රජරට සිසුන් අවුරුදු දා අඛණ්ඩව සත්‍යග්‍රහයේ


විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් ලබා දී ඇති පන්ති තහනම් 27 ක් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලිම් නවයක් මුල් කරගනිමින් රජරට සරසවි සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහ ද අද දවසෙත් ක්‍රියාත්මක විය. මෙම සත්‍යග්‍රහයට අදට දින 126 කි.

නමුත් මේ වන තෙක් අදාළ කිසිඳු ගැටලුවකට විසඳුම් ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය හෝ මෙරට ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් උත්සාහ ගත්තේ නැත. ඒ අනුව අදාළ පන්ති තහනම් 27 සඳහා අභියාචනා භාර දී මාස 7 කට පසුත් අභියාචනා මණ්ඩලය පත් කිරීමට උපකුලපතිවරයා කටයුතු කලේ නැත. මේ වන විට අභියාචනා මණ්ඩලය පත් කර එහි තීරණය විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත දැනුම් දී ඇතත් එය ශිෂ්‍යයින්ට දැනුම් දීමට කටයුතු කලේ නැත. ඒ අනුව තව දුරටත් රජරට සරසවියේ ශිෂ්‍ය මර්දනය අවසන් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැත.

අදාළ ගැටළු වලට විසඳුම් නොදීම හේතුකොට ගෙන අවුරදු දිනයේද අඛන්ඩව සත්‍යග්‍රහයේ රැදී සිටීමට රජරට සිසුන්ට සිදු විය.

රජරට ශිෂ්‍ය මර්දනය පසු පසද ඇත්තේ අධ්‍යාපනය විකිණීමට එරෙහි වීමය.


ඡායාරූප>>>

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>