සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූ ප්‍රමාණය කප්පාදුවට එරෙහිව හා සරසවි වලට විශේෂ ප්‍රවේශය යටතේ මෙතෙක් බදවා ගත් ලෙසම සිසුන් බඳවා ගන්නා ලෙස බලකරමින් අද(16) දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය විසින් උද්ඝෝශණයක් පැවැත්විය.
අධ්‍යාපනයේ අවස්ථා මානව හා භෞතිකව පුළුල් කරන බව උසස් අධ්‍යාපන බලධාරීන් රට වටේ කියා ඇවිදිමින් සිටී. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය මුදලට ලබාදෙන අවස්ථා පුළුල් කිරීම වන බව තවදුරටත් පසක් කරමින් මෙම වර්ෂයේ ද විශ්වවිද්‍යාල බොහෝමකයට සිසුන් බඳවා ගැනීම ක්‍රමිකව අඩුකරමින් සිටී. භික්ෂූන් වහන්සේලා ද මෙම කප්පාදුවට ගොදුරු කොට ඇත. පහත දත්ත උදාහරණ කිහිපය තුළින් එය පැහැදිළි වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
අධ්‍යයන වර්ශය සාමාන්‍ය ප්‍රවේශය විශේෂ ප්‍රවේශය
2007-2008 07 35
2008-2009 02 22
2009-2010 06 15
2010-2011 06 28
2011-2012 06 27
2012-2013 08 23
2013-2014 04 08
බළධාරීන් මේ පිළිබඳව සුලූකොට තැකුවද විශ්වවිද්‍යාල භික්ෂු ප්‍රජාව ලෙස අප මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නෙමු. ඉදිරි දින කිහිපය තුළ මෙම කප්පාදුව නතර කොට බඳවා ගැනීම් ඉහළ නොදැමුවහොත් ශිෂ්‍යය ක්‍රියාමාර්ග වලට එළඹීමට අපි දෙවරක් නොසිතමු. ඊට පෙර බළධාරීන්ගේ යහපත් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.
මෙය හුදෙක් භික්ෂු කප්පාදුවක් ලෙස පටු කෝණයකින් නොදකින අතර අධ්‍යාපනයේ සියළු ක්ෂෙත්රයන් හා අවස්ථා පුළුල් විය යතුය යන අදහසින් ගන්නා ක්‍රියාමාර්ගයක් පමණි.