ශිෂ්‍ය නායකයින්ට එල්ල වූ මැර ප්‍රහාර වලට එරෙහි රුහුණේ උද්ඝෝශනයක්

රුහුණේ සරසවි ශිෂ්‍ය නායකයින්ට ආණ්ඩුවේ මැරයන් පහර දීමට එරෙහි අද දින(01)උද්ඝෝශන්යක් පැවැත්විනි. 

ඊයේ දිනයේදී රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් ලේකම් ඇතුළු ශිෂ්‍ය නායකයින් 8දෙනෙකුට අවි අයුධ සහිතව පැමිණ ඉතා සැලසුම් සහගත ලෙස ආණ්ඩුවේ  මැරයන් විසින් පහර දී තිබේ.  මෙම පහර දීම් වලට එරෙහිවත් මැරයන් වහා අත් අඩංගුවට ගන්නා ලෙසත් සරසවිය තුළට සිදු කරන දේශපාලන අත පෙවීම් වහා නවතා සිසුන්ගේ ආරක්ශාව තහවුරු කරන ලෙසත් බල කරමින් උද්ඝෝශනය පැවැත් විය.

ආණ්ඩුවේ ප්‍රතිරූපය ගොඩනන්වා ගැනීමට සිදුකරන දේශපාලන ව්‍යාපෘතිය වූ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වීමට ශිෂ්‍යන් ඉඩ නොදුන් පසු ආණ්ඩුව මැරයන් යොදා දිගින් දිගටම සිසුන්ට පහර දීම් තරජනය කිරීම් සිදු  කරන ලදී. පසුගිය දා විශ්වවිද්‍යාල භූමියට ආණ්ඩුවේ මැරයන් පිරිසක් කඩාපැන සිසුන්ට පහර දුන් අතර මේ වන තෙක් එම මැරයන් අත් අඩංගුවට ගැනීමක් සිදු කර නොමැත. 

තවද අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරන ලෙසද බල කරමින් සිසුන් උද්ඝෝශනය පැවැත් විය.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>