රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධි පාඨමාලාව මුදලට විකිණීමට එරෙහිව හා බාහිර සිසුන්ගෙන් මුදල් අය කිරීමට එරෙහිව අද(22) එම විශ්වවිද්‍යාලයේ සිසුන් උද්ඝෝෂණයක නිරත විය. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම තම ප්‍රමුඛ කාර්‍ය්ක් කර ගනිමින් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණීම, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම කරගෙන ගිය අතර එයට විරුද්ධ වන ශිෂ්‍යයින් මර්දනය කිරීමද ඉතා හොදින් කරගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කළමණාකරන උපාධිය මුදලට විකිණීමට එරෙහි පළමු අරගලයේදීම සිසුන් විශාල ලෙස මර්දනය කල අතර ඒ සඳ දින 238ක අඛණ්ඩ අරගලයක් කිරීමට සිසුන්ට සිදු විය. මේ වන විට රටේ පාලනය බාරගෙන තිබෙන නව ආණ්ඩුවද අධ්‍යාපනය සම්බන්දව ඔහුන්ගේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීම බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලද සදහන් කර තිබුනි. එබැවින් මෙම ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට විරුද්ධවද ශිෂ්‍ය ව්‍යාපාර්යට සටන් කිරීමට සිදුවේ.