍්‍රකාශන සම්බන්ද සාකච්ඡුාවයි. එහිදී අප එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂවල මැතිවරණ ප‍්‍රකාශන කියවමින් එම ප‍්‍රතිපත්තීන් හා කරුණු පිළිබඳ සංවාදයක් සිදුකළෙමු. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප අතර නිරන්තරයෙන් මෙවැනි සංවාදයන් පවත්වන අතර අප පවතින දේශපාලන තත්වය නිවැරදිව අවබෝධ කරගන්නේ නිරන්තරව සිදුකරන මෙම දේශපාලන සාකච්ඡුා තුළිනි. එමෙන්ම මෙය පළමු අවස්ථාවද නොවන අතර, මැතිවරණයක් අභිමුවදී එක් එක් පක්ෂ මැතිවරණයේදී ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශන, පොරොන්දු ආදිය ගැන අපි සාකච්ඡුා කරන්නෙමු. මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිවරණයට පෙරදීද අපි මෙසේම මැතිවරණ ප‍්‍රකාශන කියවමින් මෙවැනි සාකච්ඡුාවක් සිදුකළ අතර ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම තුළින් ජනතාවගේ ගැටළු වලට පිළිතුරු නොලැබෙන බවත්, මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කිරීම තුළින් අධ්‍යාපනය හෝ වෙනත් ඔනෑම ක්ෂේත‍්‍රයක සාධනීය වෙනසක් සිදුනොවන බවත්, අධ්‍යාපනය විකිණීම හා ඊට එරෙහි සටන් වලදී දක්වන ප‍්‍රතිචාරය සම්බන්දයෙන් පෙර පැවති ප‍්‍රතිපත්තිම ඉදිරියට ගෙන යන බවත් ලෙස නිවැරදිව දේශපාලන තත්වය කියවා ගැනීමට හැකි වූයේ එම තත්වය මත පදනම්වය. අප ‘වක‍්‍රාකාර ලෙසවත් ප‍්‍රධාන අපේක්ෂයන්ට සහයෝගය නොදැක්විය යුතුය’ යන මේ වන විට නිවැරදි බව ඔප්පු වී ඇති ස්ථාවරයට එදා පැමිණියේ ඒ අනුවයි.

එම නිසා මෙම සාකච්ඡුාවද එවැනි සාකච්ඡුාවක් වූ අතර එහිදී ඔබ පක්ෂය සම්බන්දයෙන් කිසිදු විශේෂයක් සිදු නොකළ අතර එවැනි අවශ්‍යතාවයක්ද අප හට නැත. ඒ සඳහා අපි පදනම් කර ගනු ලැබුවේ එක් එක් පක්ෂ මැතිවරණයේදී ජනතාවට බෙදා හරින ලද ප‍්‍රකාශණ වල මුද්‍රිත හෝ අන්තර්ජාලයේ නිළ වෙබ් අඩවි වලින් බාගත කරන ලද පිටපත්ය. ඔබගේ පක්ෂයේ ප‍්‍රකාශනයද සාකච්ඡුාව සඳහා අප ලබාගන්නේ ඔබගේ නිළ වෙබ් අඩවියෙන් බාගත කර ගනිමිනි. මෙහිදී ප‍්‍රතිපත්තිමය වශයෙන් වෙනස් මැතිවරණ ප‍්‍රකාශන දෙකක් තිබීමක් ගැන අත්දැකීමක් මීට පෙර නොවූ බැවින් අපට මෙම මූලාශ‍්‍ර පිළිබඳ සැක කිරීමටද කිසිදු කරුණක් නොවිනි. එමෙන්ම අධ්‍යාපනය විකිණීමට පක්ෂව එහිදී ඉදිරිපත් කර තිබූ කරුණු ගැන අප හට සැකයක් මතු නොවූයේ අහම්බයෙන් නොවේ. මීට පෙර ආසන්න කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි විකිණීමට අනුමැතිය ලබා ගත් පනත, සාගර විශ්වවිද්‍යාලයේ උපාධි විකිණීමට අනුමැතිය ලබා ගත් පනත, අපරාධ නඩු විධාන සංග‍්‍රහය ආදී පනත් වලදී එවාට විරුද්ධ නොවීම මෙන්ම මෑත කාලීනව අධ්‍යාපනය විකිණීම සඳහා රජයක් ගෙන ආ ප‍්‍රධානතම ප‍්‍රතිසංස්කරණය වූ පසුගිය ජනවාරි 29 ගෙන ආ පාසැල් තුළ මුදල් අය කිරීම නීතිගත කිරීමේ චක‍්‍රලේඛය සම්බන්දව ඔබ අනුගමනය කළ නිහ`ඩ පිළිවෙතද අප දැක තිබූ බැවිනි. එමෙන්ම මෑත කාලයේ ඔබ පක්ෂයේ අපේක්ෂකයින් රූපවාහිනී දේශපාලන සංවාද ආදියේදී එම මතයම දරමින් අදහස් ඉදිරිපත් කරනු අප දැක තිබුණි. එබැවින් අප සාකච්ඡුාවට යොදා ගැණුනු ඔබගේ මැතිවරණ ප‍්‍රකාශනය පිළිබඳව අප හට සැකයක් හෝ ගැටළුවක් පැන නැංගේ නැත. මෙම සාකච්ඡුාවෙන් පසුවද අප ඔබගේ පක්ෂය ඉලක්ක කර ගනිමින් කිසිදු කටයුත්තක් සිදුනොකළ නමුත් (එවැනි අවශ්‍යතාවයක්ද ශිෂ්‍ය ව්‍යාපාරයට නැත.* අපගේ දේශපාලන ස්ථාවරයන් මෙම සාකච්ඡුාව මත පදනම් විය.

නමුත් අප සාකච්ඡුා කළ ඔබගේ මැතිවරණ ප‍්‍රකාශනය වැරදි එකක් බවත්, එවැනිම හැඩහුරුකමක් සහිත තවත් ‘නිවැරදි’ එකක් පවතින බවත් දින කිහිපයක් තුළ සාකච්ඡුාවක් මතුවූ අතර අපි ඉන්පසු ඒ පිළිබඳව සොයා බැලීමක්ද සිදු කරන ලදී. එමෙන්ම මෙම ප‍්‍රකාශන දෙක අතර ප‍්‍රතිපත්තිමය වෙනසක්ද තිබේ. යම් වරදක්, වංචාවක් සිදුවී ඇත්නම් අප විසින් නොව, ඔබ විසින් නිවැරදි කළ යුතු වන මෙවන් ප‍්‍රශ්නයක් වෙනත් තලයකට තල්ලූ වී යන්නේ පසුගිය 12 වනදා ඔබගේ ශිෂ්‍ය අංශයේ එම මාධ්‍ය නිවේදනයත් සමඟිනි. එය අපව පුදුමයට පත්කළ අතර සංවිධානයක් ලෙස අපට ඉතිහාසයේ එල්ල නොවූ නව චෝදනාවක් එල්ල කරන ලද අවස්ථාවක් විය.

ඔබගේ මාධ්‍ය නිවේදනයෙන් පැය 24 ක් ඉක්ම යන්නට පෙර, අගෝස්තු 13 වනදා අප විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම අභූත චෝදනාවට පිළිතුරු ලබා දෙන ලදී. (එහි වීඩියෝ දර්ශන තවමත් සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය වෙමින් පවතී.* එහිදී මීට අදාළ සමස්ත පසුබිම අප විසින් පැහැදිලි කරන ලදී. සියලූ ප‍්‍රධාන පක්ෂ වල මැතිවරණ ප‍්‍රකාශන පිළිබඳ අප සංවිධානය විසින් සාකච්ඡුා කළ අයුරු මෙන්ම එම ප‍්‍රකාශන අප ලබාගත් අයුරුද එහිදී පැහැදිලිව ප‍්‍රකාශ කරන ලදී. ඒ හරහා ඔබගේ චෝදනාව කරුණු සහිතව, මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළ අපි අවසානයේ කරුණු දෙකක් ඉදිරිපත් කළෙමු. එනම් අප වෙත ඇඟිල්ල දිගු කිරීම නවතා, එවැනි ඔබ විසින් මුද්‍රණය නොකළ ව්‍යාජ ප‍්‍රකාශනයක් ඇත්නම් වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ එම ව්‍යාජ ප‍්‍රකාශනය හා එහි ව්‍යාජ යැයි ඔබ පවසන කරුණුද පෙන්වමින් ප‍්‍රසිද්ධියේ එම ප‍්‍රකාශනය ප‍්‍රතික්ෂේප කරන ලෙසයි. එවිට කිසිවෙකුට වැරදීමකින් හෝ තව දුරටත් එය ඔබගේ බව කියා සිටීමට නොහැකි වනු ඇත. අප දන්නා පරිදි සාමාන්‍යයෙන් මෙවැනි සිදුවිමකදී අපද ඇතුළු ඕනෑම සංවිධානයක් අනුගමනය කරන පළමු හා හදිසි පියවර එයයි. 

එමෙන්ම එය කෙසේ වුවත් අපගේ දෙවැනි කරුණ හා අභියෝගය වූයේ ඔබ දැනටමත් අප වෙත චෝදනා එල්ල කර ඇති තත්වයක් තුළ වහාම මෙම චෝදනා මාධ්‍ය නිවේදනයෙන් ඔබ්බට ගොස් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි. හුදු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර, විශ්ව විද්‍යාල තුළ බෙහෝ ස්ථානවල එය අලවමින් ශිෂ්‍යයන්ට එය ප‍්‍රදර්ශනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර, පසුව අපගේ කරුණු දැක්වීමෙන් පසු කිසිත් සිදු නොවූ ලෙස නිශ්ශබ්දව සිටීමට තරම් මෙය සරල චෝදනාවක් නොවේ. මෙය අපගේ සංවිධානයේ විශ්වාසනීයත්වය අභියෝගයට ලක් කර ඇති සිදුවීමකි. එබැවින් එම චෝදනා අපි පැහැදිලිව, කරුණු සහිතව ප‍්‍රතික්ෂේප කර ඇති තත්වයක් තුළ එක්කෝ ඔබ මෙම චෝදනා විධිමත් ලෙස එල්ල කරමින් මෙම කරුණ පැහැදිලිව ඔප්පු කිරිමට කටයුතු කළ යුතුය. එවිට එයට අදාළ සියළු කරුණු දක්වමින් (එම ප‍්‍රකාශන ලබා ගත් ආකාරය, ඔබගේ නිළ වෙබ් අඩවියෙන් බාගත කරගත් ආකාරය හා දිනය හා නිශ්චිත වේලාවන්, එය මුද්‍රණය කිරීම හා කර ඇති ස්ථාන සම්බන්දව අප දන්නා කරුණු ආදී සියල්ල දක්වමින්* අපට එල්ල කර ඇති මෙම අභූත චෝදනාව වැරදි එකක් බවට තහවුරු කිරීමට අපට කටයුතු කළ හැකිය. එසේත් නැතිනම්, එසේ කිරීමට ඔබ කටයුතු කරන්නේ නැතිනම් වහාම අප වෙත එල්ල කර ඇති මෙම චෝදනාව ඉල්ලා අස්කර ගත යුතුය. ඒ මෙය සරල කාරණාවක් නොවන බැවිනි.

අද දිනය වන විට මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා මෙම කරුණු දෙක ඉදිරිපත් කර දින 20 ක් ඉක්ම ගොසිනි. නමුත් ඔබ පක්ෂයෙන් කිසිදු පියවරක් මෙම ගැටළුව සම්බන්දයෙන් තබා නැත. අපට එල්ල කර ඇති චෝදනාවද තවමත් එසේමය. දැවැන්ත රාජ්‍ය මර්ධනය හා රාජ්‍යයේ අවලාද ව්‍යාපාර හමුවේ ඉතා අසීරුවෙන් දශක ගණනාවක් අඛණ්ඩව අයිතීන් වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය ව්‍යාපාරය වැනි බහුජන ව්‍යාපාරයක් සම්බන්දව ඔබේ මෙම හැසිරීම ගැටළු සහගතය. එමෙන්ම මීට වඩා අතිශයින් වගකීම් සහගත විය යුතුය. ඔබ එල්ල කරන චෝදනාව සරල නැත. මීට වසරකට පෙරද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වේදිකාවට ගොඩවෙමින්, අප සමඟ සිටි පක්ෂයක් ලෙස මෙවැනි චෝදනාවක් එල්ල කිරීම ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව ශිෂ්‍යයන් මෙන්ම වෙනත් පිරිස් තුළත් සැකයක්, දෙගිඩියාවක් ඇති කිරීමට හේතු වන කරුණක් වන අතර දැවැන්ත රාජ්‍ය මර්දනයක් ඉදිරියේද නොසැලී පැවති ව්‍යාපාරයක් වන අපට ඉන් සිදුවන හානිය සුළුපටු එකක් නොවේ. මෙය බරපතල තත්වයකි.

යළිත් මෙම සිහිකැඳවීම කරන්නේ එබැවිනි. මැතිවරණ ප‍්‍රකාශන දෙකෙන් එකක් ව්‍යාජ නම් ඔබ එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කළ යුතුය. එය ව්‍යාජ එකක් වන්නේ එවිටය. එය කෙසේ වුවත්, ඔබ අප වෙත එල්ල කර ඇති අභූත චෝදනාව ඔප්පු කිරීමට වහාම කටයුතු කළ යුතුය. ව්‍යාජ ෆේස්බක් ගිණුමක් සම්බන්දයෙන් පවා පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් මාධ්‍ය සමඟ ගොස් පැමිණීලි කර දින කිහිපයකින් ඊටත් වඩා බරපතල මෙවැනි සිදුවීමකදී ඔබගේ නිශ්ශබ්දතාවය පුදුම සහගතය. එබැවින් එක්කෝ ඔබ අප වෙත එල්ල කර ඇති චෝදනාව ඔප්පු කිරීමට කටයුතු කළ යුතුය. (ඔබ කැමති ඕනෑම ආකාරයකට* එවිට අපට අපගේ නිර්දෝශීභාවයද ඒ සමඟ ඔප්පු කළ හැක. එමෙන්ම එසේ නොහැකි නම්, අප වෙත එල්ල කර ඇති චෝදනාව කොන්දේසි විරහිතව, වහාම ඉල්ලා අස්කර ගත යුතුය.

මෙම ගැටළුවේදී සිදුකළ යුතු මේ එකක්වත් සිදු නොකර ඔබ තව දුරටත් මුනිවත රකින්නේ නම් ඉන් අපි සිතාගත යුත්තේ කුමක්ද යන්නත් මේ සමඟම විමසනු කැමැත්තෙමු.

ස්තූතියි.
මෙයට,
නජිත් ඉන්දික. කැඳවුම්කරු.

පිටපත් - සියලූ විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම්

ජ.වි.පෙ. අභූත චෝදනා වලට අන්තරෙන් පිළිතුරු(08/13 දින පැවති මාධ්‍ය හමුව)


අද දවසේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බලමණ්ඩලය විදියට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන්නේ ප්‍රධාන වශයෙන් කාරනා දෙකක් මුල්කරගෙන. පළමුවෙනි කාරණාව තමයි,තව දින කිහිපයකින් ලංකාවේ පාර්ලිමේන්තු මැතිවර්නයක් නැත්තම් මහ මැතිවර්ණයක් ,ලංකාවේ ප්‍රධානම මැතිවරණය පැවැත්වෙනවා. ඒ සඳහා විවිධ පක්ෂ ගණනාවක් තරඟ කරමින් ඉන්නවා.ඔවුන් ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලනවා. අපි ඉතිහාසයක් තිස්සේ හැමදාමත් මේ මොහෙතෙත් අධ්‍යාපන අයිතීන් ඇතුළු සමාජ අයිතීන් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් විදියට ඒ ප්‍රධාන දේශපාලන ධාරාවන්ගේ ගමන ප්‍රවේශය අපි දකින , දකින හැටි කතා කරගන්න ඕනා.මොකද ඡන්දේ කිට්ටු වෙලා කියන එක විතරක් නෙමෙයි,ඔවුන් වැඩ කරපු විදිය එක්ක අපි හිතනවා සාකච්චා කරගත යුතුයි කියලා.
අපි හිතනවා මුලින්ම  ,අපි මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලන පක්ෂ, ආණ්ඩු පිහිටුවන්න බලන් ඉන්න දේශපාලන පක්ෂ දෙක ගත්තොත් එහෙම, එක් පැත්තකින් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මැතිවරණ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශයේ මාස 60කින් අළුත් රටක් හදන පංචවිධ ප්‍රතිපත්තිය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රකාශ අපි අධ්‍යනය කරා.ඒ මැතිවරණ ප්‍රකාශ අපි අධ්‍යනය කරාට පස්සේ, අපිට ඉතාමත් පැහැදිලි මේ අය ඉදිරි වර්ෂ 5 ඇතුළත, මේ සියළුම සාකච්චාවන් අස්සේ ආර්ථිකය , සමාජය කොහෙටද ගෙනියන්න සූදානම් වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේක ආරම්භයේම සඳහන් කරන්නේ ආර්ථිකය පැත්තෙන් අර සිංගප්පූරුව , මැලේසියාව , තායිලන්තය වගේ රටවල් අතර තියෙන පරතරය නැති කරලා රැකියා ලක්ෂ 10ක් ඇති කරනවා කියලා. ඉතින් මේක හොයාගෙන යද්දි තේරෙනවා ලංකාවට ආයෝජකයෝ ගෙන්වන්න, ආයෝජක‍යෝ ගෙන්වන්න තියෙන තොන්දේසි ලිහිල් කරන්න, නිකන් එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් ඔක්කොම ඇතුලේ ආර්ථිකේ තවදුරටත් වෙලෙඳපොලකරණයට ලක් කරන්න අදාල මැදිහත් වීමක් තමයි කරන්නේ.
විශේෂයේන් 1977 නිදහස් වෙළඳ කලාප ඇති කරලා පටන් ගත්තු ගමනඉදිරියට ගෙනියන්න දරපු උත්හසයක් විදියට හදුන්වන්න පුළුවන්.ජනතාවට රැකියා දෙනවා කියලා බලාපොරොත්තු දෙනවා, ඒත් ඒ රැකියා මොන තත්ත්වේ ඒවද? ඒවගෙන් මොනවගේ ජීවිතයක් ද උරුම වෙන්නේ කියලා සාකච්චා කරන්නේ නෑ. අපි නිදහස් වෙළඳ කලාප වගේ ඒවා වලින් ඒක අත්දකිනවා.ඒ වගේම මේකේ සියළු ප්‍රතිපත්ති ඇතුලේ මෙතෙක් ක්‍රියාත්මක කරපු , සාරාංශයක් වශයෙන් ගත්තොත් මෙතෙක් ක්‍රියාත්මක කරපු අධ්‍යාපනය , සෞඛ්‍යය හා සියළුම දේවල් වෙළඳපොළකරණය කිරීමේ ඒ ව්‍යාපෘති මේ මැතිවරණ ප්‍රකාශය තුල පිලිඅරගෙන තියෙනවා. එතකොට වාක්‍ය ඇතුලේ 6% වෙන් කිරීම ආදී දේවල් තියෙනවා තමයි.නමුත් මූලික වශයෙන් මේ මැකිවරණ ප්‍රතිපත්ති ප්‍රකිශ එකක්වත් අධ්‍යාපනය මේ මොහොතේ දැවෙන් ප්‍රශ්න කියලා හදුනාගත්ත එක ප්‍රශ්නයක්වත් සඳහන් කරලා නෑ.අධ්‍යාපනය විකිණීම , මොකද මේ මොහොතේ තියෙන් දැවෙන ප්‍රශ්නෙ වෙන මොකවත් නෙමෙයි, ලංකාවේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය විදියට තියෙන්නේ , නිදහස් අධ්‍යාපනයෙන් වෙන් කරලා, නිදහස් අධ්‍යාපනයෙන් ඉවත් කරලා, නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනය විකුණන ක්‍රමවේදයක් මේ රටේ ඇති කරන එක තමයි මේ මොහොතේ කරමින් ය වැඩේ.විහ්ව විධ්‍යාල පද්ධතිය තුල, පාසල් පද්ධතිය තුල ඉතාමත් වේගවත් ලෙස පසුගිය අවුරුදු 5,6 තුල ක්‍රියාත්මක කරමින් ඉන්නවා.මේක බරපතල අනතුරක්, මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයේන් ජනතාවට තියෙන බරපතලම අනතුර තමයි ඒක.වෙන මොකක්වත් නෙමෙයි.ඒවා මේ මැතිවරණ ප්‍රකාශ තුල නෑ. අධ්‍යාපනය පෞද්ගලීකරණය ගැන,ඒවා කරන්නේ නෑ කියන එක, අධ්‍යාපනය විකුණන් නෑ කියන එකක් වැරදිලාවත් සඳහන් වෙන්නේ නෑ.පාසල් තුල මුදල් ගන්නේ නෑ කියන ඒවා වැරදිලාවත් නෑ. අපි දන්නවා ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශ වල  මේවා ඇතුළත් කරන්නේ නෑ, ඒවා නොදා තමයි යන්නේ කියලා.
මේ නිසා මෙතෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල, විශ්ව විද්‍යාල තුල උපාධි විකිණීම , පාසල් තුල මුදල් අයකිරීම ඒ ගැටළු වලට පිළිතුරක් නෑ කියන එක මේක බැලුවට පස්සේ සඳහන් වෙනවා.ඒ වගේම ශිෂ්‍ය ණය ක්‍රම යෝජනා කරලා තියෙනවා,ඉතිං ශිෂ්‍ය ණය යෝජනා කරාට පස්සේ අපට පැහැදිලි වෙනවා, දැන් ශිෂ්‍ය ණය ඕන වෙන්නේ සල්ලිවලට ඉගෙන ගන්න තියෙන ක්‍රමයක් ඇතුලේ කියලා.ඒ කියන්නේ තවදුරටත් මේ රටේ ඉදිරියට හදන අධ්‍යාපන ක්‍රමයේ ණය අරගෙන හරි ඉගෙන ගන්න පුළුවන්, සල්ලි දීලා උපාධි ගන්න පුළුවන් උපායක් බව ඒකෙන් කියනවා.කෙලින්ම කියන්නේ නෑ, ඒත් එහෙම තමයි හැමදාම කිව්වේ, ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි හඳුනා ගත්තේ එහෙම.
ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගත්තාම ඒකෙත් වැඉි වෙනසක් නෑ.මතුපිට වාක්‍ය වල තියෙන් වෙනස්කම් තියෙනවා, නිදහස් අධයාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රකිනවා කියලා වාක්‍යක් තියෙනවා.හැබැයි ඒ වාක්‍යයෙන් පස්සේ තියෙන වාක්‍ය ගත්තම ඒ ඔක්කොම වගන්ති වල තියෙන්නේ ක්‍රමාණුකුලව ණය ලබා දීල,උපාධි හදාරන්න අවස්ථා දෙන සාමාන්‍ය ක්‍රමයට කමයි කියෙන්නේ. මේකේ 6යේ 19 වගන්තියේ තියෙනවා වෛද්‍ය  - ඉංජිනේරු - කළමණාකරණ වැනි අංශ වලින් තෝරාගත් දේශීය වි.විද්‍යාල 7ක් ආසියාවේ ප්‍රමුඛතම වි.විද්‍යාල 30 අතරට ගෙන ඒමට අවශ්‍ය කරන විශේෂ ප්‍රතිපාදන හා සහය ලබා දීම.එමඟින් වසරක් පාසා ජාත්‍යත්තර වි.විද්‍යාල වලට කෝට් ගනනින් මුදල් වියදම් කරමින් විදේශ ගත වන දස දහස් ගනන් දේශීය දූ පුතුන් මේ රටේ රදවා ගැනීමට උනන්දු කරන්නෙමු.ඕක තමයි තියෙන්නේ.
ඒ කියන්නේ සරලව ගත්තොත් මෙතෙක් කියපු කථාව. දැන් ඕක තමයි එස්.බී. දිසානායක මහත්තයලා මාධ්‍ය සාකච්චාවට ඇවිත් කිව්වේ.මේක තමයි දිගටම උසස් අධ්‍යාපන ඇමතිවරු කිව්වේ.ඒ කියන්නේ මේ රටේ සල්ලි ඇදිලා යනවා ඒක නවත්තන්න මේ රටේ පෞද්.වි.විද්‍යාල හදනවා.ඉතිං ඒක තමයි කිව්වේ.කවුරුත් කිව්වේ නෑ ඇත්තට වෙමින් තියන දේ. උසස් අධයාපනය ක්‍රමාණුකුලව අහෝසි කරනවා,අහෝසි කරලා අධ්‍යාපනය විකුණන ක්‍රමවේදයක් ඇතිකරනවා ඒක තමයි අපි කරමින් ඉන්නේ කියලා කවුරුත් කිව්වේ නෑ.හැමෝම කිව්වේ අපි රජයේ එකත් රකිනවා හැබැයි මේවත් හදනවා, මේවත් ක්‍රමාණුකූල කරනවා, පෞද්.වි.විද්‍යාල විධිමත් විදියට පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඇත්ත ලෝකේ වෙන්නේ මොකක්ද? පසුගිය වර්ෂ 5 ඇතුළත අධ්‍යාපනයට වෙන් කරන මුදල් හරි අඩකින් අඩු කරලා තියෙනවා , බෙල හීන කරලා තියෙනවා. අධ්‍යාපනය විකුණන ක්‍රමවේදයක් තියෙනවා.රජයේ වි.විද්‍යාල ඇතුලේ උපාධි විකුණනවා.රජයේ පාසල් පද්ධතිය ඇතුලත මුදල් අයකරනවා. මේවා ජාත්‍යන්තර පාසල් , පෞද්.පාසල් වල විතරක් වෙන දෙයක් නෙමෙයි.අපි රකිනවා කියලා කොහේවත් කියන්නේ නෑ.කියන්නත් බෑ.හැමදාමත් මේවා තමයි කිව්වේ.මෙහෙම කරලා තමයි මේ දේ කලේ. මේ සම්බන්ධයෙන් මේ මැතිවරනයේ අපට තියෙන අදහස ප්‍රධාන දේශපාලන පක්ෂ 2 හා ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යාපනය , සෞඛ්‍යය  , ආර්ථිකය සම්බන්ධයෙන් අපි කරමින් ඉන්න සටනත් එක්ක බැලුවම, ශිෂ්‍ය ව්‍යාපාරය විදියට දශක ගාතක් තිස්සේ කරමින් ඉන්න අරගලේ අරමුණුත් එක්ක හිටගෙන බැලුවම අපිට මේවට එකඟ වෙන්න බෑ. අපි මේවා බරපතල ප්‍රශ්න විදියට අත්දකිනවා.හෙට වෙනකොට මේ කවුරු බලයට පත් වුනත් අරගල කරන්න වෙන බව අපට පැහැදිලිවම පෙනී යනවා.
මේ සාකච්චාවේ දෙවෙනි කාරනාවට ආවොත් එහෙම,ඊයේ දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ජ.වි.පෙ ට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන්, අපි අ.වි.ශි.බ.ම විසින් ජ.වි.පෙ හෘද සාක්ෂියේ සම්මුතිය නැමති ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාජ මුද්‍රණයක් කරලා ශිෂ්‍යන් අතර බෙදලා තියෙනවා කියලා. අ.වි.ශි.බ.ම විදියට ඉතිහාසයේ ගොඩක් චෝදනා එල්ලවෙලා තියෙනවා. පසුගිය අවුරුදු 5 ගත්තත් ආයුධ තියාගත්ත කියලා චෝදනා තියෙනවා. නීති කැඩීම් ගැන උසාවි නියෝග කඩකිරීම්, පහර දීම් , ආයුධ තියාගත්තා කියලා චෝදනා එල්ල වුණා.විවිධාකාර චෝදනා හැමදාම.
අළුත් ආකාරයේ චෝදනා විදියට පක්ෂෙක මැතිවරණ ප්‍රතිපත්තති ප්‍රකාශයක් අ.වි.ශි.බ.ම මඟින් මුද්‍රණය කරලා බෙදා හැර ඇති කියලා. පිළිතුරක් ලබා දිය යුතුයි.
සියළු පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ සාකච්චාවට ගන්නකොට, අ.වි.ශි.බ.ම කියන්නේ බහුජන සංවිධානයත්,දැවැන්ත, සටන්කරන, සටන් වදින සංවිධානයක්. නිශ්චිත දේශපාලන දැක්මක් එක්ක වැඩකරන සංවිධානයක්. ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි.විවිධ අදහස් දරන ශිෂ්‍යයෝ ඉන්නවා , පක්ෂ සියල්ලටම ඡන්දෙ දෙන ශිෂ්‍යයෝ ඉන්නවා.හැබැයි මේ දහස් ගනන් සංවිධානය වන ශිෂ්‍යයෝ එකම පොදු අරමුණක් විදියට අධ්‍යාපනය කප්පාදු කිරීමේදී ,සමාජ අයිතීන් අහෝසි කිරීමේදී එක මතයක එකපෙළට ඉදගෙන සටන් කරන්න සූදානම්. අ.වි.ශි.බ.ම කියන්නේ මහ මැතිවරණය අභියස , ජනාධිපතිවරණ අභියස එහෙම දේශපාලන සාකච්චාවන් ගත්තා , ඒ වගේම ගන්නවා. ඒ මත තමයි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම  සහය දක්වන්නේ නෑ කියලා තීරණය කලේ.පසුගිය දශක ගණනාව තිස්සේම තීරණ ගන්නේ එහෙමයි. සාකච්චා කරන හා සාකච්චා කරපු නිසා මේ ව්‍යාපාර සජීවීව පවතිනවා. ප්‍රධාන පක්ෂ වල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ පසුගිය සති අන්ත වල අ.වි.ශි.බ.ම තුල සාකච්චාවට ගත්තා.පැය ගණනක පුළුල් සාකච්චාවන්. එක්සත් ජාතික පක්ෂය , එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ , පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී සියළු පක්ෂ වල විධිමත් සාච්චාවක් කරගත්තා.
ජ.වි.පෙ එකත් කරා, අපට හම්බුන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි යොදා ගත්තේ. ජනතාව අතර බෙදපු, අපට බෙදපු, අන්තර්ජාල නිල වෙබ්අඩවි වල භාගත කරගන්න තිබුණු ඒවා තමයි සාකච්චාවට පදනම් කරගත්තේ. ජ.වි.පෙ  මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් බරපතල විවේචනයක් තියෙනවා. විවේචනය තමයි ආර්ථික වැඩපිළිවෙල තුල  අර ප්‍රධාන පක්ෂ වල වගේම ආයෝජකයෝ ගෙන්වනවා,ඒ පිළිබඳ යෝජනා කරනවා,කොන්දේසි ලිහිල් කරනවා ඒ වෙනුවෙන් වැඩ කරනවා,මෑන් පවර් සේවකයෝ ගැන කියනවා. අධ්‍යාපනය,පෞද්.වි.විද්‍යාල දෙනවා කියනවා ඒත් නිදහස් අධ්‍යාපනය , අධ්‍යාපන අයිතීන් ගැන කිසිඳු සඳහනක් නෑ.
  පෙළ පොත් වෙළඳපොළට නිකුත් කරනවා කියලා තියෙනවා.ශිෂ්‍යන්ට ශිෂ්‍ය ණය ක්‍රම ගැන තියෙනවා. 9වැනි පිටුවේ තියෙනවා උසස් පෙළ විභාගය විශයන් 3ක් සමත්වන්නට   සිය වෘත්තීය හෝ බාහිර අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීම පිණිස රු.ලක්ෂ 10 ක ණයක් පොළී රහිතව ලබා දේ. මේ ණය ගෙවා දැමීමට තමන්ට රැකියාවක් ලැබෙනතුරු කල් ලබා ගැනීමට සහනය ඔවුන්ට හිමිවේ.
අපි ඉන්න ස්ථාවරේ ඒක නෙමෙයි.ණය දීල කරන්න ඕන කියන් එක නෙමෙයි.අපේ විවේචනය ඒක. ඒක සාකච්චා කරා. දැන් ප්‍රශ්නෙ තමයි, ඔවුන් මාධ්‍ය නිවේදනයක් කරනවා අ.වි.ශි.බ.ම  විසින් ව්‍යාජ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කරලා තියෙනවා කියලා.මේක බරපතල ප්‍රකාශයක්. ශිෂ්‍ය වයාපාරය පක්ෂෙක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කරලා බෙදලා තියෙනවා කියන එක.අද මාධ්‍ය සාකච්චාව ගන්නේ ඒකයි. මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්ත හැටි කියන්න ඕනා. රට ඇතුලේ බෙදලා තිබුණු ඒවා, ශිෂ්‍යයෝන්ගේ අත්වල තිබිලා ලබා ගත්ත ඒවා. පසුගිය මිසය අවසාන වෙනකන් මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි අන්තර්ජාලයේ ජ.වි.පෙ නිල වෙබ් අඩවියෙන් භාගත කරගෙන තියෙනවා.ඒවට අදාළ ලියකියවිලිත් තියෙනවා. ජ.වි.පෙ කියනවා මේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නෙමෙයි කියලා. හොයලා බැලුවා. අපට හමුවුණා ප්‍රතිපත්ති ප්‍රකාශන 2ක්. අපේ අතට හමුවුණ එක අරගෙන අපි සාකච්චා කලා. අපි දන්නේ නෑ දෙකක් තියෙනවා කියලා , හිතුවෙත් නෑ. අපි හොයාගෙන ගියේ නෑ තව ඒවා තියෙනවද කියලත්.මුද්‍රණය , මුද්‍රණ ශිල්ප ක්‍රම ගැන, ඒ ප්‍රමාණ ගැන හොඳ දැනුමක් තියෙන මාධ්‍යවේදීන්ට බලන්න පුළුවන් මේවා දෙන්නෙක් කරපු එකක්ද ,ආයතන දෙකකින් කරපු එකක්ද කියලා අදහසක් ගන්න.බරපතලම ප්‍රශ්නය , ජ.වි.පෙ එකක් ද 2ක් ද 15ක් ද 20ක් ද මුද්‍රණය කරාද කියන එක නෙමෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපට මේ ආකාරයෙන් චෝදනාවක් කරලා තියෙන එක. ඒකට පිළිතුරක් දිය යුතුයි.
අපි අධ්‍යනය කරා  ප්‍රතිපත්ති ප්‍රකාශ 2 තුළ වෙනස්කම් තියෙනවා.මාතෘකා 13ක් තමයි 2කේම තියෙන්නේ.වෙනස්කම් ගත්තම පැහැදිලි පිරිස් බලවේග 2ක් ඉලක්ක කරගෙන එක පැත්තකින් සුභසාධනය දෙන, නිදහස් අධ්‍යාපනය රකින , අධ්‍යාපනයට මුදල් වෙන් කරන, මෑන් පවර් ක්‍රම අහෝසි කරන ජනතා බලාපොරොත්තු තියෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒක හොඳයි. අනිත් එක අර අපි ගැහුවා කියන එක, ටිකක් ඉහළ ව්‍යාපාරිකයෝ ආමන්ත්‍රණය කරලා. ඒකේ නිදහස් අධ්‍යාපනය ගැන නෑ ,මෑන් පවර් අහෝසි කරනවා කියලා නෑ., ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම, වෙළෙඳපොල ප්‍රතිසංස්කරණ එහෙම ගැන තියෙනවා.
අපේ අදහස, අපි හිතන අදහස මේ දෙකම සමාජෙන් ආවේ. මේ දෙකම සමාජේ සැරිසරද්දි අතට ආපුවා. මේක දෙපිරිසක් ඉලක්කකර ගෙන මුද්‍රණය කරා කියලා. මේ බරපතල තත්ත්වය වහාම නිවැරදි කරන්න. අපි මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.,ඒ වගේම හෙලාදකිනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට එහෙම අපේක්ෂාවක් නෑ.අපි සියළු දේශපාලන පක්ෂ ගැන විමසිල්ලෙන් ඉන්නවා.කියවිමක් තියෙනවා. ඒ කියවීම නිසා තමයි සටන් දිනන්නේ. ජ.වි.පෙ ගැනත් අපට කියවීම්ක් තියෙනවා. පසුගිය කාලයේ අධ්‍යාපනය විකිණීම සම්බන්ධ පනත් වලට ඒගොල්ලො ඡන්දේ දුන්නේ නෑ. ආසන්න උදාහරණ ගන්න ඒ සම්බන්ධයෙන් පෙනී සිටියේ නෑ. සාගර වි.විද්‍යාලය මුදලට උපාධි විකිණෙන විශ්ව විද්‍යාල බවට පත්කරලා  මේ වසර මුල පසුගිය වසර අග ආව පාර්ලිමේන්තු පනතට ඡන්දෙ දුන්න ද නැද්ද කිවලා හොයලා බලන්න.මෑත ඉතිහාසයේ ආපු බරපතලම ප්‍රතිසංස්කරණය පාසල් තුල මුදල් අයකිරීම නීතිගත කරලා ආව චක්‍රලේකය,ඒකට මොකද කලේ කියලා හොයලා බලන්න.ඔවුන් ඒ සම්බන්ධයෙන් දරපු මතය ,ඒ පිළිබඳව හොයලා බලන්න.ඒ සියල්ල තියෙද්දි අපට යෝජනා කරනවා ඒක දෙමෙයි කඑන්න ඕනා. ජ.වි.පෙ නිවේදනය නිකුත් කරපු නලින්ද ජයතිස්ස ඇතුළු සියළු දෙනාට මේක කලබල වියයුතු ප්‍රශ්නයක්. කරලා තියෙන්නේ වෙන වැඩක්. ජ.වි.පෙ කියන්නේ නැතුව ශිෂ්‍ය සංගමයකින් මාධ්‍ය නිවේදනයක් ගහලා වෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගහල තියෙනවා කියලා. මේක තමන් කරපු වැඩක් නෙමෙයි නම් අපට පටවන්න එපා. ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් අරන් වෙනස්කම් කතාකරලා පක්ෂ මෙන්ම ජාතික නායකත්වය මෙය නිවැරදි කළ යුතුයි.
නජිත් ඉන්දික විසින් බෙදාහැරියා කිවලා අභියෝග කරනවා. හැකිනම් නීතියේ ආධිපත්‍ය , නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම් ගැන බලාගෙන තියාගෙන ඉන්න පිරිසක් කියලා දැක්කා පහුගිය කාලේ. හැකිනම් ඒ සම්බන්ධයෙන් ඕනම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඒකට මුහුණ දෙන්න සූදානම්. අපි තොරතුරු හෙව්වා.ජ.වි.පෙ මීට සති 2කට කලින් මේ 2ම එක්තරා මුද්‍රණාලයක එකවර මුද්‍රණය වෙමින් තිබුණා.ඒ මුද්‍රණාලය , වේලාවන් ,දින සියල්ල හෙළිදරව් කරන්නම්. හෘදසාක්ෂි 2ක් තියෙන්න බෑනේ.තමන් කරපු වැඩේට නිවැරදිව පිළිතුරු ලබා දෙන්න.අපි කාරනා 2ක් අවධාරණය කරනවා. පළමු කාරණාව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ 2ක අරගෙන ඇවිත් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් ජාතික නායකයෝ ඇවිත් නිවැරදි කළ යුතුයි.පෞද්.වි.විද්‍යාල පිලිගන්නේ නෑ,මාළඹේ පිලිගන්නේ නෑ , අහෝසි කරන්න ඕනා, මේක වැරදී ප්‍රතික්ෂේපයි කියලා කරන්න. දෙවැනි කාරනේ අපිට අදාලව ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයන් පුද්ගලයන් විදිහටත් ශිෂ්‍ය ව්‍යාපාරය විදිහටත් ගන්න සූදානම්. නායකත්වයේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා අවධාරණය කරපු කරුණු දෙක ඔප්පු කරලා පෙන්නන්න කියලා.

උද්ඝෝෂණ පාගමනින් අනතුරුව පොලිසිය මැදිහත්වී පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගනී.

ඊයේ(11) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද පාගමනක් කොළඹ නඟරයේදී පවත්වන ලදී. අධ්‍යාපනය විකිණීමේ පාලකයන්ගේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධව සිදු කෙරුණු එම විරෝධතා පාගමන ‘අධ්‍යාපනය විකිණීම නවතනු! මාලඹේ, කොතලාවල ඇතුළු සියළු උපාධිකඩ අහෝසි කරනු!, නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍ය සේවයත් වනසන මාලඹේ හොර උපාධිකඩය අහෝසි කරනු!, පාසල් තුළ සිදුකරන සියළු මුදල් අයකිරීම් නවතනු! නව චක‍්‍රලේඛය අහෝසි කරනු! ආදී අධ්‍යාපනය විකිණීමට එරෙහි සටන් පාඨ මුල්කර ගනිමින් පැවැත්විණි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දක්වා පැමිණි සිසුන් සාමකාමීව තම විරෝධතාවය දක්වා විසිර යන ලදී. නමුත් ඉන් අනතුරුව පිරිස විසිර යද්දී පාගමන සඳහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත‍්‍ර ගෙන ආ වාහනය පොලිසිය මඟින් ලූහුබැඳ පැමිණ අත් අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම එහි රියදුරු මහතා සහ එම රථය තුළ සිටි දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයකු වන සුපුන් සචින්ත සහෝදරයාද සිවිල් ඇඳුම් ඇඳගත් පුද්ගලයින් විසින් කැබ් රථයක් තුළ බලහත්කාරයෙන් දමාගෙන රැුගෙන ගොස් ඇත.
මෙය පැහැරගැනීමකි.
එය පැහැර ගැනීමක් ලෙසින් අප හඳුන්වන් ඉන් අනතුරුව කොටුව පොලීසියෙන් එම සිදුවීම ගැන අප විමසද්දී එවැනි සිදුවීමක් තමන් නොදන්නා බව එහි සිටින ඉහළම නිළධාරීන් දිගින් දිගටම ප‍්‍රකාශ කිරීමෙනි. නමුත් පැය දෙකකට වැඩි කාලයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් කොටුව පොලිසිය ඉදිරිපිටට රැුස්වී විරෝධතාවය දැක්වීමත් සමඟ කලින් නැතැයි කියූ එම සහෝදරවරුන් දෙදෙනා අප වෙත ලබා දෙන ලදී. පැහැර ගැනීමට ලක්වූ අයගේ අත්දැකීම අනුව ඔවුන් සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිටදී පොලිස් භාරයට ගෙන ඇත. නිළ ඇඳුම් හැඳගත් නිළධාරීන් විසින් ඔවුන් ගමන් ගත් වාහනය නතර කර ගත්තද ඔවුන් රැුගෙන ගොස් ඇත්තේ සිවිල් පුද්ගලයන් විසින් සාමාන්‍ය කැබ් රථයකිනි. ඉන් අනතුරුව ඔවුන්ගේ ජංගම දුරකථන විසන්ධි කර උදුරාගෙන ඇති අතර, අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජන කර තිබේ. සමස්ත කාලය පුරා කොටුව පොලිසීයේම ඉහළම මාලයේ ඔවුන් රඳවාගෙන සිටි බවද එම සහෝදරවරු නිදහස් කිරීමෙන් අනතුරුව පැවසූහ.
මෙය බරපතල තත්වයකි. යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඊට ක‍්‍රමවේදයක් තිබේ. අප වරදක් ලෙස පිළිගත්තද නොගත්තද එයට ක‍්‍රමවේදයක් තිබේ. සිවිල් පුද්ගලයින් විසින් පැහැරගෙන, ජංගම දුරකථන විසන්ධි කර, උඩු මහල් වල රඳවා ගෙන සිටියදී එම පොලීසියෙන්ම ‘එවැනි කෙනෙක් ගැන අපි දන්නේ නැත’ යි කියූ ඉතිහාසයක් අපට ඇත. ‘සුදුවෑන්’ සැරිසැරීම සංස්කෘතියක් බවට පත්ව තිබූ, මාධ්‍යවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන් සිය දහස් ගණනක් අතුරුදහන් වූ, නැතිනම් අරුම පුදුම ‘හදිසි අනතුරු’ වලට ලක්වූ ඉතිහාසයක් අපි දනිමු. ඊයේ දිනයේ සිදු වූයේ එවැනි සිදුවීම් වලදී සිදුවන පළමු පියවරයි. දෙවන පියවර එනම්, ‘එවැනි කෙනෙක් ගැන අපි දන්නේ නැත’ යන්න දිගින් දිගටම ප‍්‍රකාශ කළේ නම් ඔවුන් සදාකාලිකව අතුරුදහන්ය. පසුගිය කාලයේ මිනිසුන් අතුරුදහන් කළේ එසේය.
ඒ රාජපක්ෂය. මේ සිරිසේනය. වික‍්‍රමසිංහය. ඉදිරියේදී කව්රුන් වේදැයි අපි නොදනිමු. නමුත් මොවුන් සියළු දෙනාගෙන් ඇති අනතුර ඔබ අපි කාහටත් එක ලෙස ඇත. මැතිවරණයෙන් පසු එළඹෙන හවුල් ආණ්ඩු පාලනයක් යටතේ එම අනතුරට වැඩි වැඩියෙන් මුහුණ දීමට මේ සමාජයේ සටන් කරන සියළු දෙනාට සිදුවනු ඇත. එය ඊනියා යහපාලනය වුවත්, රාජපක්ෂ වුවත් වැඩි වෙනසක් නැත. මෙම සිදුවීමෙන් පැහැදිලි වනුයේ එයයි.

පාසල් අධ්‍යාපනයට ගෙවන්න බෑ ගෙවන්නෙ නෑ අධ්‍යාපනය අයිතියක් සංවිධානය කියයි.

ගෙවන්න බෑ, ගෙවන්නෙ නෑ, පාසල් තුළ මුදල් අයකිරීම් වහා නවතන, යන තේමාව මුල්කරගනිමින් අධ්‍යාපනය අයිතියක් සංවිධානය ගොඩනැගීම ස`දහා එම සංවිධානයේ නියෝජිතයින් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී මේ අදහස් පලවිය.

2015/07/05 වන දින මරදාන CSR ශාලාවේදී මෙම මාධ්‍ය හමුව පැවති අතර එහිදී පලවූ අදහස් මෙසේය.

‘‘පාසල් තුළ මුදල් අයකිරීම නවත්වන්න නම්,

පාසල් ශිෂ්‍යයෝ, දෙමව්පියෝ, ගුරුවරු එක්කරගත් පු`එල් වැඩපිළිවෙලක් අවශ්‍යයි’’

(කැදවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන්, පාසල් තුළ මේ වෙද්දි සිද්ධවන මුදල් අයකිරීම්වලට එරෙහිව ‘‘අධ්‍යාපනය අයිතියක්’’ නමින් නව සංවිධානයක් ගොඩනගන්න අපි කටයුතු කරමින් ඉන්නවා ඒ පිළිබ`දව දැනුවත් කරන්න තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡුාව කැෙ`දව්වේ. පාසල්වලින් මුදල් අයකිරීම පිළිබ`ද ප‍්‍රශ්නය කෙටිකාලීන ඉතිහාසයක් තියෙන ප‍්‍රශ්නයක්. මීට අවුරුදු දහයකට පහළවකට කලින් පාසල්වලින් මුදල් අයකරන සම්ප‍්‍රදායක් තිබ්බෙ නෑ. 1947 නිදහස් අධ්‍යාපන පනත සම්මත කරාට පස්සේ ලංකාවේ අධ්‍යාපනය නොමිලේ ලබාදෙන සේවාවක් වශයෙන් තමයි සැලකුණේ. එතැන් පටන් පාසල්වලින් ගාස්තු අයකරන ක‍්‍රමවේදයක් පාසල් තුළ තිබුණෙ නෑ. හැබැයි මෑත වසර කිහිපයක සිට ක‍්‍රමක‍්‍රමයෙන් විවිධ හේතු දක්වමින් ශිෂ්‍යයින්ගෙන් ගාස්තු අයකරන ක‍්‍රමවේදයක් ආරම්භ කරලා තියෙනවා. ෙමි පිළිබ`දව දිගින් දිගටම අපි තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කරා. මීට වසර පහකට විතර කලින් මේ ප‍්‍රශ්නය ඉතාමත් වේගයෙන් තිව‍්‍රර වෙන්න පටන් ගත්තා. එ්ක පාසල්වල ගොඩනැගිලි හැදීමේ සිට පාසල්වල බිත්තිවල තීන්ත ගාන්න, ආරක්ෂක අංශවලට වැටුප් ගෙවන්න සමහර තැන්වල සහකාර ගුරුවරුන්ට වැටුප් ගෙවන්න පවා පාසල්වල ශිෂ්‍යයින්ගෙන් මුදල් අයකරන ක‍්‍රමයක් දැන් ටික කාලයක සිට ආරම්භ කරලා තිබුණා. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් අපි මීට එරෙහිව විශාල අරගලයක් ගෙන ගියා. හැබැයි දැන් ආණ්ඩුව මාරු වුණාට පස්සෙත් පාසල්වල ගාස්තු අයකිරීම වේගවත් වෙලා තියෙනවා. ඉතිහාසේ කවරදාකවත් නැති විදිහට මේ ප‍්‍රශ්නය අද වර්ධනය වෙලා තියෙනවා. ඒ ස`දහා හො`දම උදාහරණය තමයි පාසල්වලින් මුදල් අයකිරීම නීතිගත කරන්න ගෙනාව චක‍්‍රලේඛය. ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙවැනි චක‍්‍රලේඛයක් නිකුත් වෙන්නෙ. මේවට විරුද්ධව අපි දිගින් දිගට ම විරුද්ධ වුණා. සටන් වැදුනා. ප‍්‍රශ්නේ තියෙන්නේ මේ ක‍්‍රියාවලිය තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් තියෙනවා, ප‍්‍රතිපාදන කපනවා, පාසල් නඩත්තු කරන්න දෙමව්පියන්ගෙන් අයකරනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය තුලින් පමණක් මේක අවසන් කරන්න බෑ. ඒ ස`දහා තියෙන ඉඩකඩ අඩුයි. මොකද මේ මු`එ ලංකාව ම වසාගෙන යමින් තිබෙන ප‍්‍රශ්නයක්. හැම පාසලක ම මේක කෙරෙනවා. සමාජ ප‍්‍රශ්නයක් ඇති කරන මට්ටමට දුරදිග යමින් තියෙන්නෙ. ඒ නිසා මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දැන්ම විශේෂ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ ස`දහා පාසල් සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් හා සියලූ දෙනා එකතු කරගත් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා අපි හිතනවා. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය අයිතියක් සංවිධානය ගොඩනගන්න හිතුවෙ.

‘‘අද ගුරු වැටුප් ගෙවීම හැර පාසලේ සියලූ වියදම් දරන්නේ පාසල් සංවර්ධන කමිටුව

ඉදිරියේදී ගුරු වැටුප් ගෙවීමත් දෙමව්පියන්ට කරන්න වෙයි.’’

(තුසිත යාපා සෞන්දර්ය විෂයභාර ආචාර්ය) 

මෑත කාලයේ පටන්ගත්ත මේ මුදල් එකතු කිරීමට විරුද්ධව ආපු විවිධ විරෝධතා මත ඒකට උත්තරයක් විදිහට අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මුදල් අයකිරීම නීත්‍යනුකූල කරලා පාසල්වලට චක‍්‍රලේඛයක් නිකුත් කරා. ඒ ම`ගින් මුදල් එකතුකිරීමේ වටපිටාව වඩාත් විශාල වෙච්ච එක තමයි සිද්ධ වුණේ. පාසල්වලට පහසුකම් ගාස්තු කියලා වෙනම එකතු කරනවා. ඊට අමතර ව පාසල් සංවර්ධන සමිතිය හා පාසල් සංවර්ධන කමිටුව විසින් ගනු ලබන තීරණවලට අනුව මුදල් අයකරන වටපිටාවකුත් හදලා තියෙනවා. මීට අමතරව පාසල් වල මුදල් එකතු කිරීම මාෆියාවක් කරගෙන නීති විරෝධීවත් මුදල් අයකරනවා කියලා අපි පාසල් වල ඉන්න අය විදිහට දකිනවා.

එක වසරට ශිෂ්‍යයකු ඇතු`එ කළ අවස්තාවේ සිට ඉවත්වීම දක්වා ම මේ ක‍්‍රියාවලිය සිද්ධවෙනවා. නීත්‍යනුකූල ව හා නීති විරෝධි කියන දෙපැත්තෙන් ම. මේ නිසා පාසලකට ඇතුළත් වෙන්න බැරිව දරුවෝ මාස ගණන් ගෙදර ඉන්නවා. මොකද මේ පාසල් ඉල්ලන මුදල් ගෙවාගන්න බැරි නිසා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට පාසලකට යද්දි තමන් කැමති පාසලකට යන්න බෑ. මොකද ඒ පාසල් පරිත්‍යාග විදිහට බලාපොරොත්තු වන මුදල් ගෙවාගන්න බැරි නිසා. ඒ නිසා අද දරුවන්ට තමන් කැමති, පහසුකම් තියෙන පාසලකට යන්න තියෙන අවස්ථාව මු`එමනින් ම ඇහැරිලා තියෙනවා. ඒ වගේම තමයි පාසලේ ආරක්ෂක ගාස්තු ගෙවන එක, පාසලේ විවිධ කටයුතු ස`දහා මුදල් ප‍්‍රමාණයන් තීරණය කරන එක පාසල් සංවර්ධන කමිටුවට මේ වෙද්දි බාරදීල තියෙනවා. පාසල් තුළ ගිණුම් කීපයක් පවත්වාගෙන යනවා. එකක් තමයි පාසල් ගුරුවරුන්ගේ වැටුප් ගිණුම, ඒ වගේම පාසල් සංවර්ධන සමිතියේ ගිණුම, ඒවගේම ගුණාත්මක යෙදවුම් ගිණුම, ඒ වගේ ගිණුම් කීපයක් පවත්වාගෙන යනවා. අපි දැක්කා පහුගිය කාලේ ගුරුවැටුප් ගිණුම හැර අනෙක් ගිණුම් සියල්ල ම එක ගිණුමකට ගන්න කියලා දැනුම් දුන්නා. දැන් ඉතිරි පාසල් ගුරු වැටුප් ගිණුම විතරයි. තව කාලයක් ගියාම මේ ගිණුමත් පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට එකතු කරාම ගුරුවැටුප් ගෙවන්න වෙන්නෙත් පාසල් සංවර්ධන කමිටුවට. ඒ නිසා ගුරු වැටුප් ගෙවීමත් දෙමව්පියන්ගේ කරමත පැටවෙයි. මේක අද නීත්‍යනුකූලයි. හැබැයි අපි මේකට විරුද්ධ වෙන්නේ මේ ක‍්‍රියාවලිය කිසිසේත් ම යුක්ති සහගත නොවන නිසා. කොහොම නමුත් මේක එක පාර්ෂවයකට වෙනස් කරන්න බෑ. සමස්ත ජනතාව ම පෙළගැස්විය යුතුයි.

හැම දෙමව්පියෙක්ම නගන, පාසල්වලට මුදල් ගෙවන්න බෑ කියන මැසිවිල්ල

ගෙවන්නෙ නෑ කියන ප‍්‍රබල හඩක් බවට පත්කළ යුතුයි.

(සංජීව බණ්ඩාර ප‍්‍රකාශක, ‘‘අධ්‍යාපනය අයිතියක්’’ සංවිධානය)

අධ්‍යාපනය අයිතියක් සංවිධානය අපි ගොඩ නගන්නේ මේ රටේ පාසල් අධ්‍යාපනයට අදාල සියලූ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න තිබිය යුතු පුළුල් සටන් පෙරමුණක, බහුජන ව්‍යාපාරයක අඩුව සම්පුර්ණ කරන්න. මෙතෙක් කල් මේ රටේ පාසල් ක්‍ෂෙත‍්‍රයේ පැණනැගුණු ප‍්‍රශ්න වලදී, ඒ වගේම පාසල් අධ්‍යාපනය කප්පාදු කරන්න, විකුණා දමන්න දරන ලද උත්සායන් වලදී ඒ වෙනුවෙන් සටන් වැදුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය. ඒ මැදිහත්වීම් නිසා ඒ හුඟක් විනාශකාරී ප‍්‍රතිසංස්කරණ පරාජය කරන්න වගේම, ජයග‍්‍රහණ රැුසක් දිනා දෙන්නත් පුළුවන්කම ලැබුණා. නමුත් මුළුමනින් ම පාසල් අධ්‍යාපනයට එල්ලවෙලා තිබෙන තර්ජනය පරාජය කරන්න නම්, පාසල් අධ්‍යාපන කප්පාදුව හා විකිණීම නවත්වන්න නම්, මේ රටේ හැම දරුවෙක්ට ම ඉගෙන ගන්න තිබෙන අයිතිය සහතික කරලා දෙන්න නම් ඊට එහා ගිය පුළුල් මැදිහත්වීමක් අවශ්‍යයි. පාසල් අධ්‍යාපනයට අදාල සියලූ පාර්ෂවයන් එක්කොටගත් සටන් පෙරමුණක් අවශ්‍යයි. ශිෂ්‍යයෝ, දෙමව්පියෝ, ගුරුවරු විතරක් නෙවෙයි, අධ්‍යාපනඥයන්, අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දක්වන සියලූ පාර්ෂ්වයන් එක් වේදිකාවකට, එක් සටන් පෙරමුණකට එක් විය යුතුයි. අන්න ඒ වෙනුවෙන් තමයි අද අධ්‍යාපනය අයිතියක් සංවිධානය මේ විදිහට ගොඩ නැගෙන්නේ.

අධ්‍යාපනය අයිතියක් සංවිධානය විදිහට මේ රටේ අධ්‍යාපනය තුළ පැණනගින සෑම ප‍්‍රශ්නයක් වෙනුවෙන් ම, විශේෂයෙන් පාසල් ක්‍ෂේත‍්‍රය තුළ පැණනගින ප‍්‍රශ්න වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වදින්න අපි සූදානම්ි. අපි දන්නවා දැනටමත් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව, මේ රටේ අධ්‍යාපනය තුළ සිදුවන විවිධ අසාධාරණකම්වලට එරෙහිව තනි තනි මිනිස්සු සටන් කරමින් ඉන්නවා. ශිෂ්‍යයෝ අරගල කරනවා. දෙමව්පියෝ දරුවන්ට සිද්ද වෙන අසාධාරණකම්වලදී සටන් කරනවා. ඒ වගේම ගුරුවරු විදිහට ගෙන යන අරගලයකුත් තියෙනවා. නමුත් අපි දන්නවා මේ තනි තනි උත්සාහයන්ට යම් සීමාවක් තියෙනවා. හුඟක් දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට පලිගැනීම් සිද්දවෙයි කියන බයට, එහෙම නැත්නම් රාජ්‍ය මර්දනය නිසා අකමැත්තෙන් සමහර අසාධාරණකම් ඉවසනවා. විඳ දරාගන්නවා. අපට පිළිගන්න වෙනවා තනි තනි අරගල රාජ්‍යට සිය බලය යොදවලා මර්දනය කළ හැකියි කියල. හැබැයි පොදු සමාජ අරගල එහෙම කරන්න බෑ. මර්දනය නොකරනවා කියන එක නෙවෙයි ඒත් ආණ්ඩුවලට තමන්ට ඕන විදිහට යටපත් කරන්න බෑ. පොදු සමාජ හඩට ඔවුන්ට කන්දෙන්න වෙනවා. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය අයිතියක් සංවිධානය විදිහට තැනින් තැන තිබෙන හුදකලා අරගල එක වේදිකාවකට ගේන්න හදන්නෙ. අපි මේ රටේ සියලූ පුරවැසියන්ට ඒ සඳහා ආරාධනා කරනවා. මෙතෙක් කල් හඩක් නොතිබුණ සමාජයට හඩක් වෙන්න, හැම දරුවක්ගෙ ම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කොන්දේශී විරහිතව සටන් වදින්න අපි සූදානම්.

අපි අද අධ්‍යාපනය අයිතියක් සංවිධානය ගොඩ නගන වෙලාව වෙද්දී මේ රටේ අධ්‍යාපනයට අත්වෙලා තිබෙන ඉරණම අමුතුවෙන් පැහැදිළි කළ යුතු නෑ. මොකද ඔබ කවුරුත් ඒ ගැන දන්නවා. මේ රටේ පාලකයන්ට එක පැත්තකින් පාසල කියන්නේ වදයක්, බරක්....ඒ විදිහට තමයි සමහරු ඒ දිහා බලන්නෙ. ඒ නිසා ප‍්‍රතිපාදන පුළුවන් තරම් කපනවා. පුද්ගලික අංශයට දීලා දාලා නිදහස් වෙන්න හිතනවා. තවත් සමහරුන්ට මේක මුදල් ගරන්න නියම ඉල්ලමක්. ඒ නිසා තමයි පුළුවන් තරම් දත කන්නෙ අධ්‍යාපනය විකුණන්න. පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් දාන්න නොගන්න උත්සාහයක් නෑ. එහෙම නැත්නම් රජයේ ස්කොලේ කොහොම ද මුදල් හොයන්නේ කියලා තමයි මේ මහත්තුරු කල්පනා කරන්නෙ.

තවත් කොට්ඨාශයක් ඉන්නවා ඒ ගොල්ලන්ට තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව හසුරුවන්න තියෙන, ප‍්‍රචාරක කටයුතු කරගන්න තියෙන තැනක් තමයි පාසල. ඒ නිසා මුල් ගල් තියාගන යනවා. අවුරුදු 8 ක් 10 ක් පැලවෙන්න ඇරලා ඒ අතර කාලේ පුළුවන් තරම් රැුස්වීම් පවත්වලා, උත්සව කරලා, අන්තිමේ කිසිම ප‍්‍රමිතියක් නැති මොකක් හරි ඉදිකිරීමක් කරලා නමත් ගහගන්නවා. හිටපු ජනාධිපති විද්‍යාගාර හැදුවා වගේ තමයි ඕවා හැමදාම වෙන්නෙ. වැදගත් පාසලේ අවශ්‍යතාවය නෙවෙයි, දේශපාලනඥයන්ගේ න්‍යායපත‍්‍ර. ඒ නිසා පාසල් අධ්‍යාපනයට අද අත්වෙලා තියෙන ඉරණම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

එහෙම නැතුව පාසල් දියුණු කරන්න, ඒ හරහා මේ රටේ දරුවන්ගේ නැන නුවණ පාදන්න එහෙම වැඩ පිළිවෙලක් කාටවත් නෑ. මොනවද තියෙන අඩුපාඩු, පාසල්වල විද්‍යාගාර, පුස්තකාල, ක‍්‍රීඩා පිටි, මේ ආදී පහසුකම් තියෙනව ද නැද්ද, ප‍්‍රමාණවත් ගුරුවරු ඉන්නව ද, ඉන්න ගුරුවරුවරු හරියට උගන්වනව ද, එහෙම නොවෙනවනම් ඇයි එහෙම වෙන්නෙ, මොනව ද ගුරුවරුන්ට තියෙන ප‍්‍රශ්න මේ මොකක් වත් මේ අයට අදාල නෑ. අඩුම තරමේ වාර විභාගයක්වත් පවත්වගන්න බෑ. පෙළ පොතක් මුද්‍රණය කරගන්න බෑ. උසස් පෙළ, සාමාන්‍ය පෙළ වගේ විභාග හැම දාම අවුල්. එක්කෝ ප‍්‍රශ්නපත‍්‍ර වැරදි, නැත්නම් ප‍්‍රතිඵල වැරදි, අඩුම ගානේ කාල සටහන හරි වරද්දනවා. මේ වෙද්දිත් උසස් පෙළ විභාගය තියෙන්නේ අර්බුධයක. රාජපක්ෂලා විතරක් නෙවෙයි යහපාලන මහත්තුරුන්ගේ කෙරුවාවත්, මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනසක් නෑ. මේ පාරත් උසස් පෙළට හෙන ගෙඩියක් අතැරලා තියෙනවා. අවුරුදු තුනක් හතරක් තිස්සේ අපාදුක් විඳ විඳ හෙලපු දහඩිය මහන්සිය ඔක්කෝම ඉවරයි. මේක තරඟකාරී විභාගයක්. දශමයක වෙනසක් ඇති උසස් අධ්‍යාපනය ලැබීම නොලැබීම තීරණය වෙන්න. අද හුඟක් ශිෂ්‍යයෝ ඉන්නේ කලකිරීමෙන්. මේ ඡුන්දෙ අපේ‍්‍රල් තියන්න තිබ්බා. නැත්නම් ජූනි, ජූලි, අගෝස්තු මුල තියලා ඉවර කරන්න තිබ්බා. එහෙම නැත්නම් විභාගෙන් පස්සට ගන්න තිබ්බා. ඒ මොකක් වත් සලකන්නේ නැතුව විභාගය මැද්දට ඡුන්දයක් ගෙනල්ල දැම්මා. මේකෙන් පේන්නේ වෙන මොකක් වත් නෙවෙයි. ඡුන්දවලදී නොසලකන දේ තමයි ජනතාව. ජනතාවගේ සිතුම් පැතුම්. අපි අහනවා මේ රටේ දෙමව්පියන්ගෙන් ඔබට වැදගත් මේ ඡුන්දෙ ද? නැත්නම් ඔබේ දරුවගෙ විභාගෙ ද? මේ ඡුන්දෙන් පස්සේ මිනිස්සුන්ට විමුක්තිය උදාවෙනව ද? නෑ. අපි කියනවා මේවට විරුද්ධව ජනතාව නැගී සිටිය යුතුයි.

අධ්‍යාපනය අයිතියක් සංවිධානය විදිහට අපේ තේමාව තමයි ගෙවන්න බෑ. ගෙවන්නෙ නෑ කියන එක. අපි දන්නවා අද පාසල් අධ්‍යාපනය මුළුමනින් දෙමව්පියෝ මත පටවලා ඉවරයි. ප‍්‍රතිපාදන වෙන් කරන්නෙ නෑ. පාසල් නඩත්තු කරන්න සිද්ධවෙලා තියෙන්නෙ දෙමව්පියන්ට. ඇතුළත්වීමේ ගාස්තු, ලියාපදිංචි ගාස්තු, පහසුකම් ගාස්තු, ජල බිල, විදුලි බිල මේවට මුදලින් අය කරනවා. ගොඩනැගිලිවල තීන්ත ගාන්න, ගෙවතු සුද්ද කරන්න, ආරක්ෂාව සලස්වන්න කියලා ශ‍්‍රමයෙනුත් ගෙවනවා. ඊළගට දරුවන් ස්කෝලෙ ට දාද්දි නීත්‍යනුකූලව ගෙවන්නත් ඕන, විදුහල්පතිවරුන්ට, දේශපාලඥයන්ට හොරපාරෙන් දෙන්නත් ඕන. මේවා ගෙවන්න මේ රටේ වැඩ කරන දුක්විඳින දෙමව්පියන්ට බෑ. තුන්වේල ගැටගහගන්න බැරි මිනිස්සු දාස්ගණන් අධ්‍යාපනයටත් ගෙවන්නෙ කොහොම ද? අපි අහනවා.

අධ්‍යාපනය කියන්නේ අයිතියක්. ඒකෙදි ජාති, කුල, ආගම්, ලිංග විතරක් නෙවෙයි මුදල් ඇති නැති බේද සලකන එකත් වැරදියි. අධ්‍යාපනය අයිතියක් කියලා පොත්වල ලිව්වට මදි. අණපනත්වල කෙටුම්පත් කරාට මදි. මහපොලවේ ඒ අයිතිය ක‍්‍රියාත්මක වෙන්න ඕන. අධ්‍යාපනය මුදල් මත තීරණය කරාම, පාසලට ඇතුළත් කරගැනීම ගෙවීමේ හැකියාව මත වුණාම, අධ්‍යාපනය අයිතියක් වෙන්නෙ නෑ. සල්ලි තියෙන කීප දෙනෙක්ගේ වරප‍්‍රසාදයක් විතරයි. අද හුඟක් දෙමව්පියන්ට තමන්ගෙ දරුවට පාසලක් නෑ. ලැබුණත් පහසුකම් තියෙන පාසලක් ලබාගන්න බෑ. අපි හිතනවා මේක වහාම වෙනස් විය යුතුයි.

ඒ මදිවට පාසල්වල ඉගැන්වීම් ක‍්‍රියාවලිය බිඳවැටිලා. ඒ නිසා ටියුෂන්වලටත් ගෙවන්න සිද්ධවෙනවා. ඒ විතරක් නෙවෙයි පාසලේ හොඳ අධ්‍යාපනයක් නොලැබීම, ටියුෂන් අනිවාර්ය බවට පත්වී තිබීම තවත් සමාජ ප‍්‍රශ්න ගානක් හදනවා. ශිෂ්‍යයෝ පාසලෙන් ටියුෂන් එකට, ටියුෂන් එකෙන් ගෙදරට, ගෙදරත් ටියුෂන්, නිදාගන්නවත් වෙලාවක් නෑ. ගෙදර ඉන්නේ පැයයි දෙකයි. නිවාඩු දවස්වලත් පංති. මේවට ගෙවන්න දෙමව්පියන්ට ලැබෙන සොච්චම් වැටුප ප‍්‍රමාණවත් නෑ. දවසට පැය අටක් වැඩ කරලා බෑ. තවත් පැය දෙකක් තුනක් වැඩ කරනවා. නිවාඩු දවසටත් ඕටී කරනවා. අද දෙමව්පියන්ගෙයි දරුවන්ගෙයි මැසිවිල්ලක් තමයි කොච්චර මහන්සි උනත් මුන්ට තේරෙන් නෑ, දෙමව්පියෝ කියනවා. එයාලා අපිට ආදරේ නෑ, දරුවෝ කියනවා. දෙමව්පියන්ට දරුවෝ තේරෙන්නේ නෑ. දරුවන්ට දෙමව්පියෝ තේරෙන්නේ නෑ. පවුල් අවුල් වෙනවා. දරුවෝ නොමඟ යනවා. අද ශිෂ්‍යයින්ට ළමා කාලයක්, තාරුණ්‍යයක් මේ මොකවත් නෑ. පස්ස කැඩිච්ච කඩියෝ වගේ ඔහේ දුවනවා. අන්තිමේ හෙම්බත් වෙන එක විතරයි. මොකද අද ඒ තුනක් ගත්තත් කැම්පස් යන්න බෑ. අන්තිමේ ඉතිරිවෙන්නේ සමාජ වෛරක්කාරයෙක් විතරයි.

අපි හිතනවා මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපනය විකිණිම, අධ්‍යාපනයට ගාස්තු අයකිරීම නවතා දැමිය යුතුයි. ඒක අපි දන්නවා මේ පාලකයෝ කවදාවත් කරන්නේ නෑ. මොකද ඔබ දන්නවා පහුගිය රාජපක්ෂ ආණ්ඩුව ප‍්‍රතිපාදන කපද්දි විශාල සමාජ විරෝධයක් ආවා. 6% ක් ඉල්ලලා ජනතාව පාරට බැස්සා. එදා මේ සටන් පස්සේ ගියපු විපක්ෂය බලයට ආවම මොකද වුණේ. ප‍්‍රතිපාදන වැඩිකලා ද නෑ. පාසල් වලින් ගාස්තු අයකිරීම නැවැත්තුව ද නෑ.

ඒ වෙනුවට චක‍්‍රලේඛයක් ගහලා ගාස්තු අයකිරීම නීත්‍යනුකූල කරා එච්චරයි. ඒ අනුව රාජපක්ෂලත් එකයි. හත් හවුල් යහපාලන ආණ්ඩුවත් එකයි. මේ කොයි ආණ්ඩුවත් එකයි කියන එක අපි එදා ඉ`දලා දන්නවා. ජේ. ආර්, පේ‍්‍රමදාස, චන්ද්‍රිකා, මේ හැම ආණ්ඩුව ම අධ්‍යාපනය වැනසුවා. ඊට පස්සේ ආපු හවුල් ආණ්ඩුත් එහෙමමයි. ජවිපෙ චන්ද්‍රිකා සන්ධාන, රාජපක්ෂ ආණ්ඩුව, ඊයේ පෙරේදා විසුරුවපු හත් හවුල් ආණ්ඩුව මේ ඔක්කොම අධ්‍යාපනය කැපුවා. විකුණන්නත් පිඹුරුපත් හැදුවා. ඒ නිසා අධ්‍යාපන අයිතිය රැුකගන්න සටන් වැදීම හැර වෙන විකල්පයක් නෑ. අපි අධ්‍යාපන අයිතියත් සංවිධානය ගොඩ නගන්නේ අන්න ඒ නිසයි.

හැම දෙමව්පියෙක් ම නඟන මැසිවිල්ලක් තමයි ගෙවන්න බෑ කියන එක. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා බැරි මරගාතෙ ගෙවනවා. අපි මේ සටන පටන් ගන්නෙ ඒ මැසිවිල්ල තවත් මැසිවිල්ලක් නොකොට, ගෙවන්නෙ නෑ කියලා තිර ලෙස කියන යෝධ හඩක් බවට පත් කරන්න. අපි ඒක කළ යුතුයි. මේ රටේ කිසි දරුවෙක්ට අධ්‍යාපනය අහිමි නොවිය යුතුයි. කිසිම දෙමව්පියෙක් දරුවන්ට අධ්‍යාපනය අහිමිව හූල්ලා නොවැටිය යුතුයි. ඒක තමයි ඒ කියන්නේ. හැම පුරවැසියෙක්ටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය සහතික කරදීම තමයි අපේ අරමුණ. ඒ සඳහා උනන්දු වෙන සියලූ දෙනාට එක්වෙන්න කියලා අපි කියනවා.

පාසල් තුළින් අය කරන ගාස්තු ගෙවීමේ හැකියාවක් රටේ සාතිශය බහුතරයක් ජනතාවට නැති බවත්, මෙම අය කිරීම් හේතුවෙන් ගොවි, කම්කරු. ධීවර ඇතු`එ සියලූ පීඩිත ප‍්‍රජාවන්ට අධ්‍යාපන ලැබීමේ අයිතිය අහෝසි වන බවත්, පවසන අධ්‍යාපනය අයිතියක් සංවිධානය ඒ නිසා පාසල්වලින් මුදල් අයකිරීමට එරෙහිව සියලූ ප‍්‍රජාවන් නැගී සිටිය යුතු යැයි පවසයි.

ශිෂ්‍ය ව්‍යාපාරය සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය හෙළා දකිමු

මාධ්‍ය නිවේදනය

ශිෂ්‍ය ව්‍යාපාරය සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය හෙළා දකිමු

රජය විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මර්දනය කිරීම ස`දහා දියත් කොට තිබෙන වැඩපිලිවෙලේ කොටසක් ලෙස අද දින (29) කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වෙලගෙදර සුමනජෝති හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කොට තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග  මේ වනවිට සිරගත කරනු ලැබ සිටින ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ සංඛ්‍යාව පහ දක්වා ඉහළ නැග ඇත. සිරගත කරනු ලැබූ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අතර අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැ`දවුම්කරු තැන්නේ ඥානාන්ද හිමියන් ද සිටී.
මේ අතර කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් නම දෙනෙක්ට අද දින මහර මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් දැනුම් දී තිබුණි. ඒ ශාස්ත‍්‍රීය අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අසල සිදුකළ උද්ඝෝෂණික ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පොලිසිය පවරා තිබෙන නඩුවක් ස`දහාය. එසේම පසුගිය මාර්තු 31 දින අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව පාගමනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් එලැඹෙන ජූනි 04 වන දා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැ`දවුම්කරු ඇතුලූ තවත් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 18 දෙනෙක්ට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කොට තිබේ. මෙලෙස ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ හා ඔවුන්ට නඩු පැවරීමේ  ක‍්‍රියාවලිය සීඝ‍්‍රයෙන් ඉදිරියට ගෙනයන අතර පොලිස් නිලධාරීන්ව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ නිවෙස්වලට යවා ඔවුන්ගේ දෙමාපියන් බියපත් කිරීම ද දිගටම සිදුවෙමින් තිබේ.  රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර සහෝදරයාගේ නිවෙසට මේ මාසය තුළ මෙලෙස සිවු වතාවක් පොලිසිය යවා තර්ජනය කිරීම් සිදුකොට ඇත.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට එල්ල වී තිබෙන මෙම මර්දනය හුදෙකලා එකක් නොව සමාජය පුරා පැතිරී යමින් තිබෙන ප‍්‍රවණතාවයක එක් අවස්ථාවක් බව අපි අවධාරණය කරමු. වත්මන් මෛත‍්‍රීපාල- වික‍්‍රමසිංහ හවුල් ආණ්ඩුව බලයට ආවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බව කියමිනි. එහෙත් බලයට පත්වූ අවස්ථාවේ පටන් ආණ්ඩුව ජනතාවගේ අති මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් වලට සාහසික ලෙස පහර ගසමින් සිටී. පසුගිය දිනෙක යාපනයේ දී ස්ත‍්‍රී ¥ෂණ සිද්ධියකට විරෝධය පාමින් උද්ඝෝෂණය කළ 127 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර චුන්නාකම් ප‍්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් වාරණ නියෝගයක් අධිකරණය මගින් ලබාගන්නා ලදී. එසේම පසුගිය දා තුන්නාන ප‍්‍රදේශයේ පරිසර විනාශයට එරෙහිව ප‍්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් .තවත් අධිකරණ නියෝගයක් ලබා දී තිබුණේය. උද්ඝෝෂණ පැවැත්වීම සහ විරෝධතා දැක්වීම මහජනයාගේ අති මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකමකි. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ප‍්‍රතිපාදන යොදාගෙන එලෙස උද්ඝෝෂණ පැවැත්වීම ‘අපරාධකරණය කිරීම’ බරපතල තත්වයකි.
මේ අතර මැයි 24 දා මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසී ජනතාව පැවැත්වූ උද්ඝෝෂණයට අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කළ පොලිසිය එම ජනතාව විසුරුවා හරින ලදී. එසේම ඊයේ දින (28* කොටකෙතන ද්විත්ව ඝාතන සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පල කොට කහවත්තේ දී පැවැත්වූ විරෝධතාවයක් ද මෙලෙසම පොලිස් පහරදීම් සිදුකොට විසුරුවා හරිනු ලැබීය. තවද පසුගිය දා ඇති වූ සෞඛ්‍ය සේවක වැඩවර්ජනයේ දී අනියම් හා ආදේශක කම්කරුවන් සේවයෙන් නෙරපා හරින බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගනු ලැබූ බව කියන තීන්දුව කම්කරුවන්ගේ ප‍්‍රජාතාන්තික අයිතියක් වන වැඩවර්ජනය කිරීමේ අයිතිය සෘජු ලෙස උල්ලංඝණය කිරීමකි.
මේ අනුව පෙනෙන්නේ පොලිසිය සහ නීතිය යොදාගෙන මර්දනය කරනු ලැබෙන්නේ ශිෂ්‍ය අරගල පමණක් නොවන බවයි. රජයේ නිල අදහසට විසම්මුතික මතයක් ඉදිරිපත් කරමින් සිදුවන  ඕනෑම ජනතා උද්ඝෝෂණයක් මර්දනය කිරීමට ලක්වෙමින් තිබෙන බව ඉතා පැහැදිලිය. මෙය වහා පරාජය කළ යුතු තත්වයකි. රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ මහජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් කප්පාදුව වෙත එල්ල වූ ජනතා විරෝධය දඩමීමා කරගෙන බලයට පැමිණි මෛත‍්‍රීපාල- වික‍්‍රමසිංහ හවුල් ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන්ට පහර ගැසීම දිගටම කරගෙන යාම බලවත් සමාජ විරෝධයක් ඇති විය යුතු තත්වයකි. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, රැුස්වීමේ අයිතිය, විරෝධය දැක්වීමේ අයිතිය ඇතුලූ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කරගැනීම හා ඒවා දිනාගැනීම වෙනුවෙන් පෙරට එන මෙන් අපි සියලූ ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතාන්ත‍්‍රික බලවේග වලින් ඉල්ලා සිටිමු.
ස්තුතියි
මීට
නජිත් ඉන්දික
කැදවුම්කරු
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය