මාස තුනක පමණ කාලයක් සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා දිළිඳු පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර වන තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තාවේ.
දුෂ්කර පාසල් 6,775ක සිසුන් අටලක්‍ෂ තිස්‌නව දහසකට (839,000) අධික පිරිසක් වෙනුවෙන් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක වන නමුත් සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා බොහෝ පාසල්වල මෙම වැඩසටහන නතර වී හෝ සපයන ආහාරවල ප්‍රමිතිය හා පෝෂ්‍යදායී බව අඩු වී හෝ ඇතැයි විදුහල්පතිවරු පවසති.
මෙම වැඩසටහනේ සැපයුම්කරුවන් ලෙස කටයුතු කරන්නන් සමෘද්ධිලාභීන් හෝ දෙමව්පියෝ වූහ. ඔවුන් ද ප්‍රකාශ කරන්නේ තමන් අතින් වියදම් කර සපයන ආහාර වෙනුවෙන් මාස තුනක් මුදල් නොලැබීම නිසා ආහාර සැපයීමට දුෂ්කරතා උද්ගතව පවතින බවය. තවත් ප්‍රදේශවල මෙම මුදල් මාස 05ක පමණ කාලයක සිටම ගෙවා නැත.
මේ වනවිටත් වයඹ, උතුරුමැද, ඌව හා සබරගමුව යන පළාත්වල බොහෝමයක් පාසල්වල දරුවන් සඳහා ලබාදෙන ආහාර වැඩසටහන නතර කර තිබේ.
මෙම තත්ත්වය යටතේ දුෂ්කර ප්‍රදේශවල දිළිඳු දරුවෝ දැඩි අසරණතාවකට පත්ව සිටිති.
මෙම තත්ත්වය යටතේ දුෂ්කර ප්‍රදේශවල දිළිඳු දරුවෝ දැඩි අසරණතාවකට පත්ව සිටිති.