සෞන්දර්ය කලා උපාධි කප්පාදු වහා නවතනු!

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ සිව් අවුරුදු උපාධිය වසර 3ක් දක්වා කප්පාදු කිරීමට එරෙහිව හා නේවාසිකාගාර අර්බුදය ඇතුළු සුභ සාධන ගැටළු රාශියක් මුල් කර ගනිමින් අද දින විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝශනයක් ක්‍රියාතමක කෙරුනි.  සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝශණ්යට සියළුම පීට නියෝජනය කරමින් සිසුන් සහභාගි විය

 සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලාව අවුරුදු තුන දක්වා කප්පාදු  කර  සිසුන් විශාල පිරිසකට විශේෂ වේදී උපාධිය හැදෑරීමේ අවස්ථාව අහිමි කිරිමටත්, උපාධි විකිණීම, නේවාසිකාගාර අර්බුදය, සංගීත පීඨයේ නැවතී ඇති ගොඩනැගිලි ව්‍යාපෘතිය කඩිනම් කරවීම, මහපොල හා ශිෂ්‍යාධාර වාරිකය 5000 දක්වා වැඩි කරවීම, දේශන ශාලා හිඟකම ඇතුළු සුබසාධන ගැටළු විසඳා ගැනීමට බල ‍කෙරෙමින් විශාල සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් 12 දින විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට  උද්ඝෝෂණය  ක්‍රියාතමක කෙරුනි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>