සබරගමුව සරසවියේ සිසු මර්ධනය තීව‍්‍රර වේ

පන්ති තහනමි 51, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් 17, මැර ප‍්‍රහාර 2, අත් අඩංගුවට ගැනීම් 32 .

ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුළ මේ වනවිට සිසුන් 51 දෙනෙකුගේ පංති තහනම් කර ඇත. ඒ අතර 4 දෙනෙකු මහා ශිෂ්‍ය සංගමයේ සිසු නායකයන් වන අතර විශ්වවිද්‍යාලයේ සිසු සංගම් තහනම් කිරීමත් සමග ඔවුන්ගේ පන්ති තහනම් කිරීමද සිදුවී ඇත. මෙසේ විශ්වවිද්‍යාලයේ සිසු සංගමි තහනම් කිරීමට හා සිසු නායකයන්ගේ පන්ති තහනම් කිරීමට මූලික හේතුව වී ඇත්තේ විශ්වවිද්‍යාලයට සිදු කරන ආණ්ඩුවි දේශපාලන බලපෑමි වලට එරෙහිව හා විශ්වවිද්‍යාලයේ දේපල බදු දෙමින් බදවා ගැනීමි කප්පාදු කරමින් අධික ලෙස ගාස්තු අය කරමින් විශ්වවිද්‍යාලය අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම සදහා ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව කටයුතු කිරීම වී ඇත. තවද සිසු නායකයන් 4 දෙනාගේ පන්ති තහනම් කිරීමට පසු එම සිසුන්ට විභාග අයිතිය ලබාදෙන ලෙස හා සිසු සංගමි නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිසුන් ශිෂ්‍ය ක‍්‍රියාමාර්ගවල නිරතවීම පදනමි කරගනිමින් තවත් සිසුන් 48 දෙනෙකුගේ පන්ති තහනම් කරන ලද අතර මෙසේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඇති සිසු මර්ධනය හා ගැටලූ සමිභන්ධයෙන් ආචාර්ය වරු දැනුවත් කිරීම සදහා ලිපියක් ආචාර්යවරුන් හට ලබා දීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකුගේ පන්ති තහනම් කරන ඇත.

තවද විශ්වවිද්‍යාලයේ මිවන විට සිසුන් 17දෙනෙකුගේ ශිෂ්‍ය භාවය ජීවිතාන්තය දක්වා අහෝසි කර ඇති අතර එයට හේතුවී ඇත්තේ ප‍්‍රමිතියෙන් තොර ගොඩනැගිල්ලක් කාන්තා නේවාසිකාගාරයක් බවට පත්කර අදාල නේවාසිකාගාරයට කිසිදු ආරක්ෂාවක් ලබා නොදීම සමිභන්ධයෙන් සිසුන් විශ්වවිද්‍යාල පරිපාලනය ප‍්‍රශ්න කිරීම බව වාර්ථා වී ඇත. තවද අදාල කාන්තා නේවාසිකාගාර ගොඩනැගිල්ලේ බිතියක්ද 2013.07.31 දින ශිෂ්‍යාවන්ගේ ඇදන් මතට කඩාවැටී ඇත. සිසුන් පවසන්නේ මීට ඉහතදී අදාල ගොඩනැගිල්ල ශිෂ්‍ය නේවාසිකාගාරයක් ලෙස පැවති අතර එහිදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසැර වැදී තෙවන වසර ඉගෙනුම ලැබූ ඉරේෂ් තනුක ශිෂ්‍යා 2010දී මියගිය බවත් ඊට අදාල නඩුව විභාගවෙමින් පවතිනවිට නැවතත් 2011දී නවක ශිෂ්‍යාවන් අදාල නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතුලූකර එම ශිෂ්‍යාවන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතුකර ඇතිබවයි. මෙසේ විශ්වවිද්‍යාල පරිපාලනය ශිෂ්‍යාවන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සිසුන් දිගින් දිගටම විශ්වවිද්‍යාල පරිපාලනය ප‍්‍රශ්ණකිරීම හේතුවෙන් ඊට පිලියම් නොයොදා සිසුන් 17 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසිකර සිසු මර්ධනය තුලින් තමන්ට එල්ලවන අබියෝග මගහැරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතුකර ඇති අතර අදාල සිසුන් 17 දෙනාගේ ශිෂ්‍ය භාවය අහොසිකර ඇත්තේ විධිමත් විනය පරීක්ෂණයක් සිදුනොකරය.

මෙසේ විශ්වවිද්‍යාල පරිපාලනය විශ්වවිද්‍යාලයේ ගැටලූ විසඳනවා වෙනුවට සිසු මර්ධනය තීව‍්‍රර කරනවිට එයට සහය පලකරමින් භාහිර දේෂපාලන මැර කණ්ඩායම් සිසු නායකයින්ට මැරප‍්‍රහාර එල්ලකිරීමටද මේවනවිට පටන්ගෙන ඇති අතර 2013.08.07 දින මධ්‍යම රාත‍්‍රියේදී කෘෂි විද්‍යාපීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයේහිටපු සභාපතිවරයාට හා හිටපු උප සභාපතිවරයාට මාරාන්තික මැරප‍්‍රහාරයක් එල්ලකර ඇත .තවද මේවන විට සබරගමුව සරසවි සිසුන්ට එරෙහිව මර්ධන උපකරනයක් ලෙස පොලිස් බලයද මෙහෙයවමින් සිසුන් 32නෙකු අත්අඩංගුට ගෙන ඇප මත නිදහස්කර ඇති අතර ඔවුන්ට අභූත චෝදනා එල්ලකර විශ්වවිද්‍යාල පරිපාලනය නඩු පවරා ඇති බවත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයින් ප‍්‍රකාශකරන ලදි. තවද ඔවුන් පවසන්නේ මෙසේ සිසුන් මර්ධනය කරමින් සිසු සංගම් තහනම් කරමින් විශ්වවිද්‍යාල පරිපාලනය හා ආණ්ඩුව සිදුකරන්නේ අධ්‍යාපන පෟද්ගලීකරණයට එරෙහිව ක‍්‍රියාත්මකවන ශිෂ්‍ය බලෙවිග අඩපනකරමින් අධ්‍යාපන පෟද්ගලීකරනය සඳහා වූ මාර්ගයක් නිර්මානය කරගැනීම ට උත්සහ දැරීමක් බවයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>