අධ්‍යාපනය විකිණීමට එරෙහිව රජරට කළමනාකරණ පීඨ සිසුහු උද්ඝෝෂණයක



rajarata
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසුන් අද (27) දහවල් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී සහ කළමනාකරණ අධ්‍යයන පීඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. විශ්වවිද්‍යාලයේ අනෙකුත් පීඨ නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ. කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් පිරිනමන සිව් අවුරුදු උපාධි පාඨමාලාව තුන් වසරක සාමාන්‍ය උපාධියක් ලෙස මේ වනවිට අලෙවිය සඳහා සැලසුම් කර ඇත. ඒ බාහිර උපාධියක් ලෙසයි. සමාසික තුනක් යටතේ පැවැත්වීමට නියමිත මෙම උපාධි පාඨමාලාව සඳහා අය කෙරෙන මුදල රුපියල් 141000 ආසන්නය. බාහිර උපාධි පිරිනැමීම ගැටළුවක් විශ්වවිද්‍යාල සිසුන්ලෙස අපට නැත. අපගේ යෝජනාව මෙම සිසුන්ටද නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතුය යන්නය. මුදල් ඇති නැති ලෙස නොවී අධ්‍යාපනය සැමට නොමිලේ ලබා දිය යුතුය. එනම් අධ්‍යාපනයේ සම අයිතිය තිබිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් ඍජුවම ගෙන ඒමට නොහැකි තැන මෙවන් බාහිර උපාධි පාඨමාලාවන් හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුලම උපාධිය විකිණීමේ කුමන්ත්‍රණයක නිරතව සිටී. මීට විරෝධය පා මෙම උද්ඝෝෂණය පැවැත්විණ.පසුගිය වසරේ මෙම කාලය තුලදී රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සටන් පාඨ කරගත් ආචාර්යවරුද අද නිහඬව සිටීම ගැටළු සහගතය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>