![]() |
najith indika |
එහිදී අදහස් දක්වමින් නජිත් ඉන්දික සහෝදරයා කියා සිටියේ මේ දිනාගත්තේ සම සෞඛ්‍ය පාඨමාලවේ එක් අවුරුද්දක් නෙවෙයි, සිව් අවුරුදු පාඨමාලව විතරක් නෙවෙයි, සටන් අරගල ගැන විශ්වාසය බිද වට්ටල තිබුනු මොහොතක සටන් කරල දිනන්න පුළුවන්, අරගල කරල දිනන්න පුළුවන් කියන එක සමජයේ තහවුරු කරන්න පුලුවන් වෙච්ච එක තමයි අපි ලබපු ජයග්‍රහනය. ඒ වගේම මෙම සටනට නිවැරදි දිශාවකට යොමු කරලා,නිවැරදි දේශපාලන දැක්මක් මත සිට වඩාත් ධෛර්ය වන්ත ලෙස ශිෂ්‍යයෝ සටන් කරපු නිසා තමයි ජයග්‍රාහනය කරන්න පුළුවන් වුනේ.
අපි ලංකවේ සමාජයට කියන්න ඕනි එකතු වෙන්න, සටන් කරන්න, අරගල කරන්න අරගල කරල දිනන්න පුළුවන් කියල අපි ඔප්පු කරල තියෙනව.
ඒ වගේම අපි කියන්න ඕනි සිවු අවුරුදු සම සෞඛ්‍ය උපාධිය දිනා ගැනීම නෙවෙයි සටන, සටන පටන් ගන්නෙ දැන් ඒ තමයි නිදහස් අධ්‍යාපනයක් දිනාගැනීමේ සටන, නිදහස් සෞඛ්‍ය සේවයක් දිනා ගැනීමේ සටන අන්න ඒ සටන අපි අද ඉදන් පටන් ගන්නව .