ඉකුත් 10 වෙනිදා සබරගමුව සරසවි සිසු සත්‍යග්‍රහයට මිලේච්ඡ ප්‍රහාරයක් එල්ලවූ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් සැකපිට පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවේ. නමුත් මෙම ප්‍රහාරයට 30ක් පමණ පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් තවමත් නිදැල්ලේ පසුවේ. එම ප්‍රහාරයට සම්බන්ධ සියලු මැරයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද දින බළන්ගොඩ උසාවිය ඉදිරිපිටදී සිසුන් "නිහඬ උද්ඝෝෂණ" ව්‍යාපාරයක නිරතව විය. තවද ඉල්ලීම් ලබාදෙනතුරු ආරම්භ කළ සත්‍යග්‍රහය ක්‍රියාමාර්ගයට මේ වනවිට දින 57ක් ගතවී ඇති අතර තවමත් පරිපාලනය සාධනීය පිළිතුරක් ලබාදී නොමැත







