උපාධි විකිනීම නිතිගත කිරීමට නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගන්න ලෙස බල කරමින් සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුව විසින් අද දින විරෝධතාවක් සංවිධානය කර තිබුනි.
පරාද කළ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ අරමුණු වලට නෛකික රාමුවක් ලබාදෙමින් නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රය පරාජය කර අධ්‍යාපනය ලැබීමේ අයිතිය රැක ගැනීමට තමන් සටන් වදින බවත්, ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වූ අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ ප්‍රතිපතිය පරාජය කරන බවත්, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපරය ඉතිහාසයෙන් ඒ සදහා පාඩම් උගන්වා ඇති බවත් සිසුන් කියා සිටියේය.