ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පේරාදෙනියේ සිට මහනුවර නගරය දක්වා දැවැන්ත පා ගමනක් අද දින සංවිධානය කර තිබුනි.
ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් , අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් ,පෞද්ගලික පාසල් වලට නිතිමය වටිනාකමක් ගෙන එමට සැරසෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා යෝජනව හකුලා ගන්නා ලෙසත්, මහාපොල ශිෂ්‍යාධාර දෙඟුන කරන ලෙසත්, ශිෂ්‍ය මර්ධනය වහා නවතන ලෙසත්,ශාස්ත්‍රිය නිදහස තහවුරු කරන ලෙසත් පාසල් වලින් ගාස්තු අය කිරීම වහා නවතන ලෙසත් ඇතුළු විශ්වවිද්‍යාල ගැටළු රාශියක් මුල් කරගනිමින් පා ගමන ක්‍රියාත්මක විය.