මීට පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, කොළඹ, යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වල සම සෞඛ්‍ය පීඨ සිසුන්ට අමතරව සියළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන් සහාභාගි විය.
සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවලට භෞත චිකිත්සක, වෛද්‍ය රසායනාගාර විද්‍යා, ඖෂධවේදී, විකිරණ ශිල්පී සහ හෙද යන පාඨ මාලා අයත් වන අතර මෙම පාඨමාලාව ආරම්භයේදී සිවු අවුරුදු පාඨමාලාවක් වශයෙන් ආරම්භ කළද 2009 වසරේ සිට මෙය අවුරුදු 03ක් දක්වා එක් අවුරුද්දකින් පාඨමාලා කාළ සීමාව අඩු කරන ලදි.එනමි GPA ලකුණු අගය 2.8 ඉක්මවන සිසුන්ට පමණක් සිවු අවුරුදු පාඨමාලාව හැදැරීමට හැකියාව ලැබෙන අතර එම අගය ඉක්මවීම අපොහොසත් වන සිසුන්ට වසර 03ක සාමාන්‍ය උපාධියක් රැගෙන විශ්ව විද්‍යාල වලින් බැහැර වීමට සිදු වේ.
රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියට අනුව සියල්ල වෙළද භාණ්ඩ කර ලාභ ලැබීමේ තත්වයට පත කර නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනයත් විකුනමින් ආණ්ඩුව ගෙන යන මෙම ප්‍රතිපත්තියට එරෙහිව ජනතාව දැනුවත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවයත් සම සෞඛ්‍ය උපාධියත් රැක ගනිමට මෙම උද්ඝෝශණය සංවිධානය කර තිබුනි