
වෙනත් විශ්වවිද්‍යාල තුල එතරම් තැකීමකට ලක් නොකරන විනය පාලක හෙවත් මා(ර්)ෂල් ශ්‍රීපාලියට නව
අත්දැකීමකි. මේ නිසා මොහුගේ නිසි පරිපාලනය, අධ්‍යයන මෙන්ම අනධ්‍යයන කාර්‍ය මනණ්ඩලයද මාෂල් දේවත්වයෙන් අදහමින් සිට්න අතර මණ්ඩපයේ සියළු අඩුපාඩු පසෙක ලා මිලියන 2.4ක වියදමින් වායු සමනය කළ දෙමහල් නිළ නිවසක් සාදා දීමට කටයුතූ කරමින් සිටී.
අත්දැකීමකි. මේ නිසා මොහුගේ නිසි පරිපාලනය, අධ්‍යයන මෙන්ම අනධ්‍යයන කාර්‍ය මනණ්ඩලයද මාෂල් දේවත්වයෙන් අදහමින් සිට්න අතර මණ්ඩපයේ සියළු අඩුපාඩු පසෙක ලා මිලියන 2.4ක වියදමින් වායු සමනය කළ දෙමහල් නිළ නිවසක් සාදා දීමට කටයුතූ කරමින් සිටී.
ජනමාධ්‍යය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන විද්‍යාර්ථීන්ට කැමරාකරණය පුහුණු වීමට මණ්ඩපය සතුව ඇත්තේ අබලන් වූ එක් කැමරාවක් පමණි. නවීන tv හා radio තාක්ෂණික උපාංග පිළ්බඳව දත හැක්කේ ඡායාරූප ඇසුරිනි. එමෙන්ම ප්‍රායෝගික පුහුණුව සදහා වන පහසුකම් අවම වන අතර සිසුන් විසින් පවත්වාගෙන යන campus radioවද වැසී යන තත්වයක් උද්ගත වි ඇත. එමෙන්ම හොරණ ප්‍රාදේශීය ජනයාගේ ආදරයට බඳුන් වු අරුන්දතිය අද අඳුරේය. ඊට අවශ්‍ය ආලෝකකරණ පහසුකම් හෝ ලබා දිමට පරිපාලනය උනන්දු නොවේ. එසේම ප්‍රාසාංගික විශයන් හදාරන සිසුන්ට එකවර පුහුණු කටයුතු සිදු කළ හැකි ශාලා පහසුකම් නැත. විශාල සංගීත භාණ්ඩ හිඟයක් පවතින අතර එම අවශ්‍යතා සපුරා ගන්නේ අවට පාසල් වෙතිනි. මණ්ඩපයේ පුස්තකාලය ඉතා කුඩා වන අතර එක්වර පරිහරණය කළ හැක්කේ 100ට අඩු ප්‍රමාණයකටය. එය විශාල කිරිමේ සැලසුම් ක්‍රියාත්මක නොවේ. නව ගොඩනැගිල්ල සඳහා ගෙනා ද්‍රව්‍යය කියවිම් ශාලාවට දැමීමෙන් එය දැනට පරිහරණයට ගත නොහැකි වී ඇත්තේ ව්භාග ද පැවැත්වෙන සමයකය.
මේ ආදී වු නොයෙක් අඩුපාඩු රාශියක් මණ්ඩපය තුළ තිබියදී මිලියන 2.4ක වියදම් කරමින් නිළ නිවාස තනන්නේ කවුරුන් සතුටු කිරීම උදෙසාද? මණ්ඩපය තුළ පවතින යම් යම් අර්බුදකාරි තත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ස්ත්‍රී දූෂණ චෝදනාවකට දඬුවම් වශයෙන් මණ්ඩපයට එවා තිබෙන මා(ර්)ෂල්ට නිල (තට්ටු) නිවාස කාගේ අවැසිතාවක්ද?
මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරමින් මණ්ඩපයේ ආචාර්‍යවරයෙකු මෙන්ම මහා ශිෂ්‍ය සංගමය විසින්ද ලිපි භාර දී තිබුණද පරිපාලනය ඊට නිසි ප්‍රතිචාර දක්වා නැත. මේ පිළිබඳ මීළග ක්‍රියාමාර්ගය තවත් බරපතල වනු ඇති බව මතක් කර සිටිමු.