සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූ ප්‍රමාණය කප්පාදුවට එරෙහිව හා සරසවි වලට විශේෂ ප්‍රවේශය යටතේ මෙතෙක් බදවා ගත් ලෙසම සිසුන් බඳවා ගන්නා ලෙස බලකරමින් අද(26) දින පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝෂණයක් පැවැත්විය.
අධ්‍යාපනයේ අවස්ථා මානව හා භෞතිකව පුළුල් කරන බව උසස් අධ්‍යාපන බලධාරීන් රට වටේ කියා ඇවිදිමින් සිටී. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය මුදලට ලබාදෙන අවස්ථා පුළුල් කිරීම වන බව තවදුරටත් පසක් කරමින් මෙම වර්ෂයේ ද විශ්වවිද්‍යාල බොහෝමකයට සිසුන් බඳවා ගැනීම ක්‍රමිකව අඩුකරමින් සිටී.