ඉල්ලිම් කිහිපයක් දිනා ගැනීමට කැලණිය සරසවි සිසුන් විරෝධතා බැනරයක් අත්සන් කරයි

ඉල්ලිම් කිහිපයක් දිනා ගැනීම වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දින කිරිබත්ගොඩ නගරයේදී විරෝධතා බැනරයක් අත්සන් කරන ලදී.

ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්, නේවාසිකාගාර අර්බුදයන් වහා විසදන ලෙසටත් ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනය විකිණීමට යෝජනා කර ඇති අධ්‍යාපන වෙළද කලාප අහෝසි කරන ලෙසත් පාසල් තුළ මුදල් අයකිරීම් නවතන ලෙසත් බල කරමින් අඩි 100ක් දිග බැනරයකට අත්සන් එකතු කරන ලදි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>