අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සබරගමුව සිසුන් විරෝධයක

අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින විරෝධතාවක් ක්‍රියාත්මක කෙරුනි. සරසවි භූමියේ සිට පබහින්න මන්සංදියට පා ගමනින් පැමිනි සිසුන් එහිදී විරෝධතා රැලියක් පවත්වන ලදී. මේ සඳහා සිසුන් 2500කට අදික පිරිසක් සහාභාගි වී සිටියේ.

සබරගමුව, ජයවර්ධනපුර ,කැලණිය, රජරට ආදී සරසවි ඇතුලු සියලු සරසවි වල ශිෂ්‍ය නායකයින්ට හා ශිෂ්‍ය ක්‍රියාකරීන්ට දිගින් දිගටම එල්ලවන දැඩි මර්ධනයටත්, ශිෂ්‍ය සංගම් තහනමත් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමින් හා රාජ්‍ය සරසවි වල උපාධිය මුදලට විකුනමින් ආණ්ඩුව ගෙන යන අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව සිසුන් විරෝධය දැක්විය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>