රුහුණ සරසවිය වහා විවෘත කරන ලෙස බල කරමින් අද දින පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් ගලහ හංදිය ඉදිරිපිට උද්ඝෝශණයක් පවත්වන ලදී. ඇද හැළුනු වැසි නොතකා සිසුන් උද්ඝොශනයේ නිරත වෙමින් ආණ්ඩුවට කියා සිටියේ සරසවි සිසුන්ට පහර දුන් මැරයන් වහා අත් අඩංගුවට ගන්නා ලෙසත් රුහුණ සරසවිය වහා විවෘත කරන ලෙසත්ය.


