නිසි ප්‍රමිතියෙන් තොර අනාරක්ෂිත කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට අද(05) දින SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිතුමා සබරගමුව සරසවියට පැමින ඇත. ඔහු සරසවියට පැමිනීමේදී සරසවි සිසුන් විසින් දැඩි විරොධතාවක් දක්වා තිබේ. සිසුන් පවසා ඇත්තේ සිසු ගැටළු වලට විසදුම් ලබා නොදෙන්නේනම් සරසවිය තුලට යන්න නොදෙන බවයි. නමුත් සිසු ගැටළු විසදනවා වෙනුවට සිසුන්ට පොලිසිය යොදා ජල ප්‍රහාර එල්ල කර දැඩි ආරක්ශාව මැදින් සරසවිය තුලට පැමිනි SB දිසානායක ඇමති තුමාට නේවාසිකාගාරය විවෘත කීරීමට සිසුන් කිසිවෙකු සිට නොමැත. ඉන් පසු ඔහු පරිපාලන නිලධාරීන්ට බැන මේවා සිද්ධවෙන්න ඕනී අපිට ඕනි විදියට මිසක් ශිෂ්‍යයින්ට ඕනි විදියට නෙවෙයි කැඩිලා තියෙන වැහි පිල්ල, වටේ වැට, බැම්ම හා අළුත් වැඩියා කටයුතු කිසිවක් සිදු නොකරන ලෙස පැන වැද, හොර පාරින්ම සරසවියෙන් පිටව ගොස් තිබේ.