*HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරනු !
*උසස් තාක්ෂණ ආයතන තුළ Top Up උපාධි මුදලට විකිණීමේ යෝජනාව හකුලාගනු!
*උසස් තාක්ෂණ ආයතන සිසුන්ට ද මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රු.5000/= දක්වා ඉහළ දමනු !
යන සටන් පාඨ මුල්කර ගනිමින් පාලකයන්ට බලකෙරෙන උද්ඝෝෂණයක් අද (15) මහනුවර නගරයේදී පැවැත්විනි. මහනුවර උසස් තාක්ෂණ ආයතනය අසලින් ආරම්භ වී මහනුවර නගර මධ්‍යයේ පැවැත්වූ මෙම උද්ඝෝෂණයට , මහනුවර උසස් තාක්ෂණ ආයතන සිසුන් ප්රමුඛ, 500කට අධික සිසුන් පිරිසක් සහභාගී විය.