Showing posts with label leaflet. Show all posts
Showing posts with label leaflet. Show all posts

SALE SALE අධ්‍යාපනය SALE


ස්වාමීන්වහන්ස,පූජකතුමනි,අම්මේ,තාත්තේ,සහෝදරයා,සහෝදරිය
අය වැය   චන්ද 109 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා .  බොහෝ දෙනෙකුගේ විරෝධය මැද්දේ තමයි මේක සම්මත වුනේ. සහන, අයිතීන් කප්පාදු කරපු  එක ගැන දැන් කතාවක් නෑ. දැන් කතාව තියෙන්නේ අලූත් ව්‍යවස්ථාව ගැන. 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන කොටත් මේ වගේ කතා බහක් හැදුවා. ඖෂධ පනත ගෙනාවෙත් ඒ පනත ගෙනාවම අපිට ඉබේම ලෙඩ හො`ද වෙනවා වගේ. හැබැයි ආපහු හැරිලා බැලූවොත් ගහපු පදේකුත් නෑ, බෙරේ පලූවකුත් නෑ. අපිට තියෙන ඇත්ත ප‍්‍රශ්ණ ඔක්කෝම යට ගහලා. 
එ් නිසා තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදියට අපිට නැවත නැවත පාරට බහින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබට වුනත් හිතෙනවා ඇති කවුරු ආණ්ඩු කලත් ශිෂ්‍යයෝ පාරේ, පුරුද්දට කෑගහනවා කියලා. ඔව් පහුගිය හැම ආණ්ඩුවක් කාලෙම අපි පාරට බැස්සා. මොකද එක එක විදියේ අයිසිං තවරලා පහුගිය හැම ආණඩුවක්ම ප‍්‍රතිපත්ති හැදුවේ අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන්න. 
අපි කිව්වේ අධ්‍යාපනය විකුණන්න එපා කියලා. අම්මලා තාත්තලාට තිබුණ ප‍්‍රශ්ණේ පාසල් වලින් මුදල් එකතු කරන එක. හැබැයි මේ ආණ්ඩුව දැන් පෞද්ගලීකරණය ප‍්‍රසිද්ධියේ පිලි අරන් ඉවරයි. ඒ වෙනුවෙන් එලි පිටම පෙනී ඉන්න පටන් අරන්, මාළෙ ඕ ී්ෂඔඵ හොර උපාධි කඩය නීති ගත කරන්න තාමත් ක‍්‍රමන්ත‍්‍රණය කරනවා. කාටද මේක පවත්වාගෙන යන්න  ඕන ? වෛද්‍යවරු විරුද්ධයි. ශිෂ්‍යයෝ විරුද්ධයි. පාසල් වල මුදල් අය කරන එකට කවුද එකඟ ? මුදල් ගෙවන්න සිද්ධ වෙන දෙමාපියන් එකඟ නෑ , හැබැයි දෙමාපියන්වම නියෝජිතයෝ කරගෙන මුදල් එකතු කරන වැඬේ කෙරෙනවා. උසස් අධ්‍යාපන ඇමතිවරයා , අධ්‍යාපන ඇමතිවරයා පාසල් වහන එක ගැන ,විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැරි වන එක ගැන කතා කරන්නෙම නෑ .එයාලගේ කටේ තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ,ආයෝජනය, සල්ලි , ලාභ කියන වචන විතරයි. 
ETF-EPF අරමුදල් එකතු කරන්න, කම්කරු නිතී ලිහිල් කරන්න යෝජනා ගේනවා, විශ‍්‍රාම වැටුප මේ වෙනකොටත් අහෝසි කරලා, පැය 8ක වැඩ දිනේ පැය 9 කරලා, පොහොර  සහනය කපලා.
මේ කිසිවකට තනි තනිව සටන් කරලා හරියන්නේ නෑ.ඒ නිසයි අපි තීරණය කළේ ගුරු සංගම් , වෛද්‍ය සංගම් ඒකාබද්ධ කරගෙන අධ්‍යාපන,  එරෙහිව සටන තව තවත් ඉදිරියට ගෙනියන්න.
අපි ඔබ සියලූ දෙනාට ආරාධනා කරනවා අධ්‍යාපන, සෞඛ්‍ය, ඇතුළු අයිතීන් කප්පාදු කිරීමට, අහෝසි කිරීමට එරෙහිව  
එක් වෙමු! සංවිධානය වෙමු! සටන් වදිමු!
මාලඹේ හොර උපාධි කඩයට,
අධ්‍යාපනය විකිණීමට,
පාසල් තුළ සිදු කරන සියලූ මුදල් අය කිරීම් වලට
එරෙහි වෙමු!


බලහත්කාරී හමුදා පුහුණුව නවතනු

සියඵම විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි. මේක ආණ්ඩුව පසු ගිය කාලෙ ගෙනාපු ප‍්‍රතිපත්තිමය තීරණයක්. මේක ගැන විවිධ පාර්ශව විවිධ අදහස් කිව්වා. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතු`ඵ ප‍්‍රගතිශීලී උදවිය මේකට මාරාන්තික ලෙස එරෙහි වෙද්දී ආණ්ඩුවට නැට්ට වනන උදවිය මේක දැක්කෙ අනාගත පරම්පරාවට ක්ෂිතිජයෙන් එහාට දකින්නට අවශ්‍ය යෝද බල යෝද වීරිය සපයන්නට කරපු මහා ශාන්තිි කර්මයක් විදියටයි. හැබැයි අපේ කොල්ලො කෙල්ලන්ට අනුව නම් මේක දෙවියනේ කියලා කාලා ඇඳලා දවස් 20ක් විතර පොඩි ආතල් එකක් අරන් එන  වැඩක් විතරයි.
ඇත්තටම මොකක්ද මේ හමුදා පුහුණුව? හමුදා පුහුණුව ගැන කථා කරන්න කලින් හමුදාව කියන්නේ මොකක්ද කියලා කතා කරන්න වෙනවා. ඇත්තටම හමුදාවක් රටකට මොකටද? රට රකින්නද? බම්බුව තමයි. ඇත්තටම රට රකින කථාවක් නෑ. රටකට එන අභියෝග කියන්නේ පාලකයන්ගේ දේශපාලන බල ව්‍යාප්ති වලින් පැන නගින ප‍්‍රශ්න. ඒවා පාලකයන්ගේ ප‍්‍රශ්න මිසක් රටවැසියන්ගේ ප‍්‍රශ්න නෙවෙයි. පාලකයෝ නිතරම තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට බලය හා වසඟය යොදා ගන්නවා. වස`ගයෙන් එකඟ කරගැනීමට බැරි අයට බලය යොදනවා. ඒ නිසා හමුදාවක් පවත්වාගෙන යන්නේ රටවැසියන්ගේ ආරක්ෂාවට නොවෙයි. රටවැසියන්ගෙන් පාලකයොයි  ධනපති පංතියේ මිනිස්සු ටිකයි ආරක්ෂා කර ගන්න. හොඳම උදාහරණය තමයි රතුපස්වල ගැටුම. එතනදී හමුදාව ඉන්නේ රට රකින්න නම් හමුදාව ගන්න තිබුනේ වතුර විස කරපු කොම්පැනියේ පැත්තද ඊට එරෙහි වුණ ජනතාවගේ පැත්තද? නමුත් හමුදාව ගත්තේ  කොම්පැනියේ පැත්තයි. ඇයි හමුදාවේ කාර්ය භාරය තමයි ආණ්ඩුවයි, ධනපති පන්තියයි ආරක්ෂා කිරීම. තව උදාහරණයක් ගත හොත් හමුදාව දැවැන්ත විරුවෝ උනේ යුද්දෙන් පස්සේ. හැබැයි ජාතිවාදය ඇවිස්සුවෙත් පාලකයෝ. යාපනයේ පුස්තකාලය ගිනි තියන්න අපේ තාත්තලා ගියේ නෑනෙ. ඒවා කළේ පාලකයෝ. ඒක පාලකයන්ට අභියෝගයක් වෙන කොට ඒකට යුද්ධ කරන්නට තීරණය කලෙත් පාලකයෝ. නැතුව ඔය යුද්දෙ අපේ යුද්ධයක් නෙවෙයි. උතුරේ දකුණේ කොහේවත් අපි කව්රුවත් දිනලද දැන්? නැහැ. කොහොම හරි යුද්දෙ කොලානෙ. යුද්දෙ කලාට පස්සෙ එදා දැවැන්ත ත‍්‍රස්තවාදීන් ලෙස පාලකයො හංවඩු ගැහූ පුද්ගලයන් පාලකයින්ට සෙට් උනානෙ. (කරුණා, කේ.පී., පිල්ලෙයාන්* අද එතකොට මේ අයට ආරක්ෂාව දෙන්නේ කවුද? හමුදාවම තමයි. 
හමුදා සොල්දාදුවෙක්ගේ මනස පුහුණුව තුළදී සම්පූර්ණයෙන්ම වෙනස්් කරනවා. ඉහළින් දෙන නියෝග පිළිගැනීමට, ඒවා හරි උනත් වැරදි උනත් ප‍්‍රශ්න නොකර බාර ගැනීමට, කිසිම විචාරයකින් තොරව ස්වාමියාගේ නියෝග එකහෙලා ඉටු කිරීමට හුරුකරනවා. 
මෙන්න මේ නිසා තමයි හමුදා පුහුණුව සරසවි වලට එන්නේ. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය කියන්නේ පාලකයන්ට හැමදාම හිසරදයක්. මොකද පාලකයන්ගේ ප‍්‍රතිපත්ති සරසවි වල ප‍්‍රශ්න කරපු, ඒවාට එරෙහිව හ`ඩ න`ගපු නිසා. ශිෂ්‍යාගේ ඔළු ගෙඩියත් හමුදා සොල්දාදුවගේ වගේ ඉහළිින් එන නියෝග ප‍්‍රශ්න නොකර බාර ගන්න, හැම එකටම හැි ිසර දන ිසර කියන්න හදා ගත්තොත් පාලකයින් ගොඩනේ. ඒ නිසා තමයි වසරින් වසර තද කරමින්, අලූත් කරමින්, කෝටි ගණන් වියදම් කරමින් හමුදා සොල්දාදුව වගේ සරසවි ශිෂ්‍යයත් පාලකයන්ගේ වහලෙක් බවට පත් කරගන්න හදන්නේ. ඒකේ ප‍්‍රතිඵල විදියට අපේ සහෝදරවරුන්ගේ ජීවිත පවා ඔය විකාර පුහුණුුවෙන් නැති උනා. ඒ නිසා හමුදා පුහුනුව ඔහොමම කරගන්න ඇරලා සරසවි වලත් එහෙයියන්, වහලූන්, නීච-දීන කොන්ද පන නැති නිවටයින් අනාගතයේ බිහිවෙන්න ඉඩ හරිනවද නැත්නම් මේකට සෙටයඑ කරලා පරාජය කරනවද ඔබම තීරනය කරන්න.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

පාසල් තුළ සිදු කරන මුදල් අයකිරීම වහා නවතනු!

 නිදහස් අධ්‍යාපනය රකිනවා කියලා, දරුවන්ට සුභ අනාගතයක් හදනවා කියලා පාරම්බාපු මේ රටේ පාලකයෝ අධ්‍යාපනයට කරමින් ඉන්නේ මොකක්ද කියලා අපි කවුරුත් දැන් දන්නවා. දවසින් දවස අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන කප්පාදු  කරමින්, ආප්ප කඩ වගේ හැම තැනම උපාධි කඩ අරබමින්, සරසවි සිසුන් බුරුතු පිටින් සරසවි වලින් දොට්ට ඇදල දමමින්, පාසල් දවස ගානේ වසා දමමින් සිදු කරමින් ඉන්නේ අන්න ඒ වැඩපිළිවෙල බව අපි හැමෝම දන්නවා. 
නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ලංකාවේ ක‍්‍රියාත්මක කරන්න පටන් ගත්ත දවසේ ඉදලා මේ රටේ හැම පාලකයෙකුටම අධ්‍යාපනය සම්බන්දයෙන් තිබුනේ එක ප‍්‍රතිපත්තියයි. ඒ අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කරන්න  ඕනි කියන එක. ඒ හින්දා තමයි 77න් පස්සේ බලයට ආපු හැම පාලකයෙක්ම අධ්‍යාපනය විකුණන්න අවශ්‍ය පිඹුරුපත් සැකසුවේ. අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන කප්පාදු කළේ.
ඒකේ ප‍්‍රතිඵලයක් විදියට මේ වෙන කොට පාසල් විශාල ප‍්‍රමාණයක් වැහිලා, අම්මලා තාත්තලට පාසල් අධ්‍යාපනයේ බර කරට ගන්න වෙලා. ළමයා ළදරු පාසලට දාන දවසෙ ඉදන් ගෙවන්න වෙලා. මුලින්ම පාසල් වල රුපියලෙන් දෙකෙන් මුදල් අය කරන්න පටන් ගත්ත එක, පාසලට ළමයා දානකොට ඩෙස් එක පුටුව දෙන්න පටන්ගත්ත එක තමයි දැන් රුපියල් දහස් ගනන් ලක්ෂ ගනන් පාසලට ගෙවන්න වෙලා තියෙන්නෙ. එහෙම ගෙව්වෙ නැත්නම් පාසලට ළමයා දාන්න බෑ. පාසල් වල මුදල් එකතු කරනකොට ගෙව්වේ නැත්නම් ළමයා පාසලෙන් කොන් කරනවා. පාසලේ තීන්ත ගාන්න මුදල් ගෙවන්න පොල් ගෙඩි 8ක් හොරකම් කරන්න පාසල් ශිෂ්‍යාවකට සිදු වෙන්නේ ඒ හින්දා. හැම දෙමාපියෙක්ගෙම බලාපොරොත්තුව තමයි ළමයින්ට හොදින් උගන්වන එක. ඒකට හොද පාසලකට ළමයා දාන්න  ඕනි. පාසල් වලට ළමයි දාන්න තරගයක් නිර්මාණය කරලා. ඒක නිසා තමයි ළමයි පාසලට දාන්න  සල්ලි ගෙවන්න වෙන්නේ, එහෙම නැත්නම් අම්මලට ලිංගික අල්ලස් දෙන්න වෙන්නේ, දුව පාසලට දාන්න පියාට එකම ආදායම් මාර්ගය වෙච්ච ඔරුව විකුනන්න වෙන්නේ.
පාසල් තුළ මුදල් අය කරන එක සමාජයේ දරුණු ප‍්‍රශ්නයක් වෙලා. මේක නතර කරන්න අපි පෙළ ගැසෙන්න  ඕනි. මොකද මේක අපේ ප‍්‍රශ්නයක්, අපේ අම්මාගේ තාත්තාගේ ප‍්‍රශ්නයක්. පාසල් තුළ මුදල් අය කිරිම නතර කිරීමට සටන් කරන්න  ඕනි. ඒ නිසා පාසල් තුළ මුදල් අය කිරීමට එරෙහිව, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව අපි පෙළගැසෙමු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

අත් පත්‍රිකාව 2013-09-05