ජල අර්බුදයට විසදුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණේ.

නේවාසිකාගාර වල වතුර නොමැති වීම හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ලෙස උපකුලපතිතුමාට කියා සිටියහ. විශ්වවිද්‍යාලයේ කලක සිටන් පැවති ජල අර්බුධයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව මහා ශිෂ්‍ය සංගමය ක්‍රියාමාර්ග වල නිරත වුවද තවමත් එම ගැටලුවට විසදුම් ලබා දීමට උපකුලපතිතුමා ඇතුළු පරිපාලනය අසමත් වී ඇත. වියලි කාලයේදී විශ්වවිද්‍යාලයට ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති නිසාවෙන් වහාම ස්ථීර ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙසත් ඒ දක්වා වන ගැටලුවට විසදුම් ලබා දීමට වහාම මැදිහත් වන ලෙසත් විශ්වවිද්‍යාලයේ පරිපාලනයට දැනුම් දී තිබුනද ඒ කිසිවක් නොතකා කටයුතු කිරීම හේතුවෙන් 2017.09.29 දින සිසුන් උපකුලපති කාර්‍යාලයට පැමිණ තම ගැටලුව උපකුලපතිතුමාට පැවසූහ. විභාග කාලසීමාවක් පවතින නිසාවෙන් මෙවන් ගැටලු පිළිබදව පරිපාලනයේ ක්‍රියා කලාපය වීවේචනය කළ සිසුන් තම විභාග වලට ගියේ උපකුලපති කාර්යාලයේ ඇති ජල කරාම වලින් තම දෛනික කටයුතු කරගැනීමෙන් අනතුරුවය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>