අධ්‍යාපනය කප්පාදුව, විකිණීම හා ශිෂ්‍ය මර්දනයට එරෙහි දැවැන්ත පා ගමන

අධ්‍යාපන කප්පාදුව, විකිණීම හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරනු ලබන දැවැන්ත පා ගමන හෙට(19) පෙරවරු 10 ට කැලණිය සරසවියෙන් ආරම්භ වේ. වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ අධ්‍යාපනය විකිණීමයි. මේ වන විට සිදු කරගෙන යනු ලබන උපාධි කප්පාදුවද එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේම එක පියවරක් ලෙස ක්‍රියාත්මක වන්නකි. ඊට එරෙහිව හඬ නඟන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මර්දනය කරන්නේද ඔවුන්ගේ ප්‍රතිපත්තිය පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ය.


ඒ අනුව ඉහත කී කාරණා හරහා අද වන විට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ දැවැන්ත අර්බුද ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.
අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට සරසවි සිසුන් ආරම්භ කල සත්‍යග්‍රහයට අදට දින 100කි.
සම සෞඛ්‍ය උපාධි කප්පාදුවට එරෙහිව පේරාදෙණි හා රුහුණු සරසවි සිසුන් ආරම්භ කල ඇති සත්‍යග්‍රහය දින 50 ක කාලයක් ඉක්මවා ඇත.
සෞන්දර්ය උපාධිය ද කප්පාදුවට ලක් කිරීමට කටයුතු කර ඇත.
සබරගමු සරසවියේ ශිෂ්‍ය සංගම් තහනම් කර වසරකට අධික කාලයක් ගත වී ඇත. පන්ති තහනම් ගණන 23 කි.
ජ'පුර සරසවියේ ශිෂ්‍ය සංගම් තහනමට වසරකි. පන්ති තහනම් 138 කි. නඩු 143 කි.
නේවාසිකාගාර පහසුකම් අහිමිව කැළණි සරසවි ශිෂ්‍යාවන් 800 ක් මග මඟට ඇද දමා ඇත.
වසර නවයකින් මහපොළ හා ශිෂ්‍යාධාර මුදල වැඩි කර නොමැත.
මිනීමරු හමුදා පුහුණුව තව දුරටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
අධ්‍යාපන ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කෙරෙමින් පවතී.


මෙකී සියලු අර්බුද වලට විසදුම් ලබා දීමට ආණ්ඩුව කිසිඳු පියවරක් නොගන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීම නිසාවෙනි. ඒ නිසා සියලු විශ්වවිද්‍යාල ඒකාබද්ධ කරගනිමින් අඛණ්ඩ සටනක් දියත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>