රජරට
විශ්වවිද්‍යාලයීය පරිපාලනය මඟින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත්
කරගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන්
ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (18) දින 130කි.
අවුරුදු
නිවාඩු සමයේ ද අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කිරීමට සිසු සිසුවියන්ට සිදු වුයේ
පාලකයන් අදාළ කිසිඳු ගැටලුවකට විසඳුම් දීම සඳහා උත්සහයක් හෝ නොගෙන තිබෙන නිසාවෙනි. පන්ති තහනම් 27 ටම අදාලව
අභියාචනා භාරා දීමට කටයුතු කලේ මීට මාස 6 කට පෙරය. නමුත් මාස 6ක කාලයක් ගතවන තුරු
අභියාචනා මණ්ඩලය පත් කිරීමට විශ්වවිද්‍යාල
පරිපාලනය කටයුතු නොකළ අතර අභියාචනා මණ්ඩලය පත් කල බවත් ඊට සිසුන් සහභාගී නොවූ බවත්
විශ්වවිද්‍යාල පරිපාලනය සම්පුර්ණ අසත්‍ය ප්‍රකාශයක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට
කටයුතු කර තිබිණ. නමුත් නීතියද ඒ වෙනුවෙන් අදටද නිහඬය.
ඒ අනුව ප්‍රථම
වතාවට අභියාචනා මණ්ඩලය රැස් වුයේ 2014/03/27 වනදාය. මෙම අභියාචනා මණ්ඩලයෙය් තීරණය
මේ වන විටත් පාලක සභාව වෙත යොමු කිරීමට කටයුතු කර තිබුනේ අවුරුදු නිවාඩුවට
විශ්වවිද්‍යාලය වසා දැමීමට පෙරය. අවුරුදු නිවාඩුවට පෙර විශ්වවිද්‍යාලයේ පාලක සභාව
රැස් වුවද පන්ති තහනම් වලට අදාළ අභියාචනා සම්භන්ධයෙන් කිසිඳු තීරණයක් සිසුන් වෙත දැනුම්
දීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු නොකළේ සිසුන්ගෙන් පළිගැනීමේ වුවමනා වෙන්මය.
බොහෝ සතුටින්
තම දරුවන්.පවුලේ හිතවතුන් සමඟ මෙරට ජනාධිපතිවරයාද අවුරුදු සරණ අයුරු දැක ගත හැකි
විය. නමුත් රජරට විශ්වවිද්‍යාලයේ සහ සම සෞඛ්‍ය සිසුන් ඇතුළු සරසවි සිසුන්ට
අවුරුද්දට ඉන්නට සිදු වුයේ මහ පාරේ අට්ටාල මතය.
රජරට
විශ්වවිද්‍යාලයට අර්බුදය ගෙන ආවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවයි. ඒ ගමයි
සරසවියයි නම් අවුරුදු උත්සවයක් ජුනි 20 වනදා පවත්වමින් එදිනට යෙදෙන ශිෂ්‍ය වීර
දිංය දියාරු කිරීමේ කුමන්ත්‍රණය සමඟිනි. අනෙක් කාරණය නම් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන
ප්‍රතිපත්තිය වන අධ්‍යාපන විකිණීම රජරට විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක කිරීමට
උත්සාහ කල මොහොතේ ඊට විරුද්ධව කටයුතු කිරීමය. ඒ අනුව මෙකී මර්දනය ක්‍රියාත්මක
කිරීමට මුලිකම හේතුව අධ්‍යාපනය විකිණීමට සුදුසු පරිසරයක් විශ්වවිද්‍යාලය තුල
නිර්මාණය කිරීමය. මේ සඳහා ආණ්ඩුවට කඩේ යන උපකුලපතිවරයා, විනයපාලකවරයා සහ ඇතැම්
ආචාර්යවරුන්ද ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන්නේ ඔවුනට ලැබෙන සුළු කොමිස් මුදල උදෙසාය.
ඒ අනුව තවදුරටත්
ප්‍රශ්න විසඳීම වෙනුවට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරමින් සිටිනුයේ සිසුන
මර්දනය කිරීමේ ක්‍රියාපිළිවෙතකි. ආපනශාලා, නේවාසිකාගාර, පානීය ජලය පිලිබඳ
විශ්වවිද්‍යාලය තුලු උග්‍ර ගැටළු ප්‍රමාණයක් තිබියදී ඒ කිසිඳු ගැටලුවකට
විසඳුමක් හෝ ලබා නොදීමට ක්‍රියා කරන
විශ්වවිද්‍යාල පරිපාලනය ඉහලින් එන නියෝග වලට සුවච කීකරු ගෝලයන් සේ ප්‍රතිචාර
දක්වමින් සිසුන් මර්දනය කිරීමේ නින්දිත ක්‍රියා කලාපයක නිරතව සිටී.
මේ කුමන
මර්දනය හමුවේ වුවද අදාළ ගැටළු වලට ස්ථීර විසඳුම් ලබා දෙන තුරු සටන් ක්‍රියා මාර්ග
වල නියැලීමට රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය තීරණය කර ඇත.