සිසු ජන පා ගමන සාර්ථකව නිමා වෙයි....

ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව අයිතීන් දිනා ගැනීමේ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කල දැවැන්ත පා ගමන ඊයේ (14) වන දින පැවැත්විණ. මිහින්තලේ නගරයේ සිට අනුරාධපුර නව බස් නැවතුම්පල දක්වා මෙම පා ගමන පැවැත්විණ. 

• ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කුට ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් වහා ඉවත් කිරීමට බලධාරීන්ට බල කිරීම .
• කළමනාකරණ අධ්‍යයන පීඨයේ උපාධිය සහ අනෙකුත් විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලාවන් විකිණීම නැවැත්වීමට බල කිරීම.
• ගැසට් පත්‍රයේ ඔතා ගෙන ආ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට පාලකයින්ට බල කිරීම .
• ශිෂ්‍ය මර්දනය වහාම නැවතීමට පාලකයන්ට බල කිරීම.
• ජනතා අයිතීන් සුරක්ෂිත කිරීමට පාලකයන්ට බල කිරීම.

ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවැත්විණ. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සහ රටේ අනෙකුත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසු සිසුවියන් ද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් සහ ගම්වාසීන් ඇතුළු 2000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතා පා ගමන පැවැත්විණ.

මිහින්තලේ නගරයෙන් ආරම්භ වූ පා ගමන අනුරාධපුර නව බස් නැවතුම්පල දක්වා ගමන්කොට පැයක පමණ විරෝධතාවේ නිරතව සිට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයගේත්, දෙමාපියන් නියෝජනය කරමින් පියෙකුගේත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව විසිර ගියහ.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>