විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිත දීමනාව අහෝසි කිරීමට ආණ්ඩුව සැරසෙයි . මාධ්‍ය නිවේදනය(කම්කරු අරගල මධ්‍යස්ථානය )

රාජ්‍ය සේවකයන්හට විශ‍්‍රාම යන මොහොතේ ඔවුන්ට හිමි වසර දෙකක විශ‍්‍රාම වැටුප එකවර විශ‍්‍රාම පාරිතෝෂිත දීමනාවක් ලෙස ලබාගත හැකිය. කෙසේ වෙතත් එම දීමනාව ලබාදුන්නේ එම මුදලින් 60%ක් වසර 10ක කාලයකට යටත්ව පොලී අය කිරීමකින් තොරව මාසිකව ලැබෙන තම විශ‍්‍රාම වැටුපෙන් අය කර ගන්නා පදනමෙණි. තවද එම පාරිතෝෂිත දීමනාව මෙතෙක් ගෙවනු ලැබුයේ රාජ්‍ය සේවකයන්ට හිමි විශ‍්‍රාම වැටුප් අරමුදලෙනි. 

කෙසේ වෙතත් දැනටත් විශ‍්‍රාම ගොස් ඇති රාජ්‍ය සේවකයන් 15,000කට ආසන්න ප‍්‍රමාණයකට මෙම විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිත දීමනාව මේ වන විටත් ලැබී නැත. එය සිදු වූයේ කෙසේද? මෙම පාරිතෝෂිත දීමනාව ගෙවීමට බැරි වන තරමට විශ‍්‍රාම වැටුප් අරමුදල දුර්වලකොට සේවකයන්ට හිමි එම අරමුදල කොල්ල කෑවේ කවුද? යන ගැටලූ මේ නිසා හමුවේ පැනනඟී. ඊට පිළිතුර පැහැදිලිය. මෙම ගැටලූ පැනනඟින්නේ තම මූල්‍ය අර්බුදය ශ‍්‍රමිකයාගේ කරමත පටවන නව ලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය හේතුකොට ගෙනය. 

මෙය රජයේ සේවකයන්ට පමණක් සීමා වී නැත. ගොවියා තම විශ‍්‍රාම වැටුපෙන් ඉතුරු කළ ගොවි විශ‍්‍රාම වැටුප් අරමුදල ද එලෙස ම කොල්ල කන ලදී. එනිසා ගොවි විශ‍්‍රාම වැටුප් ගෙවීම වසර ගණනාවක සිට නතර වී ඇත. පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි අර්ථසාධක අරමුදලටද එම ඉරණම අත්වෙමින් පවතී. ඒ සඳහා ආණ්ඩුව රැුගෙන ආ ඊනියා පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත සේවක විරෝධය නිසා දැනට හකුලාගෙන තිබුණ ද එම අරමුදල ව්‍යාපාර සඳහා ආයෝජනය කරන මුවාවෙන් කොල්ලකමින් සිටී. එසේත් නැත්නම් මහා භාණ්ඩාගාරයේ මූල්‍ය අර්බුදය පියමන් කිරීම සඳහා ඒවා යොදාගනිමින් සිටී. එනිසා ආණ්ඩුව අනුගමනය කරන මෙම නව ලිබරල් ශ‍්‍රම කොල්ලයට එරෙහිව ශ‍්‍රමිකයාගේ අයිතිය වෙනුවෙන් නැඟී සිටිය යුතුය. 

මෙම වකවානුව අප හඳුනාගන්නේ නව ලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වේගයෙන් කි‍්‍රයාවට නැෙඟන වකවානුවක් ලෙසය. ඒ යටතේ රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාම වැටුප් ගෙවීමේ වගකීමේ රජය මුළුමනින් නිදහස් වීම ද එම ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට අයත්ය. එය සනාථ කරමින් 2009 වසරේ ඒ සඳහාත් දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් රාජ්‍ය සේවකයාට හඳුන්වා දීමට අන පණත් රැුගෙන ආවේය. සේවක විරෝධය නිසා තාවකාලිකව එය ද වැලකී ගියේය. 

එහෙත් එහි තවත් තීරණාත්මක ක‍්‍රියාමාර්ගයක් වූයේ දිගින් දිගටම රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි නොකර ඊට අයවැය මඟින් දීමනා එකතු කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. මේ නිසා ලැබීමට නියමිත විශ‍්‍රාම වැටුප හීන වේ. අයවැය මඟින් වැටුපට හා විශ‍්‍රාම වැටුපට ජීවන වියදම් දීමනාවක් එකතු කිරීමේ ප්‍රෝඩාව මඟින් මෙම අති දැවැන්ත ශ‍්‍රම කොල්ලය වසන් කිරීමට උත්සාහ ගනී. විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිතය බැංකු ණයක් ලෙස ලබාදීමට මේ වන විට ආණ්ඩුව කරනු ලබන යෝජනාවද එහි තවත් දිගුවකි. එමඟින් සිදුවන්නේ එම වගකීමෙන් රජය නිදහස් වී එය බැංකු වෙත විතැන් කිරීමය. 

එම නිසා මෙම අර්බුදය අප හඳුනා ගන්නේ, විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිතය ගෙවීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැක්කේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එය සිදු කිරීමෙන් ද නැතහොත් රාජ්‍ය බැංකු මඟින් ණය අරමුදලක් ලෙස ලබා දීමෙන් ද යන විසඳුම සාකච්ඡුා කිරීමෙන් නොවේ. ආණ්ඩුවේ එම විසඳුම වෘත්තීය සමිති මඟින් පිළිගැනීමෙන් සිදු විය හැක්කේ ධීවරයාට අහිමි වූ ඉන්ධන සහනාධාරය, ගොවියාට අහිමි වූ විශ‍්‍රාම වැටුප වැනි ඉරණමකට රාජ්‍ය සේවකයාට ද හිමි වීම පමණි. එනිසා කම්කරු අරගල මධ්‍යස්ථානය සියලූම වෘත්තීය සමිතිවලින් සහ සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මෙම නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට, එහි ශ‍්‍රම කොල්ලයට එරෙහිව පීඩිතයා සමඟ එක්ව කරණු ලබන පොදු අරගලයකට එකතු වන ලෙසයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>