නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛයත් වනසන සයිටම් අහෝසි කරනු යන සටන් පාඨය මුල්කරගනිමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අරම්බකල අඛණ්ඩ උපවාසය තුන්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක විය. අද(23) එම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය එක්විය. එම අවස්ථාවට සම්බන්ද වූ අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන්කර සිටියේ මෙම ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛයත් විකිණීමේ ප්‍රතිපත්තිය හකුලගන්නා තුරු අඛණ්ඩව සටන්කරන බවත් මෙමෙ මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරනතුරු අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය සමග එක්ව අඛණ්ඩවම සටන් කරන බවයි.