විවෘත සරසවිය කඩයක් නොකරනු! අන්තරෙන් හෙට පාගමනක්

විවෘත සරසවිය තුළ පාඨමාලා ගාස්තු ඉහළ දැමීම, රැකියා නියුක්තිකයන්ට අවස්ථා අහිමි කිරීම, අධ්‍යයන හා සුබසාධන ගැටලු නොවිසඳීම සහ ශිෂ්‍ය මර්දනය යන ගැටලු වහා විසඳන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෙට (12) දින පාගමනක් පවත්වනු ලබයි.

ජනවාරි මස 20 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් පාගමනින් ගොස් විරෝධය දැක්වූ අතර එහිදී අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලදී. එහිදී සති තුනක කාලයක් තුළ සිසුන් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙන බව පැවසූවද හුදු මාධ්‍ය සංදර්ශනක් විනා මෙතෙක් විසඳූ ගැටලුවක් නැත. හෙට දින නැවතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා එක්ව සිසුන් විරෝධය දැක්වීමට නියමිත අතර ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු අඛණ්ඩව අරගල කිරීම සිදු කරනු ලබයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>