ලබන 5 වන දා දක්වා සිසුන්ට දේශන සඳහා සහභාගිවීමට කල් ලබා දෙන බවත්, එසේ නොවුණහොත් සම සෞඛ්‍ය විද්‍යා පීඨය වසා දැමීමට සිදුවිය හැකි බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. ඔහු කියා සිටියේ මාස 4කට අධික කාලයක සිට සිසුන් දේශන සඳහා සහභාගි වී නොමැති බවයි.
සම සෞඛ්‍ය උපාධි කප්පාදුවට එරෙහිව එම සිසුන් විසින් ස්ථාන 4ක මේ වන විට උපවාස කි‍්‍රයාමාර්ගයක නිරත වනවා. මුල්වරට සම සෞඛ්‍ය සිසුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි උපවාසයට මේ වන විට දින 126ක් ගත වනවා. ඊට අමතරව ගාල්ල නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අද (28) දිනය වන විට දින 118ක් සම්පූර්ණයි. කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සම සෞඛ්‍ය සිසුන්ගේ තවත් උපවාසයක් පැවැත්වෙන අතර ඊට දින 34ක් ගත වනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට පැවැත්වෙන සම සෞඛ්‍ය උපවාසයට මේ වන විට දින 24ක්.
කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගේ කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවේදී උපකුලපති, මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ සිසුන් දේශන සඳහා සහභාගි නොවන්නේ නම් පීඨය වසා දැමීම හැර තමාට වෙන විකල්පයක් නොමැති බවයි.