සම සෞඛ්‍ය සිසුන් අවුරුදුදාත් සත්‍යග්‍රහයේ


සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර 4 ක උපාධි පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබියදී එය වසර තුනක කාලයකට කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කල සත්‍යග්‍රහ තුනම අලුත් අවුරුදු දවස වූ අද දවසේදී ද ක්‍රියාත්මක කෙරිණ.

පේරාදෙණිය ගලහා හන්දියේ සත්‍යග්‍රහයට අදට දින 112 කි, ගාල්ල නගරයේ සත්‍යග්‍රහයට අදට දින 104කි, කොළඹ කොටුවේ සත්‍යග්‍රහයට අදට දින 19 කි.

කොළඹ කොටුව සත්‍යග්‍රහයට සහය දැක්වීම සඳහා වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු හා සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේ දෙමාපියන්ද එක්ව සිටියහ.

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව කප්පාදු කිරීමට අදාළව තීරණයක් ගැනීමේ පැහැදිලි හැකියාවක් විශ්වවිද්‍යාලා ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාව ඇත. නමුත් මේ වන තෙක් අදාළ ප්‍රශ්නයට කිසිඳු විසඳුමක් නොදී බලධාරීන් විවිධ පාර්ශව වෙත චෝදනා එල්ල කරමින් සිටි. පුදුමයට කාරණය නම් කලින් කලට මෙසේ චෝදනා එල්ල කරන පාර්ශවය වෙනස් වීමය. මෙසේ මෙරට නායකයා, අධ්‍යාපන බලධාරීන් මෙම ගැටලුව විසඳීමට උත්සාහ නොකරන්නේ , සම සෞඛ්‍ය උපාධි කප්පාදුවට හේතුව එම උපාධිය ද මුදලට විකිණීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම වීමය. ඒ මෙරට ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම ක්‍රියාත්මක කෙරෙන එක අවස්ථාවකි.

ඒ අනුව සම සෞඛ්‍ය සිසුන්ට අලුත් අවුරුදු දවසේ මහ පාරේ සත්‍යග්‍රහ කරන්නට සිදු විය.

ඡායාරූප>>>

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>