Featured Posts Coolbthemes

Stay Connected

රුහුණ මර්දනයට එරෙහිව අන්තරේ හෙට කොඹට

උම්මන්තක උපකුලපති සුජීව අමරසේන රුහුණ සරසවිය වනසයි.
මර්දනයට එරෙහිව සටන් වදිමු!
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලේකම් ඇතුළු සිසු ක්‍රියාකාරීන්ට ලබාදී ඇති සියලු ශිෂ්‍ය භාවය අහෝසිකිරීම් සහ නේවාසිකාගාර තහනම් වහා ඉවත් කරනු!
ජනතාවනි, රුහුණේ මර්දනයට එරෙහිව විදී බසිවු!
   බොරු නවකවද චෝදනා නගා සරසවි අඩපන කිරීමේ කුමන්ත්‍රණය පරදවමු!
            යන සටන් පාඨ මුලික කරගනිමින් හෙට අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පාගමනක් කොළඹදී සංවිධානය කර තිබේ.

විවෘත සරසවිය කඩයක් නොකරනු! අන්තරෙන් හෙට පාගමනක්

විවෘත සරසවිය තුළ පාඨමාලා ගාස්තු ඉහළ දැමීම, රැකියා නියුක්තිකයන්ට අවස්ථා අහිමි කිරීම, අධ්‍යයන හා සුබසාධන ගැටලු නොවිසඳීම සහ ශිෂ්‍ය මර්දනය යන ගැටලු වහා විසඳන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෙට (12) දින පාගමනක් පවත්වනු ලබයි.

ජනවාරි මස 20 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් පාගමනින් ගොස් විරෝධය දැක්වූ අතර එහිදී අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලදී. එහිදී සති තුනක කාලයක් තුළ සිසුන් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙන බව පැවසූවද හුදු මාධ්‍ය සංදර්ශනක් විනා මෙතෙක් විසඳූ ගැටලුවක් නැත. හෙට දින නැවතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා එක්ව සිසුන් විරෝධය දැක්වීමට නියමිත අතර ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු අඛණ්ඩව අරගල කිරීම සිදු කරනු ලබයි.

දෙමාපියන් මරා සයිටම් රකිනවද රනිල්- මෛත්‍රී තීරණය තොපේ අතේ විශ්වවිද්‍යාලවල සිසුන් විරෝධතාවල

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානය මාරාන්තික උපවාසයකට යාමට මිට දින කිහිපයකට උඩදී තීරණය කෙරිණි. එම උපවාසය ඊයේ(06) කොළඹ දන්ත වෛද්‍ය රෝහල ඉදිරිපිටදී අරම්බවිය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානයේ මාරාන්තික උපවාසයට සහය පළකරමින් ඊයේ(06) සහ අද(07) විශ්වවිද්‍යාල වල විරෝධතා ක්‍රියාත්මක විය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානය මාරාන්තික උපවාසයක

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රජයට බලකරමින් වසර ගණනාවක සිට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ආ සටන මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබේ. පසුගිය දින වල ආණ්ඩුවෙන් විවිධ විසදුම් ඉදිරිපත් කලද ඒවා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඉල්ලීම් කල විසදුම් නොවිය. මාස 9වැඩි කාලයක් වෛද්‍ය පීඨ සිසුන් පන්ති වර්ජනය කර සිටි, අවුරුදු 2කට ආසන්න කාලයක් අඛණ්ඩ ස්ත්යක්ග්‍රහ ක්‍රියාත්මක විය, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ උපවාසය දැනට දින 75 ඉක්මවා ඇත. නමුත් ආණ්ඩුව මේ සදහා නිසි විසඳුම ලබාදීමට අපොහොසත්වී තිබේ. එම නිසා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංවිධානය මාරාන්තික උපවාසයකට යාමට මිට දින කිහිපයකට උඩදී තීරණය කෙරිණි. එම උපවාසය ඊයේ(06) කොළඹ දන්ත වෛද්‍ය රෝහල ඉදිරිපිටදී අරම්බවිය.

රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ මිලේච්ඡත්වය කරලියට


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් ඊයේ(10) සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ලෙස පැවති විරෝධතාවය ලිප්ටන් වට රවුමෙන් අරම්බකර කොළඹ විශ්වවිද්‍යාලය, තුම්මුල්ල හරහා කොලුපිටියට ළගාවිය. විරෝධතා කරුවන් පොලිස් මාර්ග බාධක ආසන්නයට පැමිණීමටත් පෙර ජාත්‍යන්තර නීති පවා උල්ලංගණය කරමින් පොලිසිය කැරලි මර්ධන ඒකකය මැදිහත්වී කදුළු ගැස් හා ජල ප්‍රහාරද එල්ල කරන ලදී. කෙසේ නමුත් විරෝධතා කරුවන් පසු නොබැසීම නිසා පොලිසිය කැරලි මර්ධන ඒකකය යොදාගනිමින් සිසුන්ට, වෘත්තීය සමිති සොහොදරයන්ට හා දෙමාපියන්ට එලව එලවා පහර දෙන්නට විය. එහිදී 13 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර අතර වෘත්තීය සමිති සහෝදරයෙක් ඇතුළු 3ක් පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කොල්ලුපිටිය මංසන්දිය ආසන්නයේ විරෝධතාවය ප්‍රකාශ කරමින් සිසු දෙමාපියන් වෘත්තීය සමිති අදහස් දක්වන ලදී  









ජල අර්බුදයට විසදුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණේ.

නේවාසිකාගාර වල වතුර නොමැති වීම හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ලෙස උපකුලපතිතුමාට කියා සිටියහ. විශ්වවිද්‍යාලයේ කලක සිටන් පැවති ජල අර්බුධයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව මහා ශිෂ්‍ය සංගමය ක්‍රියාමාර්ග වල නිරත වුවද තවමත් එම ගැටලුවට විසදුම් ලබා දීමට උපකුලපතිතුමා ඇතුළු පරිපාලනය අසමත් වී ඇත. වියලි කාලයේදී විශ්වවිද්‍යාලයට ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති නිසාවෙන් වහාම ස්ථීර ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙසත් ඒ දක්වා වන ගැටලුවට විසදුම් ලබා දීමට වහාම මැදිහත් වන ලෙසත් විශ්වවිද්‍යාලයේ පරිපාලනයට දැනුම් දී තිබුනද ඒ කිසිවක් නොතකා කටයුතු කිරීම හේතුවෙන් 2017.09.29 දින සිසුන් උපකුලපති කාර්‍යාලයට පැමිණ තම ගැටලුව උපකුලපතිතුමාට පැවසූහ. විභාග කාලසීමාවක් පවතින නිසාවෙන් මෙවන් ගැටලු පිළිබදව පරිපාලනයේ ක්‍රියා කලාපය වීවේචනය කළ සිසුන් තම විභාග වලට ගියේ උපකුලපති කාර්යාලයේ ඇති ජල කරාම වලින් තම දෛනික කටයුතු කරගැනීමෙන් අනතුරුවය.

නිදහස් අධ්‍යාපනය අහිමිව යන සමාජයක පෙර දසුන්

අද (2017/09/20), රත්නපුර නිවිතිගල භාරතී තමිල් විදුහලේ ගුරුවරු, සිසුන්, දෙමාපියන් සබරගමු පළාත් සභාව ඉස්සරහ උද්ඝෝෂයක් කළා. ඒ සිසුන් 300ක් පමණ ඉන්න පාසලට ගුරුවරු නැතිබවත් දැනට සිටින ගුරුවරු 08 දෙනාගෙනුත් කිහිපදෙනෙක් මාරු කර ඇතිබවත් පවසමින්. ආණ්ඩුවේ සිටින අධ්‍යාපනය සඳහා වගකියයුතු පාලකයන් සියල්ල පුද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ මොහොතක රාජ්‍ය අධ්‍යාපනය බිදවැටීම අරුම පුදුම දෙයක් නොවේ. මේ අප දකිනුයේ නිදහස් අධ්‍යාපනය අහිමිවයන සමජයක පෙර දසුන්ය.