කැලණිය නේවාසිකාගාරයකට මැර ප‍්‍රහාරයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර ශිෂ්‍ය නේවාසිකාගාරයට අද(14) අළුයම මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තීබේ.නේවසිකාරයේ ආරක්ශක අංශයේ නිලධාරීන් බියවද්දා නේවාසිකාගාරය තුලට පැමින යතුරු පැදි 14 කට පමන අලාභහානි කර පලා ගොස් තිබේ.

මීට පෙර අවස්ථා ගනනාවකදීම කැලණිය සරසවි සිසුන්ට හා හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාටද ආණ්ඩුවේ මැරයන් විසින් ප්‍රහාරය එල්ල කළ අතර මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයට අලාභහානි කර ආපනශාලවේ තිබු ජායාරූප වලට කළු තෙල ගා විනාශ කර තිබුනි. 

එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර වලට ආරක්ශක අංශ පැමිණ එල්ල කල මැර ප්‍රහාරය, රුහුණ සරසවියේ හිටපු මහා ශිෂ්‍ය සංගම් සභාපති සහොදරයට එල්ල කල මැර ප්‍රහාරය, සබරගමුවේ සිසුන්ට එල්ල කල මැර ප්‍රහාරය, පේරාදෙණිය සරසවියේ හිටපු මහා ශිෂ්‍ය සංගම් සභාපති සහෝදරයා පැරගෙන ගොස් මරණ තර්ජන කිරීම ආදී ආණ්ඩුවේ ශිෂ්‍ය මර්ධනයේ තවත් අවස්ථාවක් වන මෙම සිදුවීමද ආණ්ඩුවේ මැරයන් විසින් සිදු කළ එකකි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>