2015.01.01
ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර,
සභාපති,
විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය
මහත්මයාණෙනි,
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඔබ සංගමය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙන ඔබගේ දේශපාලන ස්ථාවරය සම්බන්ධවයි
2015 ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකාවේ සත්වන ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන විපක්ෂ අපේක්ෂකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පල කිරීමට ඔබගේ සංගමය ගෙන තිබෙන තීරණය අප තුළ මහත් විස්මයක් ඇති කොට තිබේ. විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වගකීමෙන් පසුගිය දිනවල පුවත්පත් වල මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡුන්ද දැන්වීම් පල වී තිබූ අතර දඹර අමිල හිමි ඇතුලූ ඔබගේ සංගමයේ ප‍්‍රමුඛයන් ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විවෘතව කටයුතු කරමින් සිටී. අප විසින් මෙම ලිපිය ඔබට යොමු කරන්නේ ඔබගේ එම තීරණය පිළිබඳ අපගේ අදහස ඔබට ඉදිරිපත් කළ යුතු යැයි විශ්වාස කරන නිසාය. අප සහ ඔබ සංගමය මෑත ඉතිහාසයේ අවස්ථා ගණනාවක එක්ව වැඩ කටයුතු කොට ඇත. අධ්‍යාපන අයිතිය රැුකගැනීමේ අරගලයේ දී අප සහයෝගයෙන් විවිධ ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. අනාගතයේ දීද එලෙස අප එකම සටන් බිම තුළ මුණ ගැසෙනු ඇත. ඔබ විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙන දේශපාලන ස්ථාවරය පිළිබඳ අපගේ අදහස දැනුම් දීම වඩාත් වැදගත් වේ යැයි ඒ නිසා අපි සිතමු.
මෙරට අධ්‍යාපන අයිතිය පිළිබඳ අවම හෝ සංවේදීතාවයක් තිබෙන කිසිවෙක්ට මහින්ද රාජපක්ෂ පාලනයට එකඟ විය නොහැකි බවට විවාදයක් නොමැත. පසුගිය අවුරුදු ගණනාව මුලූල්ලේ රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙරට අධ්‍යාපන අයිතිය මත මුදා හැර තිබෙන කප්පාදුව සහ සංහාරයට එරෙහිව අප මෙන්ම ඔබ සංගමය ද දිගින් දිගටම පෙනී සිටියේය. ඔබ අප සියලූ දෙනා විරුද්ධ වූ රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රධානම ප‍්‍රතිපත්තියක් වූයේ අධ්‍යාපනය සමාජ අයිතියක තත්වයේ සිට ලාභ උපයන වෙළඳ භාන්ඩයක් දක්වා පිරිහෙලීමට දරනු ලැබූ උත්සාහයයි. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම, රජයේ විශ්ව විද්‍යාල වලට ලබාදෙන ප‍්‍රතිපාදන කප්පාදු කිරීම, රජයේ විශ්ව විද්‍යාල වල නඩත්තු මුදල් සොයාගැනීමේ වගකීම එම විශ්ව විද්‍යාල වලටම පැවරීම, රජයේ විශ්ව විද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණීම, උසස් තාක්ෂණ විද්‍යාල වල පාඨමාලා මුදලට විකිණීම ආදී වශයෙන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවිණ. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගෙන ඒම, අධ්‍යාපන වෙළඳ කලාප යෝජනා ඉදිරිපත් කිරීම ආදී විවිධ ක‍්‍රමවේද යොදාගනමින් ස්වකීය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීමට ආණ්ඩුව උත්සාහ කළ ආකාරය අප සියලූ දෙනා දනිමු. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම තම ආණ්ඩුවේ පිළිවෙත බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක එක් වරකට වඩා ප‍්‍රකාශ කොට තිබෙන අතර මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබාදීමට සම්බන්ධ වීම වැනි ක‍්‍රියාවන් හරහා ජනාධිපති රාජපක්ෂ ද එම ද්‍රෝහී ක‍්‍රියාපිලිවෙත සම්බන්ධයෙන් තිබෙන ස්වකීය කැපවීම පෙන්නුම් කර දී තිබේ.
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට දරන ලද මෙම උත්සාහයට එරෙහිව විශාල ශිෂ්‍ය විරෝධයක් නිර්මාණය විය. මේ නිසා විශ්ව විද්‍යාල සිසුන් මර්ධනය කිරීම සම්බන්ධයෙන් ද රාජපක්ෂ ආණ්ඩුව සතුව අපකීර්තිමත් වාර්තාවක් ඇත. වසර හතරක කාලයකක් තුළ සිසුන් 1420 කට අධික ප‍්‍රමාණයකගේ පංති තහනම් කරමින් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීමෙන්, නඩු පැවරීමෙන්, සාමකාමී පා ගමන් වලට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීමෙන්, සිසු නායකයින් සිරගත කිරීමෙන් හා විශ්ව විද්‍යාල තුළ මර්දනකාරී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් ඇති කරමින් රාජපක්ෂ ආණ්ඩුව ශිෂ්‍ය මර්දනය මුදා හළ ආකාරය අප සියලූ දෙනා දනිමු. ඔබ සංගමය ද අවස්ථා ගණනාවක දී ආණ්ඩුවේ එම මර්දනයට විරුද්ධව පෙනී සිටියේය. උපකුලපතිවරුන් ලෙස තමන්ගේ බත් බැලයන් පත්කරමින්, විශ්ව විද්‍යාල වල අභ්‍යන්තර පාලනයට පෙර නොවූ විරූ ලෙස ඇඟිලි ගැසීමට ආණ්ඩුව කටයුතු කළේ ද ස්වකීය අධ්‍යාපන පිලිවෙතට එරෙහිව සරසවි තුළින් පැන නැගෙන විරෝධතා පාලනය කිරීමට එයට අවශ්‍ය වී තිබූ නිසාය.
ඉහත කී කරුණු නිසා රාජපක්ෂ රජයට පක්ෂ වීමට මෙරට අධ්‍යාපන අයිතිය පිළිබඳ අවම හෝ සංවේදීතාවයක් තිබෙන කිසිවෙක්ට නොහැක. රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ වීම සහ ඒ සම්බන්ධ සිය විරෝධය පල කිරීම සඳහා මේ නිසා උවමනාවටත් වඩා කරුණු තිබේ.
එහෙත් එසේ විරෝධය පල කරමින් ඔබගේ සංගමය ගෙන තිබෙන ස්ථාවරය වන්නේ රාජපක්ෂට එරෙහි ප‍්‍රධාන අපේක්ෂකයා වන මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමයි. පළමු කොටම කිව යුත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ගේ දේශපාලන හැඩහුරුකම ගැන බරපතල ප‍්‍රශ්න පවතින බවයි. නිදහස් අධ්‍යාපන අයිතිය මත දැවැන්ත සංහාරයක් එල්ල කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුල් පෙළේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස සිටි හෙතෙම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ද විය. පසුගිය ඉතිහාසයේ කිසිදු අවස්ථාවක රජයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියට එරෙහිව ඔහු වචනයකුදු කථා කළ බවට සලකුණක් හෝ නැත. රාජපක්ෂ රජයේ ඇමතිවරයෙක් ලෙස සියලූ වරප‍්‍රසාද හා සැප සම්පත් භුක්ති විඳිමින්, එම පාලනයේ සියලූ අපරාධ සාධරණීකරනය කරමින් ඔහු පසුගිය කාලයේ සිය දේශපාලන ජීවිතය ගත කළ අතර අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ බලවේග සහ ඔහු අතර කිසිදු ගනුදෙනුවක් නොවීය. ඔබ සංගමය විසින් දියත් කළ සටන් වලදී හෝ වේවා විශ්ව විද්‍යාල සිසුන්ගේ අරගල වලදී හෝ වේවා මෙම කැබිනට් ඇමතිවරයා කිසිදු පෙනී සිටීමක් සිදුකොට නැති අතර රාජපක්ෂගේ මර්දන තන්ත‍්‍රයේ කීකරු ගෝලයෙක් ලෙස ඔහු කටයුතු කළේය.
දෙවනුව මෙවර ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වී සිටින්නේ අප රටේ අධ්‍යාපන අයිතිය පිළිබඳ අපකීර්තිමත් භාවිතාවකට උරුමකම් කියන දේශපාලන හවුලක් සමඟය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරණතුංග සිරිසේන මහතාගේ ප‍්‍රධානතම හවුල්කරුවන් දෙපොළයි. 1981 දී අධ්‍යාපන පෞද්ගලිකකරණය සඳහා ධවල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ රනිල් වික‍්‍රමසිංහගේ සිට අවස්ථා ගණනාවක දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තහවුරු කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ චන්ද්‍රකා කුමාරණතුංග දක්වා නායකයෝ ඉතිහාසයේ පරීක්ෂාවට ලක්වූ අය වෙති. එම පරීක්ෂාව තුළ ඔවුන් ඇති තරම් ඔප්පු කළේ ස්වකීය ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීම හැර අන් යමක් නොවන බවයි. යම් හෙයකින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැතිවරණය ජයගතහොත් ඇති විය හැකි දේශපාලන තන්ත‍්‍රයේ ප‍්‍රමුඛයින් බවට පත්වීමට නියමිත මෙම දෙපොළ සතුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇත්තේ විකිණීම හා ඊට විරුද්ධ වන සිසුන්ගේ ඔලූ පැලීම සම්බන්ධ කුප‍්‍රකට ඉතිහාසයකි.
මෛත‍්‍රීපාල සිරිසේන ස්වකීය ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පසුගිය දෙසැම්බර් 19 වන දා එලි දැක්වීය. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අධ්‍යාපනය පිළිබඳ කොටස සිරිසේන මහතාගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුලූ 1977 න් පසු බිහි වූ ආණ්ඩු අනුගමනය කළ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්තියම බව පැහැදිලිව පෙන්නුම් කරන්නකි. ‘නව අභියෝග ජයගන්නා නිදහස් අධ්‍යාපනයක්’ ලෙස ස්වකීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අධ්‍යාපනය පිළිබඳ පරිච්ඡෙදය ඔහු විසින් නම් කොට තිබේ. මෙම පරිච්ෙඡ්දය ආරම්භයේ අධ්‍යාපනයට කරන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 දක්වා වැඩි කරන බව ඔහු කියා ඇත. එහෙත් ඉන් පසු ඔහු සඳහන් කරන කරුණු අතිශය ගැටලූකාරීය.
අප නිශ්චිත උදාහරණ කිහිපයක් සලකා බලමු. විශ්ව විද්‍යාල වලට කරන බඳවා ගැනීම් ගැන සිරිසේන මහතා මෙසේ කියයි.
‘‘ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කොට විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා දරුවන් ප‍්‍රමාණය ක‍්‍රමාණුකූලව දෙගුණයක් කරන්නෙමි. එහිදී සමාජ සාධාරණත්වය සුරැුකෙන පරිදි විශ්වවිද්‍යාල ප‍්‍රවේශය නොලැබූ ඊළඟට සිටින දක්ෂතම ශිෂ්‍ය කණ්ඩායම ජාතික විශ්ව විද්‍යාල තුළටම ශිෂ්‍ය ණය ක‍්‍රමයක් යටතේ ගාස්තු අයකර බඳවා ගැනීමට කටයුතු කෙරේ.’’( ස්ථාවර රටක් - මෛත‍්‍රී පාලනයක් 41 පිටුව*
විශ්ව විද්‍යාලවලට එක් පිරිසක් ‘නොමිලේ ඉගෙන ගන්නා පදනම’ මත බඳවා ගෙන තවත් පිරිසක් ‘ගාස්තු අය කිරීමේ පදනම මත ණය ක‍්‍රමයක්’ යටතේ බඳවා ගන්නවා යන්නෙහි අර්ථය කුමක්ද? මෙය විශ්ව විද්‍යාල වල පාඨමාලා මුදලට විකිණීම රජයේ නිල ප‍්‍රතිපත්තිය ලෙස පිලිගන්නවා යන්න මිස අන් කවරක්ද? අප දිගින් දිගටම පෙනී සිටි ස්ථාවරය වූයේ අධ්‍යාපනය සමාජ අයිතියක් මිස වෙළඳ භාණ්ඩයක් නොවන බවයි. සමාජ අයිතියක් ‘ණයට දීම’ සිදු කළ නොහැක. අත් පිට මුදල් නොගෙවා පසුව මුදල් ගෙවන පදනම මත අධ්‍යාපනය ලබාදීම යනු අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමය. මේ මහින්ද රාජපක්ෂ අනුගමනය කළ, ඔබත් අපත් විරුද්ධ වූ අධ්‍යාපනය පිළිබඳ නව ලිබරල්වාදී දැක්මම මිස අන් කවරක්ද?
‘ශිෂ්‍ය ණය ක‍්‍රමය’ පිළිබඳ සිරිසේන මහතාගේ සඳහන් කිරීම් එතැනින් නතර වන්නේ නැත. පහත ප‍්‍රකාශ සලකා බලන්න.
‘‘ශාස්තීය දැනුම ලබා ගැනීම සඳහා ඉඩ ප‍්‍රස්තා නොමැති යෞවනයන් සඳහා සුදුසු විෂයක හා තරාතිරමක තාක්ෂණික අධ්‍යාපනය දිරි ගැන්විය යුතුය. දේශීය හා විදේශීය රැුකියා වෙළඳපොළ සඳහා පුහුණු තාක්ෂණික නිපුණතාවයෙන් යුත් තරුණ තරුණියන් බිහි කළ හැකි තාක්ෂණික අධ්‍යාපන ආයතනයන්ට බාධාවකින් තොරව පිවිසිය හැකි ණය පහසුකම් විධික‍්‍රම හඳුන්වා දෙනු ලැබේ.’’(41 පිටුව*
‘‘උසස් පෙළ විෂයන් 03 ක් සමත් සියළුම දෙනාට තමන්ගේ කැමැත්ත පරිදි උසස් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් දක්වා ඉගෙන ගැනීමට දිගුකාලීන සහනදායී ණය ක‍්‍රමයක් යටතේ අධ්‍යාපන ණය මුදලක් ලබා දෙනු ඇත.’’(41 පිටුව*
තාක්ෂණ අධ්‍යාපනය සඳහා ද සිරිසේන මහතාට යෝජනා කිරීමට තිබෙන්නේ ණය ක‍්‍රමයකි. මෙම ඊනියා ශිෂ්‍ය ණය ක‍්‍රමය ලංකාවට ආගන්තුක දෙයක් වූවාට ලෝකයට එය ආගන්තුක දෙයක් නොවන්නේ ඇති පදන් ශිෂ්‍යයන් පිඩවට පත්කළ නිසාවෙනි. මෙය නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක වූ බොහෝ බටහිර රටවල අත්හදා බලා තිබෙන ක‍්‍රමයකි. පසුගිය කාලයේ යුරෝපීය රටවල ශිෂ්‍ය ණය ක‍්‍රමය සම්බන්ධයෙන් බරපතල විරෝධතා මතු විය. 2014 නොවැම්බර් මාසයේ ලන්ඩනයේ දස දහස් ගණන් සිසුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැති අතර එම සිසුන් එහිදී ඉල්ලා සිටියේ පූර්ණ වශයෙන් නිදහස් අධ්‍යාපන ක‍්‍රමයකි. ශිෂ්‍ය ණය අරමුදල් පෞද්ගලිකකරණය වීම, ණය දෙන ආයතන වල වැටුප් වහලූන් බවට පත්වීමට සිසුන්ට බල කෙරී තිබීම යනාදී හේතු මත මෙම ක‍්‍රමයට විශාල වශයෙන් විවේචන ඉදිරිපත් වී තිබේ. අධ්‍යාපනය ‘අයිතියක්’ නොව ‘මිලදී ගත යුත්තක්’ ලෙස දකින මෙම නව ලිබරල්වාදී ආස්ථානය විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනුමත කරන්නේද යන්න ගැටලූවකි.
මානව ශාස්ත‍්‍ර අධ්‍යාපනය පිළිබඳ මෛත‍්‍රීපාල සිරිසේනට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි.
‘‘කලා විෂය ධාරාව හැදෑරීම සඳහා එකතුවන විශාල පිරිස වෙනුවට කුඩා පිරිසක් ඉලක්ක කරගනිමින් විශේෂඥයින් බිහිකර ගැනීම සඳහා කලා හා මානව ශාස්ත‍්‍ර විෂයන් ප‍්‍රතිසංවිධානය කෙරේ’’(41 පිටුව*
ඒ සමඟම ඔහු අධ්‍යාපනයේ දිශානතිය පිළිබඳ මෙසේ කියයි.
‘‘නවෝත්පාදන ආර්ථිකයකට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නෙමි.’’(41 පිටුව*
මේ වාක්‍ය කියවන විට සිරිසේන මහතාගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පිළිබඳ පරිච්ෙඡ්දය ඔහුට ලියා දුන්නේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක දැයි යමෙක්ට සිතෙන්නේ නම් එහි පුදුම වීමට දෙයක් නැත. කලා විෂය හදාරන ‘විශාල පිරිස’ අඩු කරනවා යන්නෙහි තේරුම මානව ශාස්ත‍්‍ර විෂයන් පාසල් හා විශ්ව විද්‍යාලයීය තලයේ දී කප්පාදුවට ලක්කිරීමය. ඊනියා නවෝත්පාදන ආර්ථිකයට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය අධ්‍යාපනයේ අරමුණ බවට පත්කරගන්නවා යන්නෙහි අර්ථය වෙළඳපොලට අවශ්‍ය ශ‍්‍රමිකයෙක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනය මෙහෙයවන බවයි. වෙළඳපොල වටිනාකම අඩු, එහෙත් ශාස්ත‍්‍රීය අගය වැඩි මානව ශාස්ත‍්‍ර විෂයන් ඒ අනුව කප්පාදු කරනු ලැබේ. ශ‍්‍රම වෙළඳපොල අවශ්‍යතා වලට අනුව අධ්‍යාපනයේ ශාස්ත‍්‍රීය පාර්ශවය කප්පාදු කිරීම අධ්‍යාපනය පිළිබඳ නව ලිබරල් ධනවාදය තුළ එන පටු නිර්වචනය තුළින් ගලා එන්නකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනයේ අන්තර්ගතය පිළිබඳ අනුගමනය කළ උක්ත ප‍්‍රවේශය ඔබ සංගමයේ දැඩි විවේචනයට ලක්වූ බව අපට මතකය. ඔබ සංගමයේ සාමාජික ඇතැම් ආචාර්යවරු මේ ප‍්‍රශ්නය සම්බන්ධව පොත පත පවා පළ කලහ.
පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ සිරිසේන මහතා නිශ්ශබ්දය. උසස් පෙළ සමත් සියලූ දෙනාට තමා කැමති උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හැදෑරීමට ණය මුදලක් දෙන බව කියද්දී, රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන බඳවා ගැනීම් ගැන පෙර සඳහන් කොට තිබෙන තත්වයක් තුළ, මුලින් කී යෝජනාව එන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගැනීම සඳහා ‘ණය දීම’ ගැනද යන ප‍්‍රශ්නය සාධාරණ ලෙස මතු වන්නේය. මෙම සැකය වඩා ප‍්‍රබල වන්නේ මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය සුරැුකීමේ දෙමාපිය සංගමයේ ප‍්‍රමුඛයෙක් වන ගැමුණු විජේරත්න යනාදීහු මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයේ පුරෝගාමීන් වී තිබෙන තතු යටතේය. පෞද්ගලික අධ්‍යාපනය ප‍්‍රතිපත්තියක් ලෙස පිලිගන්නා බවට එක්සත් ජාතික පක්ෂය ද ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබෙන අතර මෛත‍්‍රීපාලනයක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ ප‍්‍රතිපත්තිය පිළිබඳව සිතා ගැනීම ඒ අනුව අසීරු නොවන්නේය.
අධ්‍යාපනය පිළිබඳ මෛත‍්‍රීපාල සිරිසේන පෙන්වන ඉහත කී නව ලිබරල්වාදී ආස්ථානය පිළිබඳ ඔබ සංගමයේ අදහස කවරේද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ යට කී ලක්ෂණ වලට ඔබ සංගමය තරයේ විරුද්ධ වූයේය. එසේ තිබිය දී අධ්‍යාපනය පිළිබඳ එම අදහස්ම ඇතුලත් කරගත් මෛත‍්‍රීපාල සිරිසේනගේ මෙම පටු දැක්ම සමඟ ඔබ සංගමය එකඟ වන්නේද? එසේ එකඟ නොවන්නේ නම් මෛත‍්‍රීපාල සිරිසේන නෙල්සන් මැන්ඩෙලාට හා මහත්මා ගාන්ධිට සම කරමින් ඔබ සංගමය පුවත් පත් දැන්වීම් පල කරන්නේ මන්ද? හුදෙක් මෛත‍්‍රීපාල සිරිසේනව දිනවීමේ අරමුණ මත ඔබ සංගමය පසුගිය කාලය පුරා අචලව දරා සිටි අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රතිපත්තිමය මූලධර්ම ද්විතික කිරීම හෝ අත්හැරීම මොන තරම් දුරට සාධාරණද?
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය අපේක්ෂා කරන සිසුන්, ආචාර්යවරුන්, පාසල් ගුරුවරුන්, දෙමාපියන් ආදී පාර්ශව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනයට ලක් කළේ හුදෙක් මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයාගේ තිබෙන පුද්ගලික දුර්ගුණයක් නිසා නොව එම ආණ්ඩුව අධ්‍යාපනය අරභයා අනුගමනය කළ විනාශකාරී ප‍්‍රතිපත්තිය හේතුකොට ගෙනය. එම ආණ්ඩුව සරසවි ප‍්‍රජාව මත තිරශ්චීන මර්දනයක් මුදා හළේ ස්වකීය නව ලිබරල් ධනවාදී අධ්‍යාපන පිලිවෙත ක‍්‍රියාවට නැගීමට යාමේ දී ඇති වන විරෝධය මැඩ පැවැත්වීමටය. ඔහුට විකල්පයක් යැයි කියාගෙන ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන අධ්‍යාපනය සම්බන්ධව අනුගමනය කරන්නේ රාජපක්ෂගේම ප‍්‍රවේශයම නම් සිදුවන වෙනස කුමක්ද? එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමට යාමේ දී සරසවි ප‍්‍රජාව මත මර්දනය මුදා හැරීමට ඔහුගේ පාලනයකටත් අනිවාර්යයෙන්ම සිදු වන්නේය. තතු එසේ තිබියදී ඔබ සංගමය ඔහු වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම කණගාටුදායක යැයි විශ්වාස කරමු.
අධ්‍යාපනය ඇතුලූ සමාජ අයිතීන් රැුක ගත හැක්කේ කෙටිකාලීනව සිදුවන ව්‍යාජයන් තුළින් නොව අධ්‍යාපනය ඇතුලූ සියලූ සමාජ සේවා වෙළඳ භාණ්ඩ ලෙස දකින නව ලිබරල් ධනවාදී සමාජ ආර්ථික සැකැස්ම වෙනස් කිරීම තුළිනි. ඒ තුළින් පමණකි. එය දිගුකාලීන ක‍්‍රියාවලියක් විය හැක. එහෙත් අප සමාජය සම්බන්ධව වගකීම් සහගත විය යුතුය. මේ මොහොතේ අප කරන සෑම දෙයක්ම එම දිගුකාලීන ක‍්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා මිස සමාජය තුළ ව්‍යාජ විකල්ප ගැන බොරු මායාවන් ඇතිකිරීම සඳහා භාවිතා නොකළ යුතුය. කණගාටුවෙන් වුවද කිව යුත්තේ ඔබ සංගමය විසින් ජනාධිපතිවරණයේ දී ගෙන තිබෙන ස්ථාවරය එකම වැඩපිළිවෙළ වන නවලිබරල් ධනවාදය සමාජ යහපතක් සිදුවන බවට ව්‍යාජ අපේක්ෂාවක් සමාජය තුළ ජනිත කිරීමට ක‍්‍රියා කරමින් සිටින බවයි.
අප විසින් ගෙන හැර දැක්වූ මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් අප ඔබගෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු. මේ මොහොතේ ‘ජනප‍්‍රිය දේ’ වෙනුවෙන් නොව දේශපාලනික වශයෙන් ‘නිවැරදි දේ’ වෙනුවෙන් පෙනී සිටීමේ ශක්තිය සහ ධෛර්යය ඔබට ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරමු. මෙම කරුණ සම්බන්ධ කවර හෝ සාකච්ඡුාවකට අප සූදානම් බව ද වැඩිදුරටත් දැනුම් දීමට කැමැත්තෙමු.
ස්තුතියි.
නජිත් ඉන්දික
කැඳවුම්කරු
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය