කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා අධ්‍යාපන නිලධාරීන් පාසැල් ගොඩනැගිලි පමණක් නොව පාසැල් ළමුන්ද යොදාගන්නා බව වාර්තා වෙයි.
මැතිවරණයට නාම යොජනා භාර දුන් දිනයේ සිට මෑතක් වනතුරුම ඉතා ප්‍රබල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් මෙම දිස්ත්‍රික්කයෙන් වාර්තා නොවු අතර මැතිවරණ ආසන්න වෙත්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුද ප්‍රබල මට්ටමට පැමිණ තිබේ. විශාල ප්‍රමාණයේ කටවුට් දක්නට නොලැබුන ද කිලිනොච්චි දිස්ත්‍රික්කය පුරා මහාපරිමාණ මට්ටමින් දියත් කර තිබු පෝස්ටර් ව්‍යාපෘති දක්නට ලැබුණි.
නමුත් මේ වනවිට පාසැල් ගොඩනැගිලි වල පවා පෝස්ටර් අලවමින් පාසැල් ළමුන් අතර තොප්පි බෙදා දෙමින් පාසැල් පද්ධතිය පමණක් නොව ඡන්ද අයිතිය නොමැති සිසු සිසුවියන් පවා මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනිම වැරදි පුර්වාදර්ශයක් වෙයි. මෙම ආරම්භය ඉතා බරපතල ආකාරයේ මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් දක්වා දුරදිග යා හැකි බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.