ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් මේ මොහොත වන විට කරගෙන යනු ලබන දැවැන්ත ශිෂ්‍ය මර්දනයට එරෙහිව මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් හා සංකේත සත්‍යග්‍රහයක් අද (2013/12/03) දින දහවල් 12 සිට 1 දක්වා සරසවියේ ඉදිරිපිට දී පවත්වන ලදී.
මෙම ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්, සරසවිය තුල සිසු නිදහස තහවුරු කරන ලෙසත් එසේත් නොමැතිනම් මෙම සටන අකන්ඩව ගෙන යන බව එහිදී අදහස් දක්වමින් මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
මේ මොහොත වන විට ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය මර්දනය මෙසේය.
ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 04
ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 07
උපාධි අත්හිටුවීම් 02
පංති තහනම් කිරීම් 80
අත්හිටවූ පංති තහනම් 187
නඩු පැවරීම් 110
අත්්ඩංගුවට ගැනීම් 28
පහර දීම් 02
පැහැරගෙන ගොස් පහර දීම් 01
මහපොළ හා ශිෂ්‍යාධාර කප්පාදු කිරීම් 18


