සරසවි සිසුන්ට ලබා දෙන හමුදා පුහුණුවේදී සිසුවියකට හමුදාවේ කෝප්‍රල් වරයෙකුගෙන් අතවර

සරසවි සිසුන්ට ලබා දෙන හමුදා පුහුණුව සඳහා  ගන්නෝරුව හමුදා කඳවුරේ නේවාසිකව  සිටි සරසවි සිසුවියකට හමුදාවේ කෝප්‍රල් වරයෙක් අතවර කර තිබේ. මෙය සිදු වී තිබෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද වන අතර මෙම සිදුවීම පිටතට යෑම වැලැක්වීමට හමුදා නිළදාරින් කටයුතු කර තිබේ. ඒ සඳහා හමුදා කදවුරේ සිටි සිසුන් බිය වද්දා ඇති අතර බොරු ප්‍රචාරද පතුරුවා තිබේ.

මේ සිඳුවීම සම්බන්දයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා ඇත්තේ මෙම සිදුවීමට සම්බන්ද හමුදා කෝප්‍රල් වරයාට දඩුවමක් ලෙස  නිලයෙන් පහත දමා සමාන්‍ය සෙබල තත්වයට පත් කර ඇති බය පවසා තිබේ.

මේ සම්බන්දයෙන් අපිට පැවසීමට ඇත්තේ මෙම පාලකයින්ට සිසු ජීවිත සම්බන්දයෙන් කිසිදු වගකීමක නොමැති බවයි, ඔහුන්ට ඔහුන්ගේ දේශපාලන උවමනාව ඉෂ්ඨ කර ගැනීමට අවශ්‍යනම් සිසු ජීවිත දහස් ගනන් බිළිදීමට කිසිදු පැකිලීමකින් තොරව සිදු කරන බවයි.  තවද හමුදා කඳවුරු තුළින් ලබා දෙන නායකත්වය යනු ලොක්කන්ගේ ඕඩර් පිලිපැදීමට හුරු කරන නිවට මිහිසුන් නිර්මාණය කිරීම මිස වෙන කිසිවක් නොවන බව මෙම සිදු වීමෙන්  සනාත වේ. එය එසේ නොවේ නම් මෙම සිදුවීමට මැදි වූ ශිෂ්‍යාවගේ ජීවිතය ගැන වග කියයුතු ලෙස මැදිහත් විය යුතු අතර ඉහලින් එන ඕඩර් මත මෙම සිද්දිය යට ගැසීමට කටයුතු කිරීම නොව කළ යුතු වන්නේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>