ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් කැළණිය සිසුන් උද්ඝෝශණයක

අද(20) දහවල් ඉල්ලිම් 10ක් මුල් කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝශනයක් පැවැත්විය. මෙම උද්ඝෝශනය සඳහා පොලිසිය විසින් උසාවි නියෝගයක් ගෙන තිබුනි. නමුත් සිසුන් උද්ඝෝශනය ක්‍රියාත්මක කරමින් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට  පැමින උද්ඝෝශනයේ නිරතවිය. එහිදී උපකුළපති සමග සාකච්චා කිරීමෙන් පසු සිසු ඉල්ලිම්  හැකි ඉක්මනින් විසදීමට පොරොන්දු විය.  

එහි ප්‍රධාන ඉල්ලිම් වුයේ 
උපාධි මුදලට විකිනීම නවතන ලෙසත්, 
විශ්වවිද්‍යාල භූමියේ සවි කර ඇති කැමරා පද්දතිය ඉවත් කරන ලෙසත්, 
සිසු නිදහස තවුරු කර 12-1 පැයේදී දේශන නොපවත්වන ලෙසත්, 
මහපොළ හා ශිෂ්‍යධාර වාරිකය රු.5000ක් දක්වා ඉහල දමන ලෙසත්,
දේශන සඳහා  පනවා ඇති 80% පැමිනීම ඉවත් කරන ලෙසත්, 
පොරොන්දු වූ පිරිමි නේවාසිකාගාරය වහා ඉදිකරන ලෙසත්,
 ශිෂ්‍යමර්දනය නවතන ලෙසත් ආදී ඉල්ලිම් වේ.







අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>