පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසික ගැටළු.

පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසුවියන් 65 දෙනකුට හා සිසුන් 7 දෙනකුට නේවාසිකාගාර පහසුකම් ලබානොදීම හේතුවෙන් ඔවුන් අනාරක්ෂිතව පන්ති කාමරවල රාත්‍රිය ගත කරයි.

එම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන සිසුන්ට ප්‍රමාණවත් නේවාසික පහසුකම් දිගින් දිගටම නොලැබීමත් ඒ පිළිබඳව පීඨ පරිපාලනය හෝ අධ්‍යාපන අමාත්‍යංශය අවධානය  යොමු නොකිරීමත්,  සිසුන් බඳවා ගැනීමේදී පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු නොකිරීමෙන් එම ගැටලුව වර්ධනය වී ඇත.

ක්ෂිතිජයෙන් එහා දැකිය හැකි දරුවන් බිහි කිරීමට කටයුතු කරන ආණ්ඩුවක් දරුවන්ගේ අධ්‍යාපනයට ඍජුවම වගකීමෙන් කටයුතු කරන ගුරුවරුන් බිහිකරන අධ්‍යාපන ආයතනයක, ඔවුන්ගේ මූලික ගැටලුවක් වන නේවාසික ප්‍රශ්නය නොවිසඳවීම කනගාටුවට කරුනකි. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>