ගමයි සරසවියයි 2013 නමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජරට විශ්වවිද්‍යාලය තුල ජුනි 20 වනදා ක්‍රියාත්මක කල වැඩසටහනට සහභාගී නොවී එදින තිබුණු ශිෂ්‍ය වීර දිනයට සහභාගී වීම හේතුකොට ගෙන ශිෂ්‍ය නායකයින් 8 දෙනෙකුට මාස 6ක පන්ති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය කටයුතු කර තිබේ. නමුත් මෙම පන්ති ලබා දීමට චෝදනා ලෙස ඉදිරිපත් කර තිබෙන ගමයි සරසවියයි වැඩසටහනට ශිෂ්‍ය සහභාගීත්වය වැලැක්වීම, පීඨාධිපතිවරුන් අපහසුතාවට පත් කිරීම සහ වැඩසටහන කඩාකප්පල් කිරීම යන කරුණු සියල්ල මේ වනවිට සාවද්‍ය ඒවා බව උපකුලපතිවරයාගේම ප්‍රකාශ වලින් තහවුරු වී හමාරය. මේ වනවිට එම සිසුන් 8 දෙනා පෞද්ගලිකව අභියාචනා පත්‍ර දෙකක් බාර දී ඇතත් පරිපාලනය ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර. සිසුන් 2 දෙදෙනෙකු වෙනුවෙන් මේ වනවිට විභාග කටයුතු පැවැත්වෙන අතර සිසුන් තිදෙනෙකු වෙනුවෙන් ඉදිරි සතියේදී විභාග ආරම්භ වීමට නියමිතය. උත්සවයකට සහභාගී නොවීම හේතුවෙන් සිසුන්ගේ ජීවිත වලට බලපාන අයුරින් දඩුවම් දීම අසාධාරණ බව පැහැදිලි කාරණයකි. මෙම අසාධාරණයට විරෝධය පාමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අද (29) දහවල් විශ්වවිද්‍යාලයේ මිහින්තලා පරිශ්‍රයේදී උද්ඝෝෂණයක නිරත වුහ.විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිට ට රැස්වූ සිසුන් එහිදී ද සිය විරෝධතාව ප්‍රකාශ කළහ.