කොළඹ සරසවියේ අරගලය ජයග්‍රහනය කරයි. වසා දැමූ පීඨ විවෘත කරයි.

දින 13ක් තිස්සේ අඛන්ඩව පැවති සත්‍යග්‍රහයේ ඉල්ලීම් ජයග්‍රහනය කරමින්   අත්තනෝමතික ලෙස වසා දැමූ  කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හා අධ්‍යාපන පීඨය  වහා විවෘත කිරීමට පාලනාධිකරිය තිරනය කර තිබේ. මෙම ජයග්‍රහනයත් සමඟ සත්‍යග්‍රහය අවසන් කර ඇත.

දින 74ක  කාලයක් වසා දමා තිබු කොළඹ සරසවියේ අධ්‍යාපන හා ශාස්ත්‍ර පීඨය වහා විවෘත කරන ලෙසත් , වැඩි කල නේවාකිගාර ගාස්තු අඩු කරන ලෙසත්,ශිෂ්‍ය ක්‍රියාකාරින් 20 දෙනෙකුට පැනවූ පන්ති තහනම් වහා ඉවත් කරන ලෙසත් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  පසුගිය ජුනි 5 වන දින විශ්වවිද්‍යාල සිසුන් 1000කට අධික පිරිසකගේ සහබාගිත්වයෙන් උද්ඝෝශණයක් පැවැත්වූ අතර ඉන් පසු ඉල්ලීම් වලට විසදුම් ලබා දෙන තුරු සිසුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයකට වාඩි විය. 

ඉයේ දිනයේදී(17) පාලනාධිකරිය විසින් විශ්වවිද්‍යාලය ජුලි මස 1 වන දින විවෘත කරන ලෙසත් වැඩි කල නේවාසිකාගාර ගාස්තුව නැවත රු.1000ක් කරන බවත් ලිඛිතව පොරොන්දු වී ඇත.

 මෙම අරගලය සඳහා විද්‍යා පීඨය, වෛද්‍ය පීඨය, පරිඝනක විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,නීති පිඨය ,අධ්‍යාපන හා ශාස්ත්‍ර පීඨය ඇතුළු සියළු පීඨ වල සහයෝගය ලැබුණි. රුහුණ විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙස බල කරමින් පසුගිය දා කැළණිය විශ්වවිද්‍යාලයේ හා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් උද්ඝෝශණ පවත්වන ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>