HNDA සිසුන්ට පොලිසියෙන් ම්ලෙච්ච පහර දීමක්.සිසුන් 28 දෙනෙක් රෝහල් ගත කෙරේ.


 අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ මූලිකත්වයෙන් සහ දිවයිනේ සියළු උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍යන්ගේ සහභාගිත්වයෙන් අද (22)දහවල් දැවැන්ත විරෝධතා පාගමනක් කොළඹ කොටුව දුම්රියපොළ ස්ථානය අසලින් ආරම්භ වී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැවැත්විය. එම පා ගමනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ම්ලේච්ච පොලිස් ප්‍රහාරයක් එල්ල විය. 

*HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු !
*උසස් තාක්ෂණ අායතන තුල ඇති පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුලා ගනු ! 
*ශිෂ්‍ය නිදහස තහවුරු කරනු !

යන සටන්පාඨ මුල් කරගෙන, සිසුන් දිගින් දිගටම සටන් කල අතර පසුගිය දෙසැම්බර් 5 වන දිනද කොටුව දුම් රිය පොල ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැවැත්වූ පා ගමනක් පැවැත්විය. එහිදී  උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සමඟ පැවති සාකච්චාවක් පැවැත් වූ අතර එහිදී සති 2ක් ඇතුලත විසදුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.නමුත් පාලකයින් විසින් පොරොන්දු ඉටු නොකල හේතුවෙන් අද දිනද සිසුන් උසස් අධ්‍යපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්විය. 

එම පා ගමනට  පොලිසිය ජල ප්‍රහර, කදුළු ගෑස්, බැටන් පොළු ප්‍රහාර හා රබර් උන්ඩ ප්‍රහාරයක් එල්ල කර කරන ලදී. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 28 දෙනෙක් රොහල් ගත කලහ.පහර දීමෙන් අනතුරුව පොලිසිය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරින් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනි. ශිෂ්‍ය ක්‍රියාකාරින් 4 දෙනා නිදහස් කරන ලෙස බල කරමින් සිසුන් විරොධතාවයේ නිරත වීම හේතුවෙන් ශිෂ්‍ය ක්‍රියාකාරින් 4 දෙනා නිදහස් කරන ඇත.


ඡායාරූප නැරබීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>