නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව

"නව ලිබරල් ධනවාදයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම" නමින් අයිතීන් දින ගැනීමේ සිසු ජන ව්‍යපාරය සංවිධානය කල පාගමන සහ සම්මන්ත්‍රණය අද(23) පැවැත්විණ. අනුරාධපුර යාපනය හන්දියෙන් ආරම්භ වූ පා ගමන අනුරාධපුර නව බස් නැවතුම්පල දක්වා ගමන් කළහ. අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් යටතේ වුවද මෙම පා ගමන පැවැත්විණ. මේ සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ක්‍රියාකාරීන් රසක් එක්ව සිටියහ. අනතුරුව නව ලිබරල් ධනවාදයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළ ගැස්ම සම්මන්ත්‍රණය අනුරාධපුර පොළ අසල ප්‍රජා ශාලාවේදී පැවැත්විණ. මෙහිදී ආසනික් විරෝධී ජාතික ගොවි සංවිධානයේ සභාපති මාමංකඩවල පියරතන හිමියන් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින්, අපි පුරවැසියෝ සංවිධානයේ කැඳවුම්කරු සමන්ත ඈපා, ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ අනුරාධපුර ශාඛා සභාපති ටෙරන්ස් ගාමිණි, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික යන මහත්වරු සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කළහ.

මීට අමතරව රජරට අරගලය වෙනුවෙන් සහය දක්වන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක වුහ. අපි පුරවැසියෝ සංවිධානයේ ජයතිලක බණ්ඩාර මහතාගේ විකල්ප ගී වැඩසටහනක්ද මෙහිදී පැවැත්විණ.

අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන යන අතර තුර මෙම වැඩසටහන සංවිධානය කෙරිණ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>