විශ්වවිද්‍යාල පරිපාලනය මගින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (14) දින 187 කි. දින 187 තිස්සේ පවත්වාගෙන ආ සත්‍යග්‍රහය අතරතුර ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ "පොසොන් සඳයි-සරසවියයි පොසොන් සඳයි-අරගලයයි" වැඩසටහන 12 සහ 13 යන දෙදින තුළ ක්‍රියාත්මක විය. අඛණ්ඩ සත්‍යග්‍රහය අතරතුර ද පොසොන් පොහොය වෙනුවෙන් පහන් කූඩු වලින් නිර්මාණය කරන ලද තොරණ, ඔසුපැන් දන්සල සහ බැති ගී ප්‍රසංගය පැවැත් වූ අතර තවමත් නිමා නොවූ සිසු අරගලය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ විරෝධතා බැනරය අත්සන් කිරීමේ වැඩසටහන විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණ.
ඡායාරූප නැරඹීමට
ඡායාරූප නැරඹීමට