අධ්‍යාපන කප්පාදුව, විකිණීම සහ ශිෂ්‍ය මර්දනයට එරෙහි ව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල දැවැන්ත පා ගමන අද (19) පැවැත්විණ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කල පා ගමන අරලියගහ මන්දිරය දක්වා ගමන් කරන්නට විය.සෑම විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කරමින් සිසුන් 5000කට අධික පිරිසක් සහබාගි විය.
පා ගමන නැවතීමට ආණ්ඩුව විශාල උත්සහයක් ගෙන තිබුණි. සියලු සිසුන් පොලිසිය විසින් පරික්ෂා කල අතර කැලණිය සරසවියේ හැදුනුම් පතක් නොමැති සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමට පොලිසිය විසින් අවසර නොදෙන ලදී. පොලිස් කැරලි මර්දන බලකායක් සහ අධිපීඩන ජල බව්සර්ද විශ්වවිද්‍යාල පරිශයට කැදවා තිබුණි. කැලණිය සරසවියේ කාන්ත නේවාසිකාගාර වලට ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක ඇතුළුව සරසවි ආචාර්යවරුන් පැමිණ ශිෂ්‍යාවන් පාගමනට සහබාගි වීම වැලැක්වීම සදහා ශිෂ්‍යාවන් බිය වද්දන ලදී.විශාල පොලිස් බලනියක් සහ පොලිස් ඔත්තු කරුවන් විශාල ප්‍රමාණයක් යොදවා තිබුණි.පා ගමන නටරා කරන ලෙස පොලිසිය විසින් උසාවි නියෝගද ගෙන තිබුණි.
මෙම සියලු බදා කිරීම නොතකා සිසුන් පා ගමන ක්‍රියාත්මක කල අතර පා ගමනට ජනාධිපති ලේකම් කාර්යාලය අසල දී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල විය. සිසුන් ප්‍රධාන මාර්ගයේ වට රවුමේ රැදී සිටිමින් විරෝධතාවේ නිරතව සිට විසිර ගියහ.