වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීම බව මෙරට අධ්‍යාපන බලධාරීන් ප‍්‍රසිද්ධියේ පිලිගෙන ඇත. ඒ අනුව මෙරට අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ විශාල අර්බුද ගණනාවක්ම නිර්මාණය කරමින් පවතින අතර සමාජයේ සියලු දෙනාගේ අයිතියක් විය යුතු අධ්‍යාපනය මේ වන විට සම්පුර්ණ වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක ආණ්ඩුව නිරතව සිටී.
මාලඹේ හොර උපාධි කඩය නිතී ගත කිරීම උදෙසා ආණ්ඩුව දැඩි උත්සාහයක් ගනිමින් සිටිනුයේත්, පාසල් වලින් මුදල් අය කරමින් තව දුරටත් දෙමාපියන් මත බර පටවන්නේත්, අධ්‍යාපන ප‍්‍රතිපාදන දිගින් දිගට කප්පාදු කරමින් සිිටින්නේත්, මෙම තත්ත්වයට විරුද්ධ වන්නන්ට දැඩි මර්දනයක් කැඳවන්නේත් අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේ අරමුණෙනි.
එම නිසා මෙම අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තියට එරෙහිව සටනක් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව පහත සටන් පාඨ 4 මුලික කරගත් අඛණ්ඩ අරගලයක් අප මේ වන විටත් ආරම්භ කර ඇත.
1. අධ්‍යාපනය විකිණීම නවතනු මාලඹේ හොර උපාධි කඩය වහා අහෝසි කරනු !
2. පාසල් වලින් මුදල් අය කිරීම වහා නවතනු !
3. මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 දක්වා වැඩි කරනු !
4. අධ්‍යාපනය විකිණීමට කරන ශිෂ්‍ය මර්දනය නවතනු !
මෙම සටන් පාඨ 4 මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් හෙට(24)දිප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමක් පවත්වයි.