කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ දෙවන තෙවන හා පළමු වසර අධ්‍යයන කටයුතු මාස දෙකක් තිස්සේ නවතා දමා ඇත. නේවාසිකාගාර සම්බන්ඳව හා සරසවියේ සුබසාධන කටයුතු සම්බන්ඳව පැනනැගුන ගැටළුකාරී තත්වයකදී සිසුන් ඊට විරෝධය පල කිරීමේදී පාලනාධිකාරිය සරසවිය වසා දැම්මේය.
මේ වනවිට සිව්වන වසරට පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ වී ඇතත් පළමු වසර දෙවන වසර හා තෙවන වසර අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ කවදාද යන්නවත් තීරණයක් ගැණීමට පරිපාලනයට නොහැකි වී තිබේ.
පීඨාදිපති තුමාට ඇත්තේ ඔහුගේ පාලන කාලය තුළ ශාස්ත්‍ර පීඨයේ කීර්ති නාමයට හානි වීම පිළිබඳව කනගාටුවකි. ඒ හැරුන කොට පීඨයේ විද්‍යාර්ථීන්ට සිදුවන අධ්‍යයන කටයුතු සම්බන්ඳව හානිය පිළිබඳ කිසිදු වගවීමක් නැත. අන් පරිපාලන නිලධාරීන්ට වුවද ඇත්තේ එවැනිම වූ හැඟීමකි.
ශාස්ත්‍ර පීඨයේ පරිපාලනය වෙනස් කරමින් සියලු ශිෂ්‍ය අනුසාසකවරු ඉවත් කොට ඇති අතර උපකුලපතිට හිතැති ඒ පිරිස් ඒ සඳහා පත් කරමින් සිටී.
උපකුලපති කුමාර හිරඹුරේගම සමග පැවති සාකච්ඡාවලින් හැඟී ගිය කාරනාව වූයේ, ඔහුට ශාස්ත්‍ර පීඨය තිබුනත් එකය. නොතිබුනත් එකය වැනි අදහසකි. ඔහුට අනුව සිසුන් සරසවියේදී කළ යුතුව ඇත්තේ රැකියාවක් සොයා ගැණීමය. අවසානයේ ඔහු මෙසේ පවසා ඇත
"මීහරක් සියයද වටින්නෙ..? ආර්ට්ස් ඩිග්‍රි සීයද වටින්නෙ..?"