ගැටළු රැසකට විසදුම් ඉල්ලා පේරාදෙණියේ සිසුන් සංකේත සත්‍යග්‍රහයක (PHOTOS)

නේවාසිකාගාර තුල පවතින සියලු සුභසාධන ගැටලු වහා විසදනු ! 
විනය පරීක්ෂනවලට මුවාවී සිදුකරන පළිගැනීම් නවතනු ! 
විද්‍යා පීඨ සහෝදරයාගේ උපාධිය ලබාදීම අත්හිටුවීම වහා නවතනු !
විශ්වවිද්‍යාලය තුල පාඨමාලා මුදලට විකිණීම වහා නවතනු !
යන සටන් පාඨ මුල් කරගනිමින් අද (2017/03/16) දහවල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිරය අසල විරෝධතාවයක නිරතවිය. මොවුන්ගේ ඉල්ලීම වුයේ මේ වනවිට විශ්වවිද්‍යාලයේ පවතින සුබසාධන ගැටළු වලට විසදුම් ලබාගැනීමත්, විනය පරීක්ෂනයකට මුවාවී විද්‍යා පීඨ සහෝදරයෙකුගේ උපාධිය ලබාදීම අත්හිටුවීම ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල සිදුවන පාඨමාලා මුදලට විකිණීම නැවැත්වීමත්ය. මෙම ගැටළු සම්බන්දයෙන් දිගින් දිගටම ලිපිමගින් හා සාකච්චා මාර්ගයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම්දුන්නද  ඒ සදහා මෙතෙක් සාර්ථක විසදුමක් නොලැබීම නිසා අද දින ඔවුන් විරෝධතාවයෙන් අනතුරුව සනාතන මන්දිරය අසල සංකේත සත්‍යග්‍රහයක නිරතවී සිටි.


මෙහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සහෝදරයා(VEDIO) 
https://www.facebook.com/PeradeniyaStudentUnion/videos/1359104480814848/















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>