අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහි භික්ෂු පා ගමන

අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිව අද දින අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය මගින් පා ගමනක් හා උද්ඝෝෂණයක් පැවැත් විය. කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කළ පා ගමන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරි පිටින් අවසන් විය. සියළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් භික්ෂූන් වාහන්සේලා විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.



එහි මූලික ඉල්ලීම් වූයේ 

උපාධි කප්පාදුව නවතන ලෙසත්

 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ, භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු පොදුවේ ශිෂ්‍ය මර්ධනය නවතන ලෙසත් 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාර ගැටලූව විසදන ලෙසත්


 බෞද්ධ හා පාලි ව්ශ්ව විද්‍යාලයේ හා අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂු සංගම් තහනම ඉවත් කර වහා භික්ෂු සංගම් ස්ථාපිත කරන ලෙසත් 

 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ දේශන වලට භික්ෂූන් වහන්සේලාට පැමිනීමට නොදීම නවතා භික්ෂූන් වහන්සේලාට දේශන වලට පැමිනීමට අවසර ලබා දෙන ලෙසත්

 අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියට නොසුදුස්සන් උපකුලපතිවරයා විසින් පත් කිරීම නිසා ඇති වී ඇති ගැටලූ වහා විසදන ලෙසත් ය.

මේ සඳහා සාකච්ඡුා කිරීම සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය අවසර ලබා දුන්නද, ඒ සඳහා මාධ්‍ය වේදීන් සහභාගී කර ගැනීමට අවාසර ලබා නොදුණි. ඒ අනුව සාකච්ඡුා සඳහා භික්ෂූන් වහන්සේලා සහභාගී නොවූ අතර උන්වහන්සේලා ප‍්‍රකාශකර සිටියේ හොර රහසේ කරන සාකච්ඡුා සඳහා සහභාගී නොවන බවයි. තවද ගැටළුවලට විසඳුම් ලැබෙන තුර අරගලය අත්නොහරින බවද භික්ෂූන් වහන්සේලා ප‍්‍රකාශ කර සිටියහ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>