අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධතා බැනරය අද(19) දිනද නගර කිහිපයක අත්සන් කෙරුනි. රුහුණ විශ්වවිද්‍යාලය මඟින් තංගල්ල නගරයේද, ජයවරධනපුර විශ්වවිද්‍යාලය මඟින් හෝමාගම, කොට්ටාව හා හංවැල්ල නගරවලද රජරට විශ්වවිද්‍යාලය මඟින් තඹුත්තේගම නගරයේද වයඹ විශ්වවිද්‍යාලය මඟින් කුලියාපිටිය නගරයේද සෞන්දර්ය විශ්වවිද්‍යාලය මඟින් ලිප්ටොන් වටරවුමේද අද දින බැනරය අත්සන් කරන ලදී.
විරෝධතා බැනරයට හෝමගමනගරයේදී පොලිසිය විසින් බදා කළ තිබූ අතර පොලිස් බාදා කිරීම් නොතකා බැනරය අත්සන් කිරීම දිගටම සිදු කරන ලදී.